|
රොමේෂ්ගේ අලුත්ම වීඩියෝව
මන්දාකිණි ගීතයෙහි පදමාලාව: සුහුඹුල් වත නිකලැල් සිප ගත්තද රළු දෙතොලින් නම් කිසිදා ආදරේ හන්දා මුතුවැල් වගේ හසරැල් පරදාවි නිල් මානලේ මල් සැමදා ඔබේ රූ හන්දා රුව පුරා මුළු රැය පුරා නිදිවරා මා නිදාවරා කල්පනා හීනයක තනි වුණා මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිනි මා යන්නම් සිපගන්නම් තුරුේ සඟවන් මල්මාලනී මාගේ ඒ ඇහිපිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැහැවේ වරු ගානින් අඳුරේ මුදු වදනින් ඔබ ඇමතූ වෙලේ හද පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මා සිත්තම් . . . පිනි අහසින් බස ආ සඳ සාවි විල තෙරේදී අප හමුවමු කුමාරි දිගු දෙනුවන් මත මා දල්වන්නී සිප ගතිමි යළි හමු වී මතු දවසක් ආදරේ
දැන් හරහා රසවිඳින්න පුළුවන් www.sarasaviya.lk
දිගු දෑස හිමි නොවනා ලෙස ආයේ කියමින් හුස්ම වගේ ළඟ රැඳෙමින් සංගීත ලෝලීන් අමන්දානන්දයට පත් කළ රොමේෂ් සුගතපාල මෙවර ඔබ හමුවට පැමිණෙන්නේ මන්දාකිණි රැගෙනය. මන්දාකිණි රොමේෂ්ගේ නවතම ගීතයයි. සජිත් අක්මීමන පද ගෙත්තමෙන් දායක වූ මන්දාකිණි සංගීතවත් කොට ඇත්තේ රැන්ඩි පෙරේරා විසිනි. මෙවර රොමේෂ් මන්දාකිණි වෙනුවෙන් නිර්මාණය කළ මියුසික් විඩියෝව ද වෙනස්ම කතා පුවතක් රැගත් එකකි. හඬා වැටීම් කිසිවක් නොමැති මෙම වීඩියෝව ගීතය පද රචනා කළ සජිත් අධ්යක්ෂණය කොට තිබේ. ඉංගිරිය, වග අදී ප්රදේශයන්හි රූගත කළ මන්දාකිනි මියුසික් වීඩියීවෙහි නව පරපුරේ නළු නිළියන් දෙපොළක් වන රැන්ඩි සහ සොනාලි රංගන දායකත්වය සපයා තිබේ. මේ වනවිට යූ ටියුබ් හරහා ලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති මන්දාකිණි ගීිතයෙහි රූප රාමුවකින් අද සරසවිය පසු කවරය සැරසේ.
|