|
ප්‍රතිචාර සඳහා නවතම අංකයක්සිනමාවේ සිනහ ගඟුල ඇන්තනී
එදා සිනමාවේ සිනහ ගඟුල ඇන්තනී. සී. පෙරේරායි. තිරයේදී ඔහුගේ රුව දුටු පමණින් ඔප්වරසන් දුන්, විසිලු ගැසූ නළුවකු වේ නම් ඒ ඔහු ය. කිසිම ඇගයීමකට හෝ උපහාරයකට ලක් නොවූව ද අපේ මතකයේ ආදරණීය සිනහව ඔබයි. ඒ සොඳුරු මිනිසා ගැන මෙලෙස සටහනක් තබමින්, අපි ඔබ ගැන මතකය ආවර්ජනය කරමු. සුසිලා පතිරාජ පුබුදුගම උස්වැටකෙයියාව හදවතේ ගැඹුරු ම ස්පර්ශය
‘ප්‍රේමය නම් චිත්‍රපටය මා මෑතක නැරැඹූ සුන්දර ම චිත්‍රපටයකි. හදවතට සංවේදීව දැනුණ කතාවක් එහි ඇත. ඒ වගේ ම එය හදවත ගැඹුරින් ස්පර්ශ කරයි. කෙනෙත් පෙරේරා වැලිගම්පිටිය ජා - ඇල අභියෝග ජයගත් අග්‍රගණ්‍ය නිළියක්
නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ ‘සසර චේතනා චිත්‍රපටය සමස්තයක් ගත් කළ විශිෂ්ට ය. ප්‍රේමාන්විත රඟපෑම්, රසාලිප්ත ගීත, මියුරු සංගීතය, බිහිසුණු සටන් ඇතුළුව දඹදිව බෞද්ධ සිද්ධස්ථාන චිත්‍රපටයට මුසු කරමින් ඉටු කළ අගනා මෙහෙය සදාතනිකව අප හදවතේ සනිටුහන්ව ඇත. අග්‍රගණ්‍ය නිළියක ලෙස අභියෝග ජය ගනිමින් එඩිතර ලෙස එවැනි සිනමා කෘතියක් තිළිණ කිරීම අගයමි. සරත් ලියනගේ රන්මුතුගල කඩවත
දැවෙන විහඟුන්ට තුති
අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන් චිත්‍රපටය ජිනීවා නුවර පැවැති 15 වැනි අන්තර්ජාතික සම්මාන උලෙළට ඉදිරිපත් විය. එහිදි ඒ චිත්‍රපටය මානව හිමිකම් සිනමා උලෙළේ තරගකාරී අංශයට තේරී පත්වී තිබීම ශ්‍රී ලංකාවාසීන් වන අපි අගය කළ යුත්තෙමු.ඒ වෙනුවෙන් ඔහුට අපගේ ස්තූතිය සමඟ සතුට පුද කරමි. මැණිකේ විල්වල තිලකරත්න විල්වල කෑගල්ල විශිෂ්ට රංගන ශිල්පියෙක්
70 දශකයේ සිංහල සිනමාවේ පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින්, රසික ආකර්ෂණය ලද තිස්ස විජේසුරේන්ද්‍ර රඟපෑ චිත්‍රපට ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නේ ලෙන්ගතු හදවතිනි. ඔහු කිසිදිනෙක අපගේ හදවතින් අමතක නොවන විශිෂ්ට රංගන ශිල්පියෙකි. එච්. ඉන්ද්‍රපාල මුංහේන
ජාතික රූපවාහිනියෙන් ප්‍රතිචාර දක්වන්නපැරැණි සිංහල චිත්‍රපටයක් මාසයකට වරක් හෝ ජාතික රූපවාහිනියෙන් විකාශය වන්නේ නම් මැනවි. ‘මාතලන්, ‘සුදු සඳේ කළු වලා, ‘වනමෝහිනී වැනි චිත්‍රපටයක් නැරැඹීමට ප්‍රේක්ෂකයා ඉතා කැමැත්තෙන් සිටියි. මේ ප්‍රශ්නයට ජාතික රූපවාහිනියෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් සතුටට කරුණකි. අයිලීන් සෝවිස් වැලිසර රාගම
කල්යාණගේ කෙළිලොල් චිත්‍රපටය
කලා ලොවේ ප්‍රථමවරට කෙළිලොල් බවෙන් පිරි නිළියන් තිස්හය දෙනෙකුගෙන් යුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ භාග්‍ය උදාකර ගත් අධ්යක්ෂ කල්‍යාණ චන්ද්‍රසේකරට හදපිරි තුති පුදමි. එහි නිෂ්පාදක තරංග අතුරලිය සහ පාරිස්ටර්ටත්, ප්‍රථම වරට පොලිස් පරීක්ෂකවරියක ලෙස රඟන දිල්හානි අශෝකමාලාටත්, උදාරි පෙරේරා, දීපානි සිල්වා සහ මානෙල් වානගුරු ඇතුළු අන්හැමටත් ප්‍රණාමය පුද කරමි. සෝමරත්න ද සිල්වා මරදාන අහුන්ගල්ල සෝනියා ඔබ කොහි ද
සිංහල සිනමාව ප්‍රපාතයකට ඇද වැටී සිටි යුගයක කලාත්මක නොවූවද ඔබ නිර්මාණය කළ චිත්‍රපට වාණිජමය වශයෙන් සාර්ථක විය. සෝනියා, ඔබ නිහඬ ඇයි? නිහඬව නොසිට යළි ඔබගේ දක්ෂතා එළිදක්වන්න. කල්‍යාණ ජයනෙත්ති මැටරඹ උණවටුන ඇන්ටන් ජූඩ් සමරමු
වේදිකාවේ ජය කෙහෙලි නැංවූ ප්‍රහසනයේ දක්ෂයකු සේම, නිහතමානී මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි ඔබ භක්තියෙන් හා ආදරයෙන් සමරමි. එතුමා අප හැර ගියේ 2012 වසරේ මේ මස 20 වැනිදා ය. ඩඩ්ලි ගෝමස් මොරටුව කටුබැද්ද සිංහල සිනමාවට අර්ථවත් ගී
සිංහල සිනමාවට අර්ථවත් ගී සමුදායක් බිහි කළා වූද බොදු බැදි ගීත කිහිපයකින් බොදු දහමට ගරු කළා වූද, පන්සලේ පියතුමා යැයි හැඳීන් වූ ගීත රචක ගරු මර්සලින් ජයකොඩි පියතුමා සදා සිහිපත් කළ යුතුයි. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල කොටුගොඩ
ජාතික ගුවන්විදුලියට සම්පත්නවක නිවේදකයන් වන ශාන්ත කුමාර ලියනගේත්, නිවේදක දිනූෂා වෙත්තසිංහ සහ සම්පත් සල්පිටිකෝරාලාත් ජාතික ගුවන්විදුලියට අගනා සම්පත් ය. ඔවුන්ගේ ඉදිරි ගමනට භක්ති ප්රණාම පුද කරමි. සරත් රණසිංහ කපුගොඩ මාළිඳ
රශිපබා දියණියට ආසිරි!ඔබ දෙරණ ටී.වී. සේවයෙන් විකාශය වන දෙරණ සිටි ස්ටාර් කණ්ඩායම් නර්තනය වෙනුවෙන් පසුගිය දිනකදී ශ්‍රී දේවිගේ චරිතය නිරූපණය කරමින් විශිෂ්ට රංගනයක නිරත වූවා ය. රශිපබා සංදීපනී දියණියට කලා ලොවේ දිගු ගමනකට ආසිරි! එස්. ඒ. ප්‍රේමලතා රුක්ගහ තොටුපල බණ්ඩාරගම
ජයසේකර අපොන්සුට ජය පිට ජය
‘සුහද පැතුම‘ චිත්‍රපටයෙන් සිනමාවට විකට ශිල්පියකු ලෙස පැමිණිය ද ජයසේකර අපොන්සු වන ඔබ වේදිකාව හැඩ වැඩ කළේ ‘අකුරු 2 නමින් ය. ගුරු, තටු, ඉරි, රජු මෙයට කදිම සාධක ය. ඔබ රසික - රසිකාවන්ට මහත් රුකුළක් වනු ඇත ඔබගේ ඉදිරි ගමනට ජය පිට ජය. දයානන්ද සිල්වා සීනිගම හික්කඩුව
ෆේස් 2 ෆේස්ඇඹිලිපිටියට බිහි වූ ෆේස් 2 ෆේස් සංගීත කණ්ඩායම අංක එකට පත් වී ඉදිරිය ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න මගේ පැතුමයි. ජගත් දසනායකට මගේ සුභාශිංෂණ. සුනිල් බී. වේහැල්ල ගෝනපොළ
තාරුකාට සුබපැතුම්නවපරපුරේ බිහි වූ රංගන ශිල්පිනයන් අතර තාරුකා වන්නිආරච්චිට ප්රමුඛ ස්ථානයක් හිමිවෙයි. කලා ලොවේ දිගු ගමනක් යන්න අපෙන් සුබ පැතුම්! චමිලා චන්ද්‍රාණි තඹගල්ලවත්ත මැදගම
විජය අමරණීයයි
හන්තානේ කන්දෙන් පෑයූ තරුව සෝමා රණසිංහ |