|
බොලිවුඩය කලඹන හොඳ වගේම නරක පුරුදු
මුහුණු පොතට ගිය විටදී කට්ටිය කාපු බීපු දේවල් වගේම විවිධ ස්ථානවලට ගොස් කෑම කන පින්තූරවලට වඩා වෙන දෙයක් දකින්න නැති තරම්. හැබැයි බොලිවුඩයේ කිං ඛාන් නම් රූගත කිරීමවලදී හැරෙන්න අනිකුත් වෙලාවට තමන් කෑම කන ඡායාරූප ගන්නවාට තදින්ම විරුද්ධ බවයි ආරංචි. ඒ කෙසේ වෙතත් ඔහුගේ නරක පුරුද්දකුත් තියෙනවා. ඔහු නිතරම දුම් පානය කරන්නෙක්. ඔහු තම පාවහන් ගලවන්නෙත් දවසකට එක වතාවක් පමණක්ලු.
නාන්නේ නැති අමීර්
පුංචි කාලයේ පටන් අපට අපේ මව්පියන් වගේම ගුරුවරුන් හොඳ නරක දේ කියා දෙනවා. ඔවුන් අපට නිතරම ආදරයෙන් කියන්නේ නරක පුරුදු අතහැර හොඳ පුරුදු අනුගමනය කරන ලෙසයි. ඒත් ඉතිං සමහර අයට නම් මෙහෙම කියා දුන්නත් සමහර නරක පුරුදු වලින් ඈත් වෙන්න බැරි වෙනවා. සමහර අයගේ හොඳ පුරුදු කාටත් ආදර්ශයක්. බොලිවුඩයෙත් මෙහෙම කීහිප දෙනෙක්ම ඉන්න බව ආරංචි වුණා. කරීනා කපූර් ළඟ නම් තියෙන්නේ නරක පුරුද්දක්. ඇය නිතරම නියපොතු හපන එක තමයි කරන්නේ. විවේකයක් ලැබුණු ගමන් ඇය දර්ශන තලවලදී පවා නියපොතු හපන්න තරමට ඇබ්බැහි වෙලා කියලා තමයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. ප්‍රියංකා චොප්රා පිළිවෙළ මහ ඉහළින් අගය කරන කෙනෙක්. ඇයට හැම දේම හරි තැන හරි විදියට තියෙන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, ඇය විවිධ වර්ගවල සෙරෙප්පු මෝස්තර නිර්මාණය කරන එකත් පුරුද්දක්. ජංගම දුරකතනය අද කාටත් අත්‍යවශ්‍යම දෙයක්. කොහේ ගියත් කොතැන හිටියත් ජංගම දුරකතනය රැගෙන ගියේ නැත්නම් ඒක ලොකු අඩුවක් වගේ. ඒත් ඉතිං බොලිවුඩයේ ජනප්‍රිය නිළි විද්‍යා බාලන්ට නම් ජංගම දුරකතනය එහෙමටම අත්‍යවශ්‍ය දෙයක් වගේ නෙවෙයිලු. ජංගම දුරකතනය කියන්නේ තමන් ළඟම තබාගෙන සිටින උපකරණයක් වුණත් විද්‍යාගේ ජංගම දුරකතනය තියෙන්නේ ඇයට බොහෝ දුරින්. ඒ කොහොම වුණත් අද රංගන ක්ෂේත්රය දිහා බැලුවොත් රූගත කිරීම්වලට පවා බාධා වෙන අන්දමෙන් ජංගම දුරකථන භාවිත කරන අය ගැන තමයි ආරංචි වෙන්නේ. රූගත කිරීමවලට බාධා වෙන නිසා විද්‍යා නම් දර්ශන තලයට ගිය වහාම තම ජංගම දුරකතය