|
අට වසරකට පසු ජනාධිපති සම්මාන පිරිනැමෙන මහා උලෙළ 31 වැනිදාවසර 8 ක නිහැඬියාවකින් පසු ජනාධිපති සම්මාන උලෙළ මෙම 31 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව සූදානම් වෙයි. ඒ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. 2015 වසරේ තිරගත කරන ලද චිත්‍රපට සම්මාන උදෙසා තරඟ වැදීම සඳහා සුදුසුකම් ලැබ සිටියි. මෙම සම්මාන උලෙළේ මූලික සම්මාන 21 ක්ද, පුරෝගාමි සම්මාන 3 ක් ද, විශ්ව කීර්ති සම්මාන 3 ක් ද, ජූරියේ විශේෂ සම්මාන 4 ක් ද, කුසලතා සම්මාන ත්‍රිත්වයක් මෙන්ම ස්වර්ණ සිංහ සම්මානයක් ද පිරිනැමෙනු ඇත. එයට අමතරව රුපියල් ලක්ෂ ගණනාවක මුදල් ත්‍යාගයන් පිරිනැමෙන බව මේ පිළිබඳ මුල්වරට සරසවිය පුවත්පතට හෙළිදරව් කළ සංස්ථා සාමානා්‍යාධිකාරී නිමල් අබේවර්ධන මහතා පැවසුවේය. අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සංවිධානය කරනු ලබන ජනාධිපති සිනමා උලෙළ වෙන කවරදාටත් වඩා උත්සවශ්‍රීයෙන් බබළනු ඇතැයි අබේවර්ධන මහතා බලාපොරොත්තු පළ කළේය.
Moonlightපරදා දැවෙන විහඟුන් දිනයි
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් (Burning Birds) හොදම චිත්‍රපටය (Grand Prix) ලෙස 15වන ජිනිවා අන්තර්ජාතික සිනමා උළෙල සහ මානව හිමිකම් සමුළුව සිනමා උළෙලේදී (International Film Festival and Forum on Human Rights in Geneva-FIFDH)සම්මානයට පාත්රවිය. හොදම චිත්‍රපටයට හිමි සම්මානයට අමතරව ස්විස් ෆ්රෑන්ක් 10,000ක මුදල් ත්‍යාගයක්ද චිත්‍රපටයට හිමිවිය. මීට අමතරව තරුණ ජුරියෙන් (Youth Jury) හොදම සිනමා කෘතියට පිදෙන සම්මානය ද (Young Jury Award) දිනා ගැනීමට දැවෙන විහඟුන් සමත්විය. දැවෙන විහඟුන් චිත්‍රපටය මෙම සම්මාන දිනාගත්තේ ඔස්කාර් සම්මානලාභි ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ මූන්ලයිට් (Moonlight), බර්ලින් සිනමා උළෙලේ හොදම අධ්යක්ෂණයට හිමි සම්මාන දිනු අකී කවුරිස්මකීගේ (Aki Kaurismaki) ගේෆින්ලන්තය නියෝජනය කළ ද අදර් සයිඩ් ඔෆ් ද හෝප් (The Other Side Of The Hope)සහ කෑන්ස් සිනමා උළෙලේ සම්මාන දිනු ප්‍රංශය නියෝජනය කළ මිමෝසාස් (Mimosas) ඇතුළු තවත් ප්‍රබල චිත්‍රපට අටක් සමග තරග කරමිනි. සම්මාන උළෙල ජීනීවාහි තියටර් පිතොෆ් (ThéâtrePitoëff) සිනමාශාලාවේදි පැවැත්විණ. බ්‍රසීලයේ එලිනා කැෆේ අධ්‍යක්ෂණය කළ “ඊරා ඔ හොටෙල් කේම්බ්‍රිජ්” (Era o Hotel Cambridge) ජුරියේ විශේෂ සම්මානය (Special Mention) දිනාගත්තේය. අන්තර්ජාතික ජුරිය ලෙස උනි ෆතීර් (Ounirfatmi) ක්ලැරිස් කොලිආර්ඩ් (Clarisse Colliard), පිනර් සෙලෙක් ( Pinar Selek)සහ ෆර්සාහානා වහිඩි (FarzanaWahidy) කටයුතු කළෝය. තරගකාරි අංශයට තේරි තිබුණුඅනෙක් චිත්‍රපට වුයේ ඉරානයේ ඩ්‍රම් (Drum) ප්‍රංශය සහ සෙනගාලයේ වුළු (Wùlu) ඉතාලියේ සෙවන් මිනිට්ස් (Seven Minutes) සහ ප්‍රංශය සහ බෙල්ජියමේ නොක්ටර්මා (Nocturama) යන චිත්‍රපටයි. දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) පසුගිය දා නිමාවු ලොව ප්‍රධානතම සිනමා උළෙලක්වන නෙදර්ලන්තයේ46 වන අන්තර්ජාතික රොටඩර්ඩෑම් සිනමා උළෙලෙ (International Film Festival Rotterdam) දී ද ප්‍රදර්ශනය කළ අතර එහිදී චිත්‍රපටය විචාරක-ප්‍රේක්ෂක දෙපිරිසේම ඉහළම ගෞරවයට ලක්විය. රොටර්ඩෑම් උළෙලට සමගාමිව ස්වීඩනයේ 40 වන ගොතන්බර්ග් අන්තර්ජාතික සිනමා උළෙලේ (Göteborg Film Festival) කීර්තිමත් ඉංග්මාර් බර්ග්මාන් (Ingmar Bergman) සම්මානය සදහා ද දැවෙන විහඟුන්නිර්දේශ වුණි. දැවෙන විහඟුන් චිත්‍රපටය පළමු වරට ලොව පුරා ප්‍රදර්ශනය කිරිම ආරම්භ කළේ පසුගිය 2016 ඔක්තෝම්බර් මස පැවති 21 එක්වන බුසාන්අන්තර්ජාතික සිනමා උළෙලේදීය. එහිදී චිත්‍රපටය උළෙලේ තරගකාරී අංශය (New