වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් අම්මා

අලුත් අම්මා

මේ ආදරණීය බොලිවුඩ් යුවළ ගණනාවක්ම මාපිය වරමේ සතුට විඳින කාලයකි. නිල වශයෙන් දැනුම් දී නැතත් ජෙනේලියා ඩි සූසා අලුතින්ම මවු පදවිය ලබන්නට යන තාරකාවයි.

ජෙනේලියා, රිතීෂ් දේශ්මුක් සමඟ විවාහ වූයේ 2012 වසරේ පෙබරවාරි 3 වැනිදාය. දිගුකාලීන සෙනෙහස මල්පල දරා දෙවසරක් සපිරෙන විට, මාපියන් වී ඒ සතුට දෙගුණ කර ගැනීමට දෙදෙනා වාසනාවන්ත වී ඇත. ඇයගේ ඉදිරියට නෙරා එන කුඩා උදරය දැක තිබෙන්නේ රිතීෂ් දේශ්මුක් ගේ ‘යෙලෝ’ මරාති සිනමාපටයේ මුහුරත් උළෙලේදීය.