බොරු කියන්න එපා
බොරු කියන්න එපා
පසුගිය දිනෙක එක්තරා අසුබ ආරංචියක් රිතු ආකර්ෂා ගැන පැතිර ගියා. ඒවා සියල්ල පළවෙලා
තිබුණේ පුවත් වෙබ් අඩවිවල. එම ආරංචිවලින් කියැවුණේ රිතු ආකර්ෂා ඩෙංගු හැදිලා මෙලොව
හැර ගිය බවක්. මේ වග ආරංචි වෙච්ච ක්ෂේත්රයේ බහුතරයක් කලබල වෙලා අපෙන් විස්තර අහන්න
පටන් ගත්තා. ඒ නිල වශයෙන් එම ආරංචිය ඇත්තක් නොවන වග දන්නා නිසා. අපිත් ඒ ආරංචිය ගැන
හොයලා බැලුවේ රිතු අපටත් ළෙංගතු කලාකාරිණියක් නිසයි. එම ආරංචිය බොරු එකක් වග පසුව
අපට පසක් වුණා. ඒත් ඇතැම් වෙබ් සයිට් ඇස් උඩ තියන් පවසලා තිබුණේ රිතු මියගිය බවයි.
රිතු ළඟදී රඟපෑව මියුසික් වීඩියෝවක චරිතයේ හැටියට එහි රිතු ඩෙංගු හැදිලා මැරෙනවා.
මේ සිදුවීම අළලා එම වීඩියෝව ප්රමෝට් කිරීමේ අරමුණිනුයි මෙලෙස එම පුවත පළ කර
තිබුණේ. නමුත් එහි කොතැනකවත් රිතු ගැන ආරංචිය බොරුවක් යැයි සඳහන් කොට තිබුණේ නැහැ.
නිළිය මරලා හරි වීඩියෝව ප්රමෝට් වෙනවා නම් එච්චරයි නේද. ඔන්න අපේ කට්ටියගේ වැඩ.
|