Currents Awards) සදහා නිර්දේශවුණි. දැවෙන විහඟුන් චිත්‍රපටය ඉක්බිතිව ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (17th Tokyo FILMeX International Film Festival)ජුරියේ සුවිශේෂ සම්මානය (Special Jury Prize / දෙවන ස්ථානය) ද දිනාගත්තේය. දැවෙන විහඟුන්චිත්රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. චිත්‍රපටය ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. ප්‍රංශයේ නියෝන් (Neon Production) ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ (Antonin Dedet) සහ ඩොමිනික් විලෙන්ස්කි (Dominique Welinski) ශ්‍රී ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෂන්ස් (Sapushpa Expressions) වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරයි.ලන්ඩනයේ (London) ෆිල්ම් රිපබ්ලික් (FilmRepublic) සිනමා සමාගම දැවෙන විහඟුන් චිත්‍රපටයේ අලෙවි සමාගම (World Sales Agent) ලෙස කටයුතු කරනු ලබයි. මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායකඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්රියගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක,සංස්කරණය අජිත් රාමණායක සහ කැතරිනා වර්තේනා (Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (ElieAkoka) , ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D'halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න, දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලක සිදු කර තිබේ.
අශෝකා චිත්‍රපටයේ‘අසෝකා’ පුෂ්පා ජෙනට් මියයයි
පැරැණි ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වන පුෂ්පා ජෙනට් පසුගියදා මියගියා ය. ඇගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදුවිණ. චිත්‍රපට ද්විතවයක පමණක් රඟපෑවා ද බොහෝ සිනමා ප්‍රේක්ෂකයන්ගේ ආදරය පාත්‍ර වූ වූ පුෂ්පා ජෙනට් සිනමාවට පිවිසෙන්නේ සිරිසේන විමලවීරයන්ගේ ‘අසෝකා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවමිනි. ඈ රඟපෑ අනෙක් චිත්‍රපටය වන්නේ සිරිසේන විමලවීරයන්ගේ ම ‘පොඩිපුතා’ චිත්රටයයි. එහි ආනන්ද වීරකෝගේ පෙම්වතිය ලෙස රඟපාමින් සිනමාව සමුදෙන පුෂ්පා ජෙනට් විවාහව සිටියේ ‘අසෝකා’ චිත්‍රපටය නිපද වූ ධර්මදාස කුලතුංග සමඟිනි. 1933 වසරේ උපත ලද පුෂ්පා ජෙනට් සිල්වියා මියයන විට 84 වැනි වියේ පසුවිය.
චන්දි රසිකා රෝහල් ගතවෙයිඔබේ ආධාරය ඕනෑ
‘අරුණට පෙර‘ චිත්‍රපටයේ රඟපාමින් හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර වූ චන්දි රසිකාගේ රෝගාතුර වී ජයවර්ධන පුර රෝහලේ 08 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි. මේ මොහොතේ ඇයට ඔබගේ ආධාරය අවශ්‍ය බව ඇය සරසවියට පැවසුවා ය. මේ සමඟ ම ඈ පැවසුවේ මේ වනවිට රෝහල් බිල ද විශාල මුදලක් වී ඇති බවයි. 077-0518964 යන දුරකථන අංකයෙන් චන්දි රසිකා ඇමතිය හැකි අතර ඈට උදවුවක් කරන යමකු වේ නම් සී. ආර්. පෙරේරා කමර්ෂල් බැංකුව - දෙල්කඳ ශාඛාවට 8200002726 යන ගිණුම් අංකයට යොමු කරන ලෙස ඉල්ලා සිටියි.
ජාතික රූපවාහිනියෙන් හවසට ගෙදර
ජාතික රූපවාහිනියේ නවමු වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වන ‘හවසට ගෙදර’ නම් සතියේ සඳුදා සිට සිකුරාදා තෙක් දින පහේ 7-8 හෝරාවේ වෙනස් මගක් සනිටුහන් කරමින් ඔබගේ නිවෙසට පැමිණීමට සූදානම්ව සිටී. ඒ අනුව ‘මිහිකත ඔබේ ය’,හේමනලින් කරුණාරත්න මෙහෙය වන ‘හිත ළග හත’, ‘කවුද ස්ටාර්’, ‘THE X FILES’, ප්‍රවීණ ගේයපද රචක බන්දුල නානායක්කාරවසම් මෙහෙය වන ‘මහෝඝය’ ගීත වැඩසටහනත් දිනපතා රාත්‍රී 7-8 හෝරාවේ ඔබේ රසවින්දනය පුළුල් කරමින් වෙනස් ම ආකාරයෙන් වැඩසටහන් පෙළක් ලෙස ඔබ වෙනුවෙන් ඉදිරිපත් කෙරෙයි. |