වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




වස විස නැති ආහාර වේලක්

වස විස නැති ආහාර වේලක්

රංගන ශිල්පි චින්තක කුලතුංග

මේ දවස්වල නම් මම කලා කටයුතුවලට වැඩිය දායක වුණේ නැහැ. ඒ වුණත් මම රංගනයෙන් දායක වුණු ගිරිකුළ සහ ඉසිවරණ ටෙලි වෘත්තාන්ත විකාශය වෙනවා. ඒ හැරුණාම මම වෙනත් විශේෂ වැඩ කටයුත්තක් ආරම්භ කරමින් මේ දවස්වල සිටින්නේ. මම හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධව කටයතු කරන නිසා ඒ අංශයෙන් තමයි මෙය සිදු කෙරෙන්නේ.

වස විස නැතිව කාබනික පොහොර පමණක් යොදා වගා කෙරෙන එළවළු යොදා ආහාර සැකසීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙරට ජනප්‍රිය සුපවේදීන් සහභාගි කරවාගෙන සිදු කරන්නට නියමිත මේ කටයුත්තෙන් ජනතාවට ඉතාමත් සුරක්ෂිත පෝෂණීය ආහාර ලබා ගන්න අවස්ථාව ඉදිරියේදී උදාවේවි. ඊට අමතරව ලබන මැයි මාසයේදී අලුත් ෆිල්ම් එකත් ෂූටින් තියෙනවා.