වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




බැරි වැඩ

බැරි වැඩ

බැරි දේ නොකරන් අබරෝ කියලා කියමනක් තියෙනවා. පැරැන්නන් මේවා කිව්වේ කට කහනවටයැ. අපේ නව පරපුරේ රංගන ශිල්පිණියක් බැරි දෙයක් කරන්න ගිහින් අනූ නවයෙන් බේරිලා. ඇය තමයි අමාවි ධනන්සූරිය. අමාවි පහුගිය දිනවල සංචාරක වැඩ සටහනක නිවේදිකාවක ලෙසින් කටයුතු කළා. ඒ හේතුවෙන් ඇය රට පුරාම ගියා. මේ සිද්ධිය වුණේ ඔය චාරිතාව අතරතුර.

එදා රූගත කිරීම් තිබිලා තියෙන්නේ මාතලේ. එහි අධ්‍යක්ෂවරයා වෙනසකටත් එක්ක අමාවිට කිව්වලු මේ වැඩසටහන පාපැදියක නැගලා ගමන් කරන ගමන් නිවේදන කටයුතු කරමු කියලා. අමාවිට පාපැදිය පදින්නත් බැහැ. ඒ බව ඇය කියලත් නැහැ. ඇය පාපැදියට නැගලා පාගන්න හදද්දී එය ගැස්සිලා ගිහිල්ලා නැවතිලා තියෙන්නේ මඩ කානුවක. මඩවලින් නෑවිලා ගිහින්. වාසනාවට ඇයට තුවාලයක් සිදු වෙලා නැහැ. මඩ නාගත් අමාවි පෙරට වඩා ලස්සනට පෙනුණලු. හරියට කිඹුලියක් වගේ. ඔන්න ඔහොමලු බැරි දේවල් කරන්න ගිහින් ඒ සිද්ධිය ඉවර වුණේ.