වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ සාකච්ඡා සරසවියට දෙන්නේ නෑ

මගේ සාකච්ඡා සරසවියට දෙන්නේ නෑ

චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ

මෙයින් ඉදිරියට සරසවිය පුවත්පත සඳහා කිසිදු සාකච්ඡාවක් සංස්ථා සභාපතිවරයා ලෙස තමා ලබා නොදෙන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා සරසවිය කතුවරයාට පැවසුවේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ උපන්දින සාදයේදී සරසවිය කතුවරයා හමු වූ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය සරසවිය පුවත්පතේ සිනමා සංරක්ෂණාගාරය පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියෙහි ඔහු පිළිබඳ කිසිදු වචනයක් හෝ පළ නොවීම එයට හේතුවයි. සභාපති මෙන්ම තමා දේශපාලකයකු හා නීතිඥයකු ලෙස ද ඔහු ඒ මොහොතේ හඳුන්වා ගත්තේය.

සරසවිය පුවත්පත පිළිබඳ සභාපතිවරයාගේ එකී තීරණය පිළිබඳ අපට ගැටළුවක් නැත. ඒ සරසවිය පනස් එක් වසරක් මුළුල්ලේ මෙරට සිනමාව හා කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටින හෙයිනි. එමෙන්ම සභාපතිවරයාගෙන් සරසවිය සාකච්ඡාවක් ඉල්ලුවේ ද නැත.