වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




දීපිකා - සෝනම් සීතල යුද්ධයක්

දීපිකා - සෝනම් සීතල යුද්ධයක්

දීපිකා පදුකෝන් සහ සෝනම් කපූර් හොඳම මිතුරියන් වීමට රන්බීර් කපූර්ට ඇති නොකැමැත්තම හේතුවක් විය නොහැකි ද? දෙදෙනා එකම වසරේ හා හා පුරා කියා බොලිවුඩයට දොරට වැඩීම තවත් හේතුවකි. එහෙත් මේ සියල්ල අබිබවා ඔවුන් අතර සීීතල යුද්ධයක් ඇරැඹී ඇත. ඒ ගැන සක්සුදක් සේ දැනගන්න ලැබුණේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී සෝනම් පැවසූ කරුණු නිසයි.

සෝනම් කපූර්, දීපිකා පදුකෝන්ට එරෙහිව කතා කරන්නේ හිටපු පෙම්වතා රන්බීර් ‘යේ ජවානි හෛ දීවානි’ සිනමාපටයේ දීපිකා සමඟ රැගූ නිසා සහ රන්බීර්ගේ උපන් දින සාදයට තමන්ට නැතිව දීපිකාට ආරාධනා කළ නිසා ද කියා නම් කිසිවකු නොදනී. කෙසේ වුවත් සෝනම් මෙහි දී දීපිකාගේ ඇඳුම් විලාසිතා විවේචනය කර ඇත. ඒ වාගේම කත්‍රිනා කායිෆ්ගේ විලාසිතා සහ කිසිවකු අනුගමනය නොකර යන සිනමා ගමන වර්ණනා කර තිබේ. කත්‍රිනාගේ ගුණ වැනීම ම දීපිකා ගැන සෝනම්ගේ සිතේ ඇති නොකැමැත්තට තිබෙන හොඳම සාක්ෂියකි.