ක්‍රියා විරහිත කරන්න පුරුදු වෙලා. කවුරුත් ලස්සනට පිළිවෙළට අඳීන්න කැමැතියි. ඒත් ඉතින් කෙහේ හරි යන්න සූදානම් වෙනකොට ඇඳුමක් තොරා ගන්න එකත් ලොකු ප්‍රශ්නයක් වෙන අවස්ථා තියෙනවා. විද්‍යාට විශාල සාරි එකතුවකුත් තියෙනවාලු. සමහරු නම් කියන්නේ ඇය ඇතැම් දිනවල නින්දට යන්නෙත් සාරිය ඇඳගෙනමයි කියලා. විශ්ව රූ රැජන කිරුළ හිමි බොලිවුඩ් නිළි සුෂ්මිතා සිං සුරතල් සතුන් ඇති කිරීම පුරුද්දක් කරගන ඉන්නවා. ඇයගේ මේ සුරතල් සතුන් අතරේ විෂ සහිත සර්පයෙකුත් සුරතලේට ඇති දැඩි වෙන බවත් ආරංචියි. මේ වනවිට තාවකාලිකව සිනමාවෙන් දුරස් වෙලා සිටින රාණි මුඛර්ජි ඉස්සර දුම් වැටි පානයට තදින්ම ඇබ්බැහි වෙලා. ප්‍රීති සින්ටා නම් පිරිසිදුකම බොහොම ඉහළින් අගය කරන කෙනෙක් කියලා තමයි කියවෙන්නේ. නාන කාමරය ඉතාම හොඳීන් පිරිසිදු කරලා නැත්නම් ඇය කිසිසේතම එය භාවිත නොකිරීම පුරුද්දක් කරගෙන සිටින බවයි ආරංචි. ජනප්‍රිය නිළි රේඛා විශේෂ අවස්ථාවලට සාරි අඳීන්න බෙහෙවින් ප්‍රිය යි. එවැනි අවස්ථාවලට කන්ජිපුරම් සාරි අඳීන එක ඇයගේ පුරුද්දක්. පොදු ස්ථානවල උත්සව අවස්ථාවලට චොක්ලට් පැහැ තොල් ආලේපන ගල්වන එකත් රේඛාගේ පුරුද්දක්. බොලිවුඩයේ සරාගීම නිළියක ලෙසින් නම් දරා සිටින සනී ලියෝන්ටත් තියෙන්නේ අමුතුම පුරුද්දක්. සෑම විනාඩි පහලොවකට වරක්ම ඇය තම දෙපා සෝදන්න පුරුදු වෙලා. බොලිවුඩයේ බිග් බී ඇතැම් කාලවලට එකවර අත්ඔරලෝසු දෙකක් පළඳීනවා. තම පුතා, දියණිය හෝ ලේලිය විදෙස්ගත වූ විට ඒ අදාළ රටේ වෙලාවට අනුව එක් ඔරලෝසුවකුත් ඉන්දීය වේලාවට අනුව තවත් ඔරලෝසුවකුත් පලදින්න ඔහු පුරුදු වෙලා. බොලිවුඩවේ ඉහළම ආදායම් ලද චිත්‍රපට ගෙන ආ අමීර් ඛාන් ගැන නම් ආරංචි වුණේ නරක පුරුද්දක්. අමීර් නාන්න අකමැතියිලු. ඒ ගැන නම් ටිකක් පුදුමත් හිතෙනවා නේද? ඒ විතරක් නෙවයි අතීතයේදී ගැහැනු ළමයෙක් ඔහුට අකමැති බව පැවසූ විටදී ඔහු තම කොණ්ඩයත් කපා දමා තියෙනවා. මුහුණු පොතට ගිය විටදී කට්ටිය කාපු බීපු දේවල් වගේම විවිධ ස්ථානවලට ගිහින් කෑම කන පින්තූරවලට වඩා වෙන දෙයක් දකින්න නැති තරම්. හැබැයි බොලිවුඩයේ කිං ඛාන් නම් රූගත