වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සොඳුරු දවසට ඇඟිලි ගනිමින්

සොඳුරු දවසට ඇඟිලි ගනිමින්

ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල්

උදා වූ අලුත් අවුරුද්දේ ප්‍රසංග කිහිපයකම ගී ගයන්නට මට ආරාධනා ලැබුණා. ඒ ප්‍රසංගවලට ගී ගයන්න ආරාධනා කිරීමට මාව අමතක නොකිරීම පිළිබඳ ඔවුනට මම ස්තුතිවන්ත වෙනවා.

පසුගිය දිනවල මගේ ගීත 16 ක් පටිගත කරලා අවසාන කළා. ටොරානා ආයතනයෙන් තමයි මගේ ඒ ගීත ඇතුළත් සී. ඩී. තැටිය කරනු ලබන්නේ. මගේ ගීතවලට ආදරය කරන රසිකයන්ට මා පවසන්නේ ඒ සී. ඩී. තැටිය නත්තල් මාසයේ ඔබ අතට පත්වීමට නියමිත බවයි.

මේ මාසයේම උපන් දිනය යෙදෙන නිසා එදාට මගේ දරුවෝ හැමෝම එකට එකතු වෙනවා. හැමෝගේම එකමුතුවෙන් ගත වෙන ඒ සොඳුරු දවස පැමිණෙනතුරු මා බලාගෙන ඉන්නේ ඇඟිලි ගනිමින්.