වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සුදු රෙදි හොරු සමඟ

සුදු රෙදි හොරු සමඟ

ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සංජය ලීලාරත්න

ළඟදීම මගේ දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මා සිතාගෙන සිටිනවා. එහි මුලික කාර්යය වුණු තිර පිිටපත ලියලා අවසන් වුණේ මේ පසුගිය සතියේ. මගේ නිර්මාණ අතර මේ චිත්‍රපටය තරමක වෙනස් චිත්‍රපටයක් වේවි කියලා මම විශ්වාස කරනවා.

ඒ මේ චිත්‍රපටයේ සියයට පනහක්ම නිර්මාණය වෙන්නේ ඇනිමේෂන්වල උදව්වෙන් වීම නිසයි. ඒ වගේම ‘සුදු රෙදි හොරු’ කියලා වේදිකා නාට්‍යයකුත් මා අධ්‍යක්ෂණය කරනවා.

ඒ පිටපතට පාලන මණ්ඩලයෙන් අවසරය හිමි වුණා. ඒ සඳහා සමන් හේමරත්න, කෞෂල්‍යා, සුදත්ත තිලකසිරි, සරත් දික්කුඹුර කියන රංගන ශිල්පීන් රඟපෑමෙන් සහභාගිවීමටත් නියමිතයි. ඒ අතරම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් මම මේ දවස්වල සූදානම් වෙනවා.