වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

සිනමාවේ හා පුංචි තිරයේ දක්ෂ නළුවකු හා අධ්‍යක්ෂවරයකුªද වන ජැක්සන් ඇන්තනී කථිකත්වයේදී එය වැඩිපුර හුවා දක්වනවා නේද?

ලක්ෂ්මන් රණසිංහ

වත්තල

වර්තමාන පරමපරාවේ නළුවන් අතර සාහිත්‍ය හා කලාව පිළිබඳ වඩාත්ම පෘථුල දැනුමක් හිමි නළුවන් අතරේ එය ඉතා හොඳින් තම ග්‍රාහකයාට දැන්විය හැකි වඩාත්ම විශිෂ්ඨ වාග් මාලාවක් හිමි නළුවා කවුරුන්දැයි කවුරුන් හෝ විමසයි නම් මා දෙන එකම පිළිතුර ජැක්සන් ඇන්තනි බවයි. ඔහුගේ සාහිත්‍ය කලා පිළිබඳ දැනුම බැලීමට සිකුරාදා උදෑසන ගුවන් විදුලියේ විකාශය වන පනා පුත්‍ර වැඩ සටහනට සවන් දීම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මහා සිංහලයේ වංශ කතාව වැනි වැඩ සටහන් කිරීමේදී ඔහු කළ මෙහෙය ඉතා ඉහළ බව පවසන්නේ ජැක්සන් වෙනුවෙන් කඩේ යන්න නම් නෙවෙයි.

අපේ ප්‍රවීණ නළුවකු වන ඩී. ආර්. නානායක්කාර චිත්‍රපටවල ගීත ගායනා කර තිබේද?

වියානි ගුණවර්ධන

වෙන්නප්පුව

ඔව්. ඩී. ආර්. අම්මා, සීදේවි ඇතුළු චිත්‍රපට කිහිපයක ගීත ගායනා කළා.

වසන්ත කුමාරවිලගේ ලිපිනය ලබා දෙන්නකෝ?

පී. එන්. ඒ. නිලූකා

අවිස්සාවේල්ල.

වසන්ත කුමාරවිල
අංක 150 බී,
පමුණුගම,
අළුබෝමුල්ල,
පානදුර.

යොවුන් ජනතා පුවත්පතේ සිටි ඇන්ටන් සැම්සන් අයියා දැන් කොහිද? ඔහුගේ දුරකථන අංකය ලබා දෙන්න පුළුවන්ද?

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල.

ඒ අයියා දැන් තරුණී පත්තරේ ප්‍රධාන කර්තෘතුමා. ඔහුගේ දුරකථන අංකය 0773493792.

‘ඉපදුණේ ඇයි’ චිත්‍රපටයට ධර්මදාස වල්පොල ගයන ‘වසන්ත සමයේ මී අඹ වනයේ’ ගීතයට ගාමිණී ෆොන්සේකා රංගනයෙන් දායක විය. ධර්මදාස වල්පොලගේ හඬ ගාමිණීගේ හඬට බෙහෙවින් සමාන විය. ඔබගේ අදහස දැන ගැනීමට කැමැත්තෙමි.

මානෙල් ධර්මා ඒකනායක

මාතලේ.

ධර්මදාස වල්පොල ගාමිණී වෙනුවෙන් වැඩිපුර ගීත නොගැයුවත් ඉපදුණේ ඇයි චිත්‍රපටයේ ‘ගඟ යන්නේ කොහි ද බලා’ ගීතයත් ගායනා කළා. එහෙත් මගේ පෞද්ගලික විශ්වාසය නම් ගාමිණීට වඩා ගැළපෙන්නේ එච්. ආර්. ජෝතිපාල සහ මිල්ටන් මල්ලවාරචචිගේ හඬවල් බවයි.

ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළු - නිලි යුවළ කවුද? එහි අධ්‍යක්ෂණය කාගේද?

එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ අර්ජුන් කමලනාත් සහ අමීෂා කාවින්දි. මේ චිත්‍රපටයේ නාමාවලියේ සඳහන් වන අධ්‍යක්ෂවරයාගේ නමට ‘ටීම් වර්ක්’ ලෙස යොදා තිබුණත් අධ්‍යක්ෂණය කළේ අර්ජුන් කමලනාත් බව ප්‍රසිද්ධ රහසක්.

ජනප්‍රියතම හා දක්ෂතම නළු නිළියන් දෙපළක් වන රොබින් ප්‍රනාන්දු සහ ස්වර්ණා මල්ලවාරච්චි එකට චිත්‍රපටවල රඟපා තිබේද?

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

ඔව්. අංජානා, මුවන් පැලැස්ස අංක 2 වැනි චිත්‍රපට කිහිපයක ඔවුන් රඟපෑවා.