වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සූරිය භානු ගේ කටයුතු

සූරිය භානු ගේ කටයුතු

අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර

මම මේ දවස්වල සූරිය භානු ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සමඟ තමයි කාලය ගත කරන්නේ. ලබන මැයි මාසයේදී මගේ කුළුඳුල් සිනමා නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

මේ දවස්වල එහි පූර්ව නිෂ්පාදන කටයුතුවලටත් කාලය වෙන් කරලා තියෙනවා. ඒ වගේම වර්තමාන ටෙලි නාට්‍ය ගමන් මඟ පිළිබඳ කෘතියකුත් රචනා කරමින් සිටිනවා. එය ලබන ජූලි මාසයේදි විතර එළි දක්වන්න සූදානම් වෙනවා. ඒ හැරුණාම එදිනෙදා ජීවිතය සුපුරුදු විදියට ගත කරනවා. මේ සතියේ මගේ උපන් දිනය යෙදී තියෙනවානේ. එදාට බෞද්ධ සම්මේලනයේ වැඩිහිටි නිවාසයට දානයක් පිරිනමන්නත් කටයුතු සූදානම් කරලා තියෙන්නේ.