|
‘සඳ මඩල’ හෙට
සුභාවිත ගීත සම්ප්රදායේ අලුත් අත්දැකීමක් එක් කරමින් ඉදිරිපත් කරන ‘සඳ මඩල’ සංගීත ප්‍රසංගය මේ මස 24 වැනිදා පස්වරු 6.30ට කොළඹ 02 බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වෙයි. එහිදි සිදු වන විශේෂත්වය වන්නේ වසර 15වකට පසුව මාලනී බුලත්සිංහල ගැයූ ගීත ඇගේ නැඟණිය සන්ධ්‍යා බුලත්සිංහල හා මාලනීගේ පුතු කසුන් කල්හාර සජීවව ගායනා කිරීමයි. එමෙන්ම විශාරද ජගත් වික්‍රමසිංහ, විශාරද නෙලූ අධිකාරී යන ශිල්පීන් දෙදෙනා ද ඒ ප්රසංගයේදී ගැයීමට නියමිත ය. සුදර්ශියේ නාට්‍ය වැඩමුළුවක්
මාර්තු 23, 24, 25, 26 යන දිනවල ලෝක නාට්‍ය ආයතනයේ ප්‍රවීණ විදේශීය නාට්‍යවේදීන් දෙදෙනෙකු වන ච්ඥඵඵච -පිලිපීනය හා උතපඪඬඥ - ජර්මනිය මෙහෙයවන 'නාට්‍ය හා රංගනය' වැඩමුළු පෙ. ව. 9.00 සිට 4.30 දක්වා කොළඹ සුදර්ශී ආයතනයේදී පැවැත්වේ. 2017 මාර්තු ලෝක නාට්‍ය දිනය දින පෙ. ව. 9.00 සිට අවසාන උත්සවය පැවැත්වෙන අතර එහිදී ජයග්‍රාහකයින් සඳහා සම්මාන උලෙළ හා වැඩමුළුවේ සහභාගිවන්නන්ගේ ඉදිරිපත් කිරීමක් ද වේ.
‘අංගං යක්කං’ සටන් දැක්ම 26
‘දඩුබස්නාමානය’ ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නාට්‍ය රැසක සටන් අධ්යක්ෂ ලෙස කටයුතු කළ ප්රබලතම අංගම් පොර සටන්කරුවකු වන අංගම් මොහන්දිරම් අජන්ත මහන්තාරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කලායතනයේ නූතන පරපුරේ සාමාජිකයන් පවත්වා ගෙන යන ‘අංගං යක්කං’ සටන් දැක්ම මේ මස 26 වැනිදා පස්වරු 6.30ට බත්තරමුල්ල අපේ ගම ප්‍රධාන රඟහලේදී පැවැත්වෙයි.
මාසික නාට්‍ය කතිකාව කේ. බී හේරත් වෙනුවෙන්
මෙරට නාට්‍ය ක්ෂේත්රයේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ සහ නාට්‍යකරුවන් පිළිබඳ සාකච්ඡා කෙරෙන 'මාසික නාට්‍ය කතිකාව' මාර්තු මාසයේ දිගහැරුම ලබන 28 වැනිදා පස්වරු 4.30ට බොරැල්ල නාමෙල් මාලිනි පුන්චි තියටර්හිදී පැවැත්වේ. මෙවර එහිදී සාකච්ඡාවට ගැනෙන්නේ, කේ. බී හේරත් සූරින්ගේ නාට්‍ය නිර්මාණයන්ය. මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු පබන අතර ප්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රාජිත දිසානායක ඇතුළු පිරිසක් සාකච්ඡා මණ්ඩලයට සහභාගි වීමට නියමිතය. පසුගිය පෙබරවාරි මාසයේ සාකච්ඡාව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිර්මාණ වෙනුවෙන් වෙන් කෙරිණි. නාට්‍ය ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් ඇති සැමට මේ සඳාහ සහභාගි වන මෙන් ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි ආරාධනා කරයි. |