කිරීමවලදී හැරෙන්න අනිකුත් වෙලාවට තමන් කෑම කන ඡායාරූප ගන්නවාට තදින්ම විරුද්ධ බවයි ආරංචි. ඒ කෙසේ වෙතත් ඔහුගේ නරක පුරුද්දකුත් තියෙනවා. ඔහු නිතරම දුම් පානය කරන්නෙක්. ඔහු තම පාවහන් ගලවන්නෙත් දවසකට එක වතාවක් පමණක්ලු. ඛාන් ත්‍රිත්වයේ අනෙක් ඛාන්, සල්මන් විවිධ වර්ගයේ සබන් එකතු කිරීම පුරුද්දක් කරගෙන. ඒ හැම සබන් කැටයක්ම අතින් නිෂ්පාදනය කළ ඒවා වගේම ඖෂධීය සබන් බවයි ආරංචි. අපි කෙනෙක් සමඟ කතා කරන විටත් පිළිපැදිය යුතු හොඳ පුරුදු තියෙනවා. බොහොම සංවරව ආචාරශීලිව කතාබහ කරන්න කාටත් පුංචි කාලයේදීම උපදෙස් අවවාද ලැබෙනවා. ජෝන් ඒබ්‍රහම් නම් කවුරුන් සමඟින් කතාබහේ යෙදුනත් කකුලක් පිට කකුලක් දමා ගෙන ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. නාන්න ගියාම පැය ගාණනට එළියට එන්නේ නැති අයත් ඕනෑ තරම් ඉන්නවා. සයිෆ් අලි ඛාන් කියන්නෙත් නාන කාමරයට ගියාම පැය ගාණකට එළියට එන්නේ නැති කෙනෙක්. ඒ නිසාම ඔහුගේ නිවසේ ඔහු භාවිත කරන නාන කාමරයේ පුංචි පුස්තකාලයක් වගේම දුරකතනයකුත් තියෙනවා. ශහීඩ් කපූර් නම් කෝපි බොන්න රුසියෙක්ලු. ඒ නිසාම ඔහු දිනකට කෝපි කෝප්ප දහයක් විතර පානය කරන බවයි ආරංචි. යොවුන් නළු අයුෂ්මාන් කුරානා නිතරම දත් මදින්න පුරුදු වෙලා. අමීෂා පටෙල් පුරුදු වෙලා තියෙන්නේ තම ඇඳුම් තමන් කැමැති පාටෙන්ම විතරක් අඳීන්නලු. ඒ නිසා බොහෝවිට ඇය අඳීන ඇඳුම් රෝස පැහැතියි. අමීෂා කැමැතිම පාට රෝස පාට කියලා බොලිවුඩයේ කවුරුත් දන්නා දෙයක්. බොබී ඩියෝල්ට කවුරුන් සමඟ හෝ කතා කරනවිට ලීයක් අල්ලන්න පුරුද්දක් ඇති වෙලා. ඒ නිසාම නිතරම ඔහු තම කලිසම් සාක්කවක පුංචි ලී කැබැල්ලක් තියාගෙන ඉන්නවාලු. තමන් ඉන්දිවේ සිටියදී තම චිත්‍රපටයක් තිරගත කිරීම ආරම්භ කළ හොත් එහි ආදායම අඩු වන බවට ජනප්‍රිය නළු අක්ෂේ කුමාර්ට හිතෙනවාලු. ඒ නිසා ඔහු තම චිත්‍රපටයක් තිරගත වීම අරඹන විට වහාම විදෙස්ගත වෙන්න පුරුදු වෙලා. ඔහුගේ අලුත්ම චිත්‍රපටය ඊධඪතඥබ: ඡ්ඬ ර්ථපඥථ ම්චබඩච චිත්‍රපටය හෙට (අගෝස්තු 11) තිරගත කිරීම ආරම්භ කරනවා. එහෙනම් මේ වනවිටත් ඔහු විදෙස්ගත වෙලා ඇති.
|