|
අක්ෂේ කුමාර් වැසිකිළියක පේ‍්‍රම කතාවක
ඉන්දියානු චිත්‍රපට ගැන බොහෝ සුන්දර කතා මීට පෙර මෙම පිටුවේ පළ වුණා. අද මේ කතාව නම් එතරම් සුන්දර එකක් නොවන බව ඇරඹුමේදීම කිව යුතු කරුණක්. මෙම කතාවට පදනම වී ඇත්තේ, ඉන්දියානු වැසියන් අතර අදටත් පවතින එක්තරා අශෝබන සිරිතකි. බීබීසි වෙබ් අඩවිය පවසන පරිදි 2014 වසරවන විටත් ඉන්දීය ජනගහනයෙන් කෝටි 50ක් ජනයා තම ශරීරකෘත්‍ය සිදු කරන්නේ, කාණුවල, පදුරු පිටුපස, ගංගා ඇළ දොළ සහ වෙනත් එළිමහන් ස්ථානවල බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත. තවද යහපත් සෞඛ්‍යයට තර්ජනයක් වී ඇති මෙම පුරුද්ද තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට 2014 වසරේ ඉන්දීය මහ මැතිවරණයට තරග කළ ප්‍රධාන පක්ෂ දෙකම තම මැතිවරණ පොරොන්දු පවා දී තිබුණි. එවකට භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි සිය මැතිවරණ ව්‍යාපාරයේදී මෙම වැඩපිළිවෙළ "Toilets first, temples later" යනුවෙන් ප්‍රචාරය කළ අතර වර්තමානයේ 'ස්වච් භාරත් අභියාන්' නම් වැඩසටහන යටතේ මෙම අරමුණ ක්‍රියාවට නැංවේ. අගමැතිවරයාගේ මෙම වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා දැන් රිදී තිරයේ සිනමා නිර්මාණයක්ද දිග හැරෙන්නට නියමිතය. ශ්‍රී නාරායන් සිං විසින් අධ්‍යක්ෂණය කෙරුණු එය Toilet: Ek Prem Katha නම් වේ. අරුණ භාතියා සහ ශීතල් භාතියා ඇතුළු හය දෙනෙකුගේ නිෂ්පාදනයෙන් එළි දකින Toilet: Ek Prem Katha ජනප්‍රිය නළු අක්ෂේ කුමාර්, භූමි පෙඩ්නෙකර්, අනූපම් ඛේර් සහ සානා ඛාන් ඇතුළු පිරිසකගේ රංගනයෙන් ඔපවත් වී ඇත. හෙට (අගෝස්තු 11) සිට ලොව පුරා තිරගත කෙරෙන Toilet: Ek Prem Katha නිෂ්පාදනයට ඉන්දීය රුපියල් කෝටි 18ක් වැය වී තිබේ. ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පවසන අන්දමට අක්ෂේ කුමාර් විසින් පණ පොවන ප්‍රධාන චරිතය හෙවත් කේෂව් මුදල් ගෙවා පරිහරණය කරන වැසිකිළියක හිමිකරුවෙකි. ඔහු නගරයේ මුඩුක්කු නිවාසයක වෙසෙන තරුණියක වන ජයා විවාහකර ගනියි. කේෂව් සහ ජයා එක්ව මෙතෙක් කාලයක් තමන් අවට ජනයා අතර පවතින ඉහත කී නරක පුරුද්ද ඉවත් කිරීමට ගෙන යන අරගලය Toilet: Ek Prem Katha ඔස්සේ දිගහැරේ. තවද දහනව වියැති මනාලියක් සිය සැමියාගේ නිවසේ වැසිකිළයක් නොමැති වීම හේතුවෙන් මංගල රාත්‍රියේදීම විවාහය අතහැර පැනයාමේ සත්‍ය පුවතක් සමඟින්ද මෙම චිත්‍රපටය බැඳී ඇති බව බොලිවුඩ් ආරංචි ගෙන එයි. Toilet: Ek Prem Katha චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය නිකුත් කෙරුණේ ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ප්‍රධානත්වයෙනි. එයින් පසු ඔහු තම ට්විටර් පිටුවේ සටහනක් තබමින් පැවසුවේ කෝටි 125ක් වූ ජනතාවට එකට එකතු වී පිරිසිදු ඉන්දියාවක් නිර්මාණයට මෙය කදිම ආදර්ශයක් වනු ඇති බවයි. විකී ප්‍රසාද්, මනාස් ශීඛර්, සචෙත් පරම්පරා විසින් සංගීත නිර්මාණය කර ඇති මෙහි සෝනු නිගම්, ශ්‍රෙයා ගෝෂාල්, සුඛ්වින්දර් සිං, සුනීධි චෞහාන් ඇතුළු පිරිසක් ගීත ගායනයෙන් එක් වී ඇත. එසේම මෙහි ප්‍රධාන කාන්තා චරිතය වන ජයාගේ චරිතයට පණ පොවන භූම් පෙඩ්නෙකර් ගැනද යමක් සඳහන් කළ යුතුමය. තිස් දෙහැවිරිදි ඇය බොලිවුඩයට පිවිසියේ 2015 වසරේ Dum Laga Ke Haisha චිත්‍රපටයෙනි. එහි රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් හොඳම නැඟි එන නිළිය සම්මානය ඇතුළුව හොඳම නැඟීඑන නිළියට හිමි සම්මාන පහකට හිමිකම් කීවා. Toilet: Ek Prem Katha භූමිගේ දෙවැනි සිනමා රංගනය යි.
|