|
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
කන්දක් සේමා ළඟදීම රිදී තිරයේ
සුමිත්‍රා රාහුබද්ධගේ සම්මානනීය නවකතාවඅශෝක ආතවුදහෙට්ටිගේ චිත්‍රපටයක්
වෛද්‍යවරයකු හමුවට යාමට මසායා සාන්ව පොලඹවා ගන්නට සමත් වෙයි. නූපාගේ පිළිසිඳ ගැනීමත් සමඟම වෙනස් වන මසායා සාන් ඇය කෙරෙහි මෙන්ම උපදින්නට ඉන්නා දරුවා වෙනුවෙන් ද මහත් උනන්දුවෙන් කටයුතු කරයි. දරුවා කසුම් ලෙසින් උපත ලබයි. අගහිඟකම් තිබුණ ද දරුවා සමඟ හොඳින් ජීවත්වීමට දෙදෙනාම උත්සාහ ගනියි.
සුමිත්‍රා රාහුබද්ධගේ ජනප්‍රිය නවකතාවක් ඇසුරින් අශෝක අතාවුදහෙට්ටි සිනමා නිර්මාණය ‘කන්දක් සේමා’ ළඟදීම රිදී තිරයේ දිගහැරෙනු ඇත. නූපා ඉතා ළාබාල වයසේදීම ප්‍රේම සම්බන්ධයක පැටලෙයි. එය අවසන් වන්නේ සිය පෙම්වතා වන ජයනාථ නිසා ඇය ගැහැනියක වීමෙනි. ඇය නොබෝ දිනයකින් ගැබ් ගනී. ජයනාථ සමඟ ඉක්මනින් විවාහ වීම ඇගේ අවශ්‍යතාවය වුවත් ජයනාථට අවශ්‍ය වන්නේ ඉක්මනින්ම එම ගර්භයෙන් නිදහස්වීමටයි. එය එසේ සිදු වෙයි. සමාජ හා සංස්කෘතික අගයන් හේතු කොටගෙන තමාට වෙනත් විවාහයක් කර ගැනීමේදී මහත් අපහසුතාවයකට මුහුණදීමට සිදුවන බව සිතන නූපා අවසනදී විවාහ ඒජන්තයකු වන විලේගොඩ මාර්ගයෙන් තමාට වඩා බෙහෙවින් වැඩිමහලු ජපන් ජාතිකයකු වන මසායා සමග හදිසි විවාහයකට ඇතුළත්ව ජපානයේ සුන්දර සිහින දකින්නට පෙරුම් පුරයි. විවාහයෙන් පසුව ඇය ජපානය බලා පිටත් වෙයි. මසායාගේ පැරණි හුදකලා නිවස දකින නූපාගේ සිහින සියල්ලම බිඳ වැටෙයි. නූපාගේ කර්කෂ ජීවිතය එසේ ආරම්භවන අතර වැඩි කතාබහකින් තොර මසායා සිය තරුණ බිරිඳ ගේ අවශ්‍යතා හෝ ඇගේ තනිකම පිළිබඳව වැඩි අවධානයකින් තොරව සිය පුරුදු ජීවිතයම ගත කරයි. ඇය මසායාගේ විරෝධය මැද ජපානයේ නීගතාවේ පරිසරය සොයා යයි. මේ අතර ඇයට චිත්‍ර ශිල්පිනියක වන සොරා සාන් හමුවෙයි. සොරා සාන් නූපාට මවක මෙන් කරුණාව දක්වන අතර ඇයට ගුරුහරුකම් දෙමින් නූපාගේ හිතවත්ම මිතුරිය වෙයි. මසායා මේ ඇසුරට කැමැත්තක් නොදක්වයි. තමාට දරුවෙක් ලැබිය යුතු යැයි නූපා සිතන නමුදු මසායා දිගින් දිගටම උදාසීන ගතියක් පෙන්වයි. නුපාගේ සිත ආදරයේ උණුසුම ඉල්ලා සිටිය ද එය මසායා වෙතින් නොලැබෙන බව තේරුම් ගනී. ඒ නිසා ඇය තම සිත තුළින්ම තම ප්‍රේමවන්තයා නිර්මාණය කොට ගෙන ඔහුව පෙම්බරා යන නමකින් හඳුන්වයි. ඇගේ සිත තනිවන හැම විටකම පාහේ ඇය පෙම්බරා සමඟ ආදරණිය කතාබහක නියැළෙයි. එහෙත් ඇගේ සිත නිරන්තරයෙන්ම දරුවෙකු ඉල්ලා හඬා වැටේ. වෛද්‍යවරයකු හමුවට යාමට මසායා සාන්ව පොලඹවා ගන්න ඇය සමත් වෙයි. නූපාගේ පිළිසිඳ ගැනීමත් සමඟම වෙනස් වන මසායා සාන් ඇය කෙරෙහි මෙන්ම උපදින්නට ඉන්නා දරුවා වෙනුවෙන් ද මහත් උනන්දුවෙන් කටයුතු කරයි. දරුවා කසුම් ලෙසින් උපත ලබයි. අගහිඟකම් තිබුණ ද දරුවා සමඟ හොඳින් ජීවත්වීමට දෙදෙනාම උත්සාහ ගනියි. මසායාගේ නොැකිලිමත්කම යළිත් මතු වෙයි. ඔහු නූපාට ආදරය පෙන්වන්නේ නැත. ආදරය දක්වන්නේ ද නැත. ක්‍රමයෙන් ඇතිවෙන ආර්ථික අපහසුතාව හේතුවෙන් තමා රැකියාවක් කළ යුතු බව නූපා කියයි. මසායාගේ අමුතු ගති පැවතුම් ගැන සොයා බැලීමේදී ඔහුගේ පැරණි ආදරයක් පිළිබඳව ඇයට දැනගන්නට ලැබේ. සායේ නම් වූ රූමත් තරුණියක හා අතීතයේ තමාගේ තිබුණ සම්බන්ධයක් පිළිබඳව මසායා විසින්ම ඇයට පවසයි. වීසා නොමැතිව නීගතාවේ ජීවත්වන ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුමල් ගැන අනුකම්පාවෙන් ඔහුට උදව් කරන්නට ඉදිරිපත් වන නූපා අවසනදී සුමල් සමඟ පෙමින් බැඳේ. එනමුදු මසායාට ඇති ආදරය ගෞරවය මඳකුදු අඩු නොකරයි. එහෙත් තමාට සුමල්ගෙන් මිදෙනු නොහැකි බව වටහා ගනී. අවසනදි නූපා සුමල් නිසා ගැබ්බර වෙන අතර හදිසියේ දිනක සුමල් විවාහකයකු බව දැනගනී. සුමල් තර්ජනයෙන් මෙන්ම ආදරයෙන් ද ඉල්ලා සිටින්නේ දරු ගැබ විනාශ කරන ලෙසයි. එනමුදු දරු ගැබෙන් මිදෙන්නට ඇයට වුවමනාවක් නැත. නූපා දොලොවක් අතර තනි වෙයි. දරු ගැබ ආරක්ෂා කර ගැනීම සඳහා මසායා සමඟ කතා කරන්නට සෝරා සාන් ඉදිරිපත් වෙයි. පුවත ඇසීමෙන් විශ්මයට පත්වන මසායා සාන් ජීවත්ව සිටින දරුවා වෙනුවෙන් නූපන් දරුවා විනාශ කරන ලෙස කියයි. තමාට අන් අයෙකුගේ දරුවකුට පියා විය නොහැකි බව කියන මසායා එයට එකඟ නොවන්නේ නම් තමාගෙන් වෙන්ව යන ලෙස දන්වයි. අවසනදී ඇය සිය දිවි නසා ගැනීම තෝරා ගනී. ඉන් අනතරුව කුමක් සිදු වන්නේ ද? මෙහි නූපා ලෙස නිරෝෂා පෙරේරා, මසායා ලෙස ජපන් ජාතික ජූන් ඉතේ, පෙම්බරා ලෙස දිනෙත් ද සිල්වා, සුමල් ලෙස බිමල් ජයකොඩි, සොරා සාන් ලෙස ලොයාජි අයාකේ සමඟින් සිරිල් වික්‍රමගේ, වසන්තා කොටුවැල්ල, වීනා ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, විශ්වජිත් ගුණසේකර, ජයනි සේනානායක, දසුන් පතිරණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, පුබුදු චතුරංග සහ ජපන් ජාතික නළු නිළියන් රැසකගේ රංගන දායකත්වය මෙයට හිමි වී ඇත. කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කොස්තා, සංස්කරණයෙන් අජිත් රාමනායක, අංග රචනයෙන් නාරද තොටගමුව සමඟ ෂිභාතා හිරෝමි, කලා අධ්‍යක්ෂණයෙන් කුමාර කරව්දෙනිය, නර්ථන නිර්මාණයෙන් සංඛ අබේසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් නිමල් විජේසිරි සේනාධීර සහ මොරිටෝ ඔහාරා ද, ශබ්ද පරිපාලනයෙන් ප්‍රියන්ත කළුආරච්චි ද, ගායනයෙන් සදනි විජේතුංග, ගේයපද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් සුරේෂ් මාලියද්ද එක් වූ මෙම කන්දක් සේමා චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය සමන්මලී පද්මකුමාර, ජයන්ත හෙට්ටිආරච්චි, සුමිත්‍රා රාහුබද්ධ හා මහාචාර්ය ආශු මාරසිංහ ගෙනි. මෙම වසර අවසානයට පෙර මෙය තිරගතවීමට නියමිතව ඇත.
|