වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

ප්‍රතිචාර පිටුවට ඔබේ අදහස් එවන්න. තැපැල් හෝ සටහන් පත් මඟින් නම් ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10. කෙටි පණිවුඩ මඟින් නම් 0752805047

නිළි රැජනයනි

පුංචි බබෙක් වී ලක් මෑණියගේ පිනට උපන් ඔබතුමිය ගුවන් තලයේ සිට මිහිතලයට ආකාස කුසුම් වසීවා. මුළු විශ්වයේම සැමගේ පැසසුම් ලබා රන් සම්මාන ලැබුවාය. එනමුදු රසිකයන් වූ අප නිළි රැජනකගේ සිරස මත දීප්තිමත් රන් කිරුළක් පළඳවා ඇති බව නොරහසකි.

මල්ලිකා අබේසේකර

කඳවල

මහ ගෙදර වෙළෙඳ සේවයට

1924 ආරම්භ කළ ගුවන් විදුලිය හැදියාවක් ඇති සේවාවකි. එදා පටන් අද දක්වා නොවෙනස්ව අපට රස වින්දනය ලබා දෙන්නේ එය පමණි.

වියාණි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

සුනිල් නැතිව

ප්‍රසංග වේදිකාව රසවත් කළ සුනිල් පෙරේරා එයින් ඉවත් වෙලාද? පාලුයි අනේ වෙන අයගේ බයිලා අහලා එපාවෙලා.

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

දකුණු පළාතේ සිනමා තාරකාවිය

ගීතා කුමාරසිංහ මැතිනියට,

මෙවර දකුණු පළාත් සභා මැතිවරණයේදී මන්ත්‍රීවරියක් වීම ගැන හෘදයාංගම සතුට ප්‍රකාශ කරමි.

දයානන්ද ද සිල්වා

චිත්‍ර ශිල්පී

හික්කඩුව

ජගත් ඔහොම යං

සැමීගේ කතාව අදයි මා බැලුවේ. ජගත්ට එම ජගත් සම්මානය හිමි වීම එතරම්ම පුදුමයකට කරුණක් නෙවෙයි. එය ඔහුට ලැබිය යුතු දෙයක් වග මා අවධාරණයෙන් කියන්නට කැමැතියි. ඔහුගේ රංගනය ආරම්භ කළ තැන අද සසඳා බලද්දී ඔහු බොහෝ දුර ඇවිත්. ජගත් පුතේ ඔහොම යං. ඔහොම යං.

කමලා සෙනෙවිරත්න

හෝකන්දර

හෙන්රි ප්‍රියශාන්තට පිහිට වෙමු

පුරා දශක හයකට ආසන්න කාලයක් වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, කලා රසිකයකු පමණක් නොව මාධ්‍යවේදියකු ලෙස මෙන්ම, පුරා වසර විසි හයක් රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ සභාපතිවරයා ලෙස ද ක්‍රියාකාරීව නමක් හිමි කරගත් හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් නම් හිත හොඳ මිනිසා ඇසක ඇතිවුණ ආබාධයක් නිසා පසුගියදා සැත්කමකට භාජනය කරන ලදී. ඔහු දැනට සිටින්නේ මානසිකව වගේම ශාරීරික ද අසරණ තත්ත්වයකය. ඔහුගේ ආර්ථික මට්ටම ද යහපත් නැත. හිතවතුනි ඔහුව තවත් අසරණ නොකොට සරණක් වෙමු.

ලක්ෂ්මන් රණසිංහ

වත්තල

ගාමණීට පසු

ගාමණී චිත්‍රපටයෙන් පසුව සරත් වීරසේකරයන්ගේ නිර්මාණ හැකියාව නව ආරයකින් දැක ගැනීමට අප ඉමහත් ආසාවෙන් පසු වෙයි. පමා නොවී සිනමාවත් දේශපාලනයත් සමබරව කරගෙන නව නිර්මාණයක් ගෙන එන්න.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

සරසවියට පනස් එකයි
සිනමාවට හැට හතයි
දේශයේ කලා පුවත්පත ඔබයි
නව නළු රස එක්වුණයි

ඩඩ්ලි ගෝමස්

රෝෂිණී ගෝමස්

කටුබැද්ද

පැනයක් නමට ගෙන  තැනුණ චිත්‍රපට

වෙන ස්වර්ගයක් කුමටද?

දෙවියනි ඔබ කොහිද?

සැනසුම කොතැනද?

ජය කොතැනද?

වරද කාගේද?

දරුවා කවුද?

දිනුම කාගෙද?

කවුද රජා?

