වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අයිශ් නැවතත් සිනමාවට

අයිශ් නැවතත් සිනමාවට

ශ්‍රී දේවියගේත්, කාජල්ගේත්, මධුරි ඩික්සිත්ගේත් සිනමාවේ දෙවැනි ගමනට පසු අයිශ්වර්යා රායිගේ පුනරාගමනය සිදු වන්නීය. ඇය සිනමාවට පිවිසියේ මනි රත්නම් ගේ ‘ඉරුවර්’ සිනමාපටයෙනි. ඇය දෙවැනි ඉනිම අරඹන්නේ ද මනි රත්නම්ගේම සිනමාපටයකිනි. ත්‍රාසජනක සිනමාපටයක් වන එහි ඇයගේ පෙම්වතා වන්නේ අභිෂේක් බච්චන් නම් නොවෙයි. නාගර්ජුන හා මහේෂ් බාබු මෙහි ප්‍රධාන භූමිකාවලට පණ දෙති.

ඈෂ්ගේ දෙවැනි ගමන මනි රත්නම්ගේ බිරිය සුහාසිනි නිල නොවන මට්ටමින් සනාත කර තිබේ. සෘති හසන් දෙවැනි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නීය. ඇයගේ දෙවැනි සිනමා ගමන ගැන බොහෝ කතා මේ වන විට පැතිරී ගොස් අවසන්ය. එහෙත් මනි රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ බිරිය පවසන කතාව ඒ සියලු කතාවලට වඩා සැබෑවක් විය හැකිය.