වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගුරු උපහාරයක සතුට

ගුරු උපහාරයක සතුට

ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්න

මේ අවුරුදු කාලයේ සංගීත ප්‍රසංග කිහිපයකටම ගායනයෙන් සහභාගී වීමට මට ආරාධනා ලැබුණා. පසුගිය දවස්වල අමරදේවයන් වෙනුවෙන් කළ ගුරු උපහාර උළෙලට මමත් සහභාගි වුණා. එතුමන් වෙනුවෙන් ඒ උළෙලට සහභාගිවීමට ලැබීම මගේ ජීවිතයේ මා ලැබූ භාග්‍යයක්. ඒත් සමඟම නව පරපුරේ අයගේ ගීත කිහිපයකුත් ගායනා කළා. ඒ ඔවුන්ට අත හිත දීම සඳහායි.

මේ කටයුතුත් සමඟ මම මේ මාසයේ තවත් අවුරුද්දකින් වයසට යනවා. ඒ බුදුහාමුදුරුවන් දේශනා කරන ලද ධර්මතාවය අනුව නම් අපි දිනෙන් දිනම මේ ළං වෙන්නේ මරණයට බව අමතක නොකළ යුතු කාරණයක්.