වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කොස්තාපල් පුඤ්ඤසෝමත් එක්ක

කොස්තාපල් පුඤ්ඤසෝමත් එක්ක

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ උදය කාන්ත වර්ණසූරිය

මගේ කෝස්තාපල් පුඤ්ඤසෝම කියන අලුත්ම චිත්‍රපටය මේ මැයි මාසේ 02 වැනි දා රිලීස් වෙනවා. ඒ නිසා මේ දවස්වල වැඩියෙන්ම මම ගතකරන්නේ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුත් එක්ක.

මොකද චිත්‍රපටය තිරගත කරගන්න වගේම බෙදා හැරීමටත්, ප්‍රචාරණ කටයුතුත් සඳහාත් විශේෂ අවධානයක් යොමු කරන්න සිදුවෙනවා. ඒ නිසා මම තරමක් කාර්යබහුලයි. ඒ මේ සතියේ මම විදේශ ගතවෙන්නත් සූදානමින් තමයි ඉන්නේ.