වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




බිරිය

ජීවන්ගේ අලුත්ම බිරිය

රංගන ශිල්පිනී මීනා කුමාරි

මේ දවස්වල විකාශය වන තරුමලී ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අවසානයි. ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 7.30 ට ආරම්භ කළ ‘වරා මල්’ ටෙලි නාට්‍යයෙහි වෙනස්ම චරිතයකට මා පණ පොවනවා.

ඒ අතර මම රඟපෑ අනුර මාධව ජයසේකරගේ ‘සූරිය භානු’ කියන ටෙලි නාට්‍යයේ පළමු අදියරෙහි රූගත කිරීම් අවසානයි. එහි මා ජීවන් කුමාරතුංගගේ හෙවත් සූරිය භානුගේ බිරිය ලෙස රංගනයෙන් දායක වෙනවා. මේ ටෙලි නාට්‍යයේ ඊළඟ අදියරෙහි රූගත කිරීම් ළඟදීම නැවතත් ආරම්භ කරාවි. මගේ ජීවිතයට විශේෂිත වූ දිනයක් එළැඹෙන මේ මාසයේ දුව ඇතුළු අපි සියලු දෙනාම පුංචි නිවාඩුවකටත් එක්ක අනුරාධපුරයෙත්, කතරගම යන්නත් අදහස් කරගෙන සිටිනවා.