කියවිය යුතුයි
කියවිය යුතුයි
නාට්‍යවේදියකු මෙන්ම ග්රන්ථ කතුවරයකු ද වන ධර්මජිත් පුනර්ජීව රංගනය පිළිබඳ
ග්රන්ථයක් රචනා කරලා. එය නම් කොට තිබෙන්නේ චේතනාව රඟපෑමේ ශ්‍රමය සහ ඊට හිමි විය
යුතු අගය යනුවෙන්. කාලයක් රංගන ක්ෂේත්රය තුළ නිහඬව නිර්මාණකරණයේ යෙදෙන ධර්මජිත්
මෙම ග්‍රන්ථය ඔස්සේ කතා කරනුයේ රංගනය පිළිබඳ වෙනමම පැතිකඩකි. එය ඔහුගේ වචනවලින් නම්
මෙසේය.
'රංගනය පිළිබඳ වැඩි දෙනෙකු හිතාගෙන ඉන්නේ එය ජනප්‍රිය කලාවක් හැටියට. ඒ අතරේ ඇතැම්
අය තමන් කැමැති නළුවන්ව අනුකරණය කරන්නට පෙලඹෙනවා. මේ පොත හරහා මං ගෙනහැර පාන්නේ
රංගනය ඊට ගැඹුරින් තිබෙන කලාවක් හැටියටයි. රඟපෑමට ශ්‍රමය වැය කිරීමක් ද අවශ්‍යයි.
එය චලන රටා දැක්වීම නොව අභ්‍යන්තරයෙන්ම ප්රාගුණයට පත් කළ වෘත්තීමය රඟපෑමක් විය
යුතුයි. එබැවින් නව පරපුරේ නළු නිළියන් මෙම ග්‍රන්ථය පරිශීලනය කරන්නට යැයි මා
ඉල්ලීමක් ද කරනවා'.
ධර්මජිත් අවසානයේ කියපු දේ නම් ඉටු වේවි කියාලා හිතන්නට අමාරුයි. මොකද ඇතැම් නව
පරපුරේ නළු නිළියන්ට වැදගත් දේවල්වලට වෙලාව අඩුයිනේ.
|