කවුද බොලේ ඇලිස්?

ඔහොම හරිද?

මෙහෙම හරිද?

කොහොමද වැඩේ?

ඉපදුණේ ඇයි?

මොකද වුණේ?

දැන් මතකද?

පේනවා නේද?

මේ දෑස කුමටද?

ඇය වැරදිද ඔබ කියන්න?

යුක්තිය ද ශක්තියද?
 

ලියා එව්වේ

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

කලා ලොව බබලන සරසවියට සුබපැතුම්!

දුකින් පිිරි සිත් සතන් සතුටින් පුරවන්නට, කලා ලොව රස තොරතුරුවලින් පිරි පුවත්පතක් ලෙස සතිපතා අප අතරට පැමිණෙන ‘සරසවිය’ කලා සංග්‍රහයට වසර 51 ක් සපිරෙන මේ මොහොතේ, දිගු කලක් සරසවිය හැ බැඳි රසිකයෙක් ලෙස හෘදයාංගම සුබපැතුම් එකතුª කරමි. කලා ලොවට පා තබන්නන්ට සරසවිය ලබා දුන් අත්වැලද කියා නිම කළ නොහැකි ප්‍රශංසනීය මෙහෙයකි.

එච්. එම්. කපිල ජයවිලාල් හේරත්

සිල්වඩේල් වත්ත

පහළ කළුගමුව

කුලියාපිටිය

සුභපැතුම්

වසර පනස් එකක් අඛණ්ඩව ඉදිරියට ආ සරසවිය පුවත්පතට මාගේ උණුසුම් සුභපැතුම්.

සරත් රණසිංහ

මාළිඳ

කපුගොඩ

සරසවියට ආසිරි

ඔබකල දිවිය සපුරා දැනුමෙන් සරුව
සිනමා අඹර පෑයූ ඉරබට තරුව
අඟ හිඟ නැතිව සිනමා සිතුවිල  පිරුව
සමරමි නමැද සරසවියේ පත් ඉරුව

සතියෙන් සතිය අපමණ අදහස් පේවී
මොහොතින් මොහොත සැම හදවතකට යාවී
පිටුවක් නෑර කියවන හැඟුමන් ගෑවී
යහතින් තවත් වැජඹෙනු ‘සරසවි’ දේවී

සමන් ගාල්ලගේ

කැටපල

ගනේගොඩ

*********************************************************************************

S.M.S

උදිත් ඔබ සැබෑ දක්ෂයෙක්

මල්දෙවැට, සිහිනයකි ජීවිතේ, පුංචි වලව්ව වැනි ටෙලි නාට්‍ය තුළින්ද අනිත්‍යා, වස්සානේ සෙනෙහස යන චිත්‍රපට ඔස්සේ ද ප්‍රේක්ෂක අපට සමීප වූ උදිත් අබේරත්න අයියේ ඔබ මං දකින විදිහට සැබෑම දක්ෂයකි.

නිලූකා

අවිස්සාවේල්ල

චංගුමී අපේ සිත්වල සදාකල් මතකයේ

සුජාත දියණිය නිමා වුවත් එහි ජීවත් වූ චංගුමී සදාකල් අප මතකයේ රැඳීී සිටියි.

නදීරා, ගයාෂි, දිලිනි, දිල්කි, අහිංසා

ගම්පහ

රන්තරු දෙවැන්න ඕනෑ

දුකේ බෑ අනේ, වන්දනාගෙයි තිවංකගෙයි ආදර කතාව දකින්නේ නැතුව. රන්තරු හි දෙවැන්නත් අපට ඕනෑ.

චන්ද්‍ර කාන්ති

මිරිස්වත්ත

සැමීගේ කතාව හොඳයි. නමුත් ප්‍රේක්ෂකයින් ගෙන්න ගන්න පුළුවන් නිර්මාණයක් නොවීම ගැන කනගාටුයි.

සමන් ශ්‍රී පෙරමුණුගම

බිංගිරිය

උදාරි වර්ණකුලසූරිය අපේ ආදරණීය සංසලායි. ඇය රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී විකාශය වීමට ඇති බව ඇය මාධ්‍යයන්ට දන්වා තිබුණි. උදාරිව පුංචි තිරයෙන් දකින් තුරු මම නොඉවසිල්ලෙන් පසුවෙමි.

ලක්මාලි

වරකාපොළ

සිටි ක්‍රික් බෑන්ඩ් එකේ සංජීව, මලිත් අයියලා සිංදු කියනවා බලන් ඉන්න ආසයි. ඔයාලගේ දොයිය බබා ගීතයට මං ගොඩාක් කැමැතියි.

