|
සිකියුරිටි සින්නතම්බි දෙවර්ෂ පූර්ණය සමරයි
මේ නාට්‍ය ආරම්භ කරන්නේ 1994 වසරේදීයි. එහි සින්න තම්බිගේ චරිතය රඟපාන්නේ පාලිත සිල්වායි. එහි රඟපෑ මෙලනි අශෝකා, ලක්ෂ්මන් ආරච්චි, ගාමිණී කුමාර, ආරියසේන ගමගේ කියන නළු-නිළියන් තවමත් ඒ චරිතම මේ වේදිකා නාට්‍යයේ රඟපානවා. දීපාල් සිල්වා ‘සිකියුරිටි සින්න තම්බි’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වන්නේ දෙවැනි නිෂ්පාදනයේදියි.
‘නායකයා, ‘සැරද යමලෝ පති, මෙහෙව් රටේ ආදී නිර්මාණ රැසක් වේදිකාවට රැගෙන පැමිණි අශෝක සෙනරත් මුදලිගේ හාස්යොත්යපාදක වේදිකා නාට්‍යය ‘සිකියුරිටි සින්න තම්බි’ මේ මස 25 වැනි දින නුගේගොඩ වයි. එම්. බී. ශාලාවේ වේදිකා ගතවෙයි. එය වේදිකාගත වන්නේ විශේෂ වූ කාරණා රැසක් මූලික කර ගනිමිනි. මේ ඒ පිළිබඳ එහි අධ්යක්ෂ අශෝක සෙනරත් මුදලිගේ සමඟ කළ කතාබහකි. මෙවර ‘සිකියුරිටි සින්න තම්බි’ වේදිකා නාට්‍යය වේදිකා ගත වන්නේ විශේෂත්ව කිහිපයක් සමඟ නේද? මේ මස විසිපස් වැනිදා ‘සිකිරියුටි සින්න තම්බි’ වේදිකා නාට්‍යය වේදිකාගත වන්නේ එහි දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්. ඒ වගේම එහි සිකියුරිටි සින්න තම්බිගේ චරිතය නිරූපණය කළ දීපාල් සිල්වා අද වනවිට අප අතර නැහැ. ඔහුව සිහිපත් කරමින් ඔහුට උපහාරයක් ලෙසත් මෙලෙස ‘සිකියුරිටි සින්න තම්බි’ වේදිකා නාට්‍ය වේදිකා ගත වනවා. මේ කටයුතු සියල්ලත් සිහිපත් කරමින් ‘සිකියුරිටි සින්න තම්බි’ වේදිකාගත වන්නේ ලෝක නාට්‍ය දිනයට සමගාමීව වීමත් විශේෂයක්. සිකියුරිටි සින්න තම්බිගේ චරිතය රඟ පෑ දීපාල් සිල්වා කලක් රෝගාතුරව සිටියා. ඒ කාලයේදී ඔහු රඟපෑ චරිතය රඟපෑවේ කවුද? ඒ ඔහු රෝගාතුරව සිටිනා කාලයේ සිකියුරිටි සින්න තම්බි චරිතයට පණ පෙව්වේ ආරියසේන ගමගේ නළුවායි. එලෙස ඔහු රඟපෑවේ දීපාල් සිල්වාගේ ආරාධනයෙන්. ඔහු රෝගාතුරව සිටින කාලයේ කරන ලද ආරාධනයක් අනුවයි ආරියසේන ගමගේ රංගන ශිල්පියා මේ චරිතය රඟපාන්නට කැමැත්ත පළ කරන්නේ. ආරියසේන ගමගේ රංගන ශිල්පියා සිකියුරිටි සින්න තම්බි චරිතය රඟපානවාට ඔහුගේ සිතේ කිසිම කහටක් තිබුණේ නැති බව ද ඔබ ඔය පවසන්නේ? ඒ විතරක් නෙවෙයි ඔහු පැවසූ තවත් කාරණයක් තිබුණා. ඒ ඔහු සනීප වී පැමිණි පසුව ලැබෙන ප්‍රසංග අප දෙදෙනා ම මාරුවෙන් මාරුවට රඟපාමු යැයි කියන කාරණයයි. ඔබ දීපාල් සිල්වා කියන නළුවාව හඳුන්වන්නේ කොහොම ද? දීපාල් කියන්නේ අපට සිටි හොඳ විකට නළුවෙක්. ඒ වගේම හොඳ ගායකයෙක්. විකට චරිතයක් වුණත් ඔහු රඟපෑවේ බොහොම සංයමයකින්. ඔහුගේ ගීතවල අර්ථවලින් කියැවුණෙත් සමාජයේ නොපෙනෙන තැන්වලට පහර ගහලයි. ඒ ඔස්සේ ඔහු රසිකයන්ට ලබා දුන්නේ බොහොම හොඳ පණිවුඩයක්. කිසිදු කරදරයක් නොමැති මනුෂ්‍යයකු වුණු දීපාල් නාට්‍ය පුහුණුවීම්වලට නියමිත වෙලාවට පැමිණිය කෙනෙක්. එය වර්තමාන රංගන පරපුරටත් දෙන අපූරු ආදර්ශයක්. ‘සිකියුරිටි සින්න තම්බි’ වේදිකාවට පැමිණෙන්නේ මීට වසර දෙකකට පෙරයි. එය ආරම්භ කිරීමට හේතුව කුමක්ද? මේ නාට්‍ය ආරම්භ කරන්නේ 1994 වසරේදීයි. එහි සින්න තම්බිගේ චරිතය රඟපාන්නේ පාලිත සිල්වායි. එහි රඟපෑ මෙලනි අශෝකා, ලක්ෂ්මන් ආරච්චි, ගාමිණී කුමාර, ආරියසේන ගමගේ කියන නළු-නිළියන් තවමත් ඒ චරිතම මේ වේදිකා නාට්‍යයේ රඟපානවා. දීපාල් සිල්වා ‘සිකියුරිටි සින්න තම්බි’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වන්නේ දෙවැනි නිෂ්පාදනයේදියි. ඒ නිෂ්පාදනය මා ආරම්භ කරන්නේත් ඔහුගේ ආරාධනයෙන්මයි. දීපාල් සිල්වාගෙන් පසුව සිකියුරිටි සින්න තම්බි චරිතය කරන්නේ ආරියසේන ගමගේයි. කළත් දීපාල්ට පෙර මේ චරිතය ඔහු කළ කාලයකුත් තිබුණා. මේ දිනයේ දී දීපාල් සිල්වාට කරන උපහාරයට අමතරව තවත් උපහාරයක් සිදුවනවාද? දීපාල් සිල්වාට කරන උපහාරයක් ලෙස මේ නාට්‍ය යේ වේදිකා ගතවීමත් සමඟම එහි රඟපෑ සියලුම ශිල්පීන්ට විශේෂ සම්මාන තිළිණ පුද කිරීමකුත් සිදු වෙනවා. මෙහි රංගනයේ නියැළෙන රංගන ශිල්පී ශිල්පිනියන් කවුරුන්ද? ආරියසේන ගමගේ, ජීවන් හඳුන්නෙත්ති, ගාමිණී කුමාර, ලක්ෂ්මන් ආරච්චි, කරු අතුකෝරල, මෙලනි අශෝකා, ආශා සේපාලිකා, සුරංගි නිලූෂනී, අජිත් ප්‍රනාන්දු, ජේ. ඒ. කරුණාරත්න, සංඛ රණසිංහ යන නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. රමේෂ් ජයසිංහ සංගීතයෙන් දායක වන අතරම ‘සිකියුරිටි සින්න තම්බි’ නාට්‍යය නිෂ්පාදනය, අධ්‍යක්ෂණය හා රචනය යන ත්‍රිත්වයම මගේ.
|