වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

රත්නපුර නිව් ඉම්පීරියල් සිනමා ශාලාවට එදා පැමිණි සියල්ලන්ගේම සිත් තුළ පැවතියේ මහත් වූ බලාපොරොත්තුවකි. ඒ කෙදිනක හෝ රංගන ලොව ජය කෙහෙළි නැංවීමයි. සරසවිය මොඩ්ල් බෑන්ක් රත්නපුරයට ගෙන ඒම පිළිබඳ ඔවුන් අපට අපරිමිතව ස්තූති කළහ. එදින මුලින්ම පැමිණ සිටි අයගෙන් වැඩි දෙනෙකු ළමෝ වීම ද විශේෂත්වයකි.

මිතුන් සