සුමීගෙන් අහන්න
පකිස්තාන් චිත්‍රපටවල මුලින්ම රඟපෑවේ සබීතා ද? ස්වර්ණා
ද?

දංකොටුවේ නාලක බමුණුසිංහ
ප්‍රශ්නය - පකිස්තාන් චිත්‍රපටවල රඟපැම සඳහා ආරාධනා ලද ප්‍රථම සිංහල
චිත්‍රපට නිළිය කවුද?
පිළිතුර - මුල්ම ආරාධනාව ලද්දේ ස්වර්ණා මල්ලවආරච්චිට. නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළා.
මාවතගම පැට්රික් අල්මේදා
ප්‍රශ්නය - කීර්ති පැස්කුවල් ගයන 'සිංහල රජ කාලේ නෙමෙයි දැන් මේ කාලේ' ගීතය
කාගේ නිර්මාණයක්ද?
පිළිතුර - එහි රචනය තනුව හා සංගීත සයෝජනය ඩබ්ලිව්. බී. මකුලොලුවගේ යැයි ආචාර්ය
ජිනදාස වීරකෝන් ලියූ ලිපියක සඳහන්ව තිබුණා මට මතකයි. අයිවෝ ඩෙනිස්, නන්දා පතිරණ
ගායනයෙන් එක් වුණා. වැඩි විස්තර අයිවෝගෙන් විමසා බලන්න.
වස්කඩුව දෙදියවල ගාමිණි ගුණතිලක
ප්‍රශ්නය - 'නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු' ගීතයේ තනුව අනුව ගැයෙන තවත්
ගීතයක් තිබෙනවාද? මා එබඳු ගීතයක් කුඩා කල අසා තිබෙනවා.
පිළිතුර - ඔව්. ආටිගල සරච්චන්ද්‍ර ලියූ 'ශාන්ත වූ වෙසක් දිනේ - ලෝක නාථ වූ' නමැති
ගීයයි ඒ. එය කවුරු ගායනා කළේදැයි මා දන්නේ නැහැ.
නාවලපිටියේ කුසුම් ගුණවර්ධන
ප්‍රශ්නය - 'ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්' නම් වූ ජනප්‍රිය සිංහල ගීතය හින්දි
තනුවක්ද?
පිළිතුර - ඔව්. එය 'දෝ ආන්කේන් බරාහාත්' චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් ගැයූ ගීතයක
අනුකරණයක්.
ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - 'ගම්පෙරළිය' චිත්‍රපටයට මුලින්ම තෝර ගත්තේ ටයිටස් තොටවත්තගේ
බිරිඳ සුජාතා තොටවත්තද?
පිළිතුර - ඔව්. ඇය 'මුහුදෙන් නිවෙසට' නම් වූ ලෙස්ටර්ගේ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටයේ
රඟපෑ සුජාතා තමයි තමා වෙනුවට 'ගම්පෙරළියේ' නන්දාගේ චරිතයට පුණ්‍යාගේ නම යෝජනා කරලා
තියෙන්නේ.
මීගමුවේ මහ හුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා
ප්‍රශ්නය - කිශෝර් කුමාර් ගයන 'ප්‍යාර් දිවානා හෝතා හේ' ගීතය රැගත්
චිත්‍රපටය කුමක්ද? ඒ ගීතමය ජවනිකාවට රැඟුවේ රාජේෂ් ඛන්නා බව නම් මට මතකයි.
පිළිතුර- 'කති පත්න්ග්'.
මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - 'හුලවාලි' නමින් චිත්‍රපටයක් තිරගත වුණා අපට මතකයි. මේ 'හුලවාලි'
කියන වචනයේ තේරුම මොකක්ද?
පිළිතුර - 'හුලවාලි' කියන්නේ රොඩී රැහේ නායකයාටයි.
මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - මුකේෂ් ගයන 'ඩම් ඩම් ඩිගා ඩිගා', 'චලියා මේරා නාම්' යන ගීත රැගත්
'චලියා' චිත්‍රපටයේ සංගීතය ශන්කර් ජායිකිෂන්ගේ බවයි මගේ අදහස. ඒත් මගේ මිතුරකු
කියන්නේ එහි සංගීතය කල්‍යාන්ජි ආනන්ජිගේ බවයි. අප දෙදෙනාගෙන් නිවැරැදි කවුද?
පිළිතුර - ඔබේ මිතුරා නිවැරැදියි.
මහනුවර දංගොල්ලේ සඳුනි රාජපක්ෂ
ප්‍රශ්නය - 'සැඩ සුළං' චිත්‍රපටයට ඒ. ඇම්. රාජා හා ජමුනා රාණි ගයන 'පෙම්
කැකුළ පිපී' ගීතය ගැන ඔබේ අදහස් දැනගන්ට කැමැතියි.
පිළිතුර - මට නම් එහි විශේෂත්වයක් නැහැ. හැබැයි තිස්ස අබේසේකර වරක් කියා තිබුණේ එය
සිංහල චිත්‍රපට ගීතාවලියේ හොඳම යුග ගීතය බවයි.
අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - අමරදේවයන් ගයන 'කුමරික පා සළඹ සැලුණා' ගීතය කේ. ඩී. කේ.
ධර්මවර්ධනගේ රචනයක්ද?
පිළිතුර - ඔව්. නමුත් එහි ඇතැම් තැන් අමරදේව සකස් කර තිබෙනවා. 'සුරන් නැළ වූ
සුයාමය' වැනි වචන අමරදේවගේ.
නාවලපිටියේ තරංග පද්මලාල්
කෑගල්ලේ තටාකය පාරේ තිලකරත්න විල්වල, මැණිකේ විල්වල
ප්‍රශ්නය - 'සුජාතා', 'වනමෝහිනි' යන පැරැණි චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළේ
කවුද?
පිළිතුර - සුජාතා (ටී. ආර්. සුන්දරම්, ඩී වී.චාරි) 'වනමෝහිනි' (ටී. ආර්. සුන්දරම්,
ඒ. බී. රාජ්).
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.
|