වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම දැන් වෙන්කට රාජම්මා

මම දැන් වෙන්කට රාජම්මා

රංගන ශිල්පිනී චංචලා වර්ණසූරිය

මම මේ දිනවල සුගත් සමරකෝන්ගේ ඇහැලේපොළ කුමාරිහාමි සිනමා නිර්මාණයේ රූගත කිරීම් සඳහා දායක වෙලා සිටිනවා. මම එහි රාජසිංහ රජුගේ බිසව වන වෙන්කට රාජම්මා චරිතයට පණ පොවන්නේ. ඊට අමතරව මොහාන් නියාස්ගේ අලුත් ටෙලි නාට්‍යයේත් ෂූටින් යොදා ගෙන තියෙනවා. තවත් අලුත් චිත්‍රපටයකටත් ලැබුණු ආරාධනාව පිළිගත්තා. ඒ වගේම යුරෝපයේ සංචාරයක නියැළෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.