ප්‍රියදර්ශනී

නාත්තණ්ඩිය

අපිට දැන් මෙගා එපා වෙලා. එකම දර්ශන තලය, එකම කතාව, එකම නළු නිළියෝ, ඇත්තටම දැන් අප්පිරියයි. ඉස්සර වගේ කොටස් පහළොව විස්සේ නාට්‍ය හදන්න යැයි මම ඉල්ලා සිටිමි.

විල්සන්

නුවර

මුතු තරංගා අපට සිටින දක්ෂතම නිළියක් බව මට සිතුණේ ගාමණී සිනමාපටය නරඹද්දීය. එනමුත් ඉන් පසුව ඇය සිනමාවට වැඩිපුර දායක වනු මා දුටුවේ නැත. මුතුගේ රුව වඩාත් උචිත සිනමාවටය.

මහේෂ්

පොල්ගහවෙල

නළු නිළියෝ ඡන්දෙන් දිනුවට පස්සේ කලාව මෙන්ම රසික රසිකාවන් ද අමතක කරයි ද දන්නේ නැහැ.

වෙනුරි

ගම්පහ

මේ දිනවල අලංකාර රූප රචනා (මියුසික් වීඩියෝ) කිහිපයක්ම විකාශය වනු මා දුටුවා. එවායින් සමහර ඒවා ඉතා විශාල ලෙස මුදල් වියදම් කොට තියෙනවා. ඒ වගේම ඒවා ඉතාම නිර්මාණශීලීය. එම නිර්මාණකරුවන් සිනමාවට පැමිණෙනවා නම් හොඳ සිනමා නිර්මාණ කිහිපයක් බිහි වෙවි.

හෂී

පිටකෝට්ටේ

රන්තරු ටෙලි නාට්‍ය ඉක්මනින් නිමාව දුටු එක ගැන මට හරි දුකයි. මා හිතුවේ එය තව කොටස් පනහක්වත් විකාශය වෙයි කියලා.

සුමුදු

කොළඹ 15

වරිග පොජ්ජ මම නැරැඹුවා. එය ඉතාම හොද චිත්‍රපටයක්. පොඩි පොඩි අඩුපාඩු තිබුණත් එය අගය කළ හැකියි.

කරුණාරත්න

බියගම

ජයග්‍රහනය ඇත්තේ පරාජය ලැබූ තැනය. මධුමාධව ඔබ සැලෙන්න එපා. මං ඉන්න ප්‍රදේශය අයිති ගම්පහට නොවන නිසා ඔබට ඡන්දය දෙන්න බැරි වුණා.

ලක්මාලි

වරකපොළ

අමරසිරි පීරිස් නම් ඔහුගේ හඬ එන්න එන්නනම තරුණ වෙනවා. ඔහු නම් සැබෑම සුපිරි තරුවක් කියලා මම පවසන්නේ ඔහුගේ රසිකයකු හින්දා නොව අමරසිරි ඇත්තටම දක්ෂයකු නිසා.

ශානිකා

මාකොල

මොරටුව කලා පුර වගේ වයෝවෘද්ධ කලාකරුවන්ටත් ඉන්න ගම්මානයක් හදන්න කියලා මම නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. එවිට කලාකරුවන් ජීවිතයේ සැඳෑ සමය සුන්දරව ගෙවාවි.

ඉසුරු

මාකඳුර

කිංස්ලි පීරිස්ට සමාන හඬක් තියෙන ගායකයෙක් ඉන්නවා. ඔහු ඇරෝස්ටාර් සංගීත කණ්ඩායමේ ශලින්ද පෙරේරා. ශලින්ද නන්දා මාලිනීගේ ගීත ප්‍රසංග වේදිකාවේ ගයනු මා දුටුවා. ඔබට දිගුª ගමනක් යාමට අවශ්‍ය නම් ඔබේම ගීත ටිකක් හදා ගන්න.

සුනිල් අත්තනායක

වේරහැර

අපි අවිවාහකයි යනුවෙන් හිතන නළු නිලියන් විවාහකයි කියලා දැනගන්නේ ඉන් ඇතැමුන් දික්කසාද වෙද්දී. අනේ මෙහෙත් නළු නිළියෝ.

මොහොමඩ් ෆායිම්

වත්තේගෙදර

ඩැඩී බෑන්ඩ් එක ගයන අලුත් ගීයක් මේ දවස්වල ඇහෙනවා. මට දැනෙන්නේ ඒක ගීතයක් නොව කන්දොස්කිරියාවක් හැටියටයි.

රුවන්

රත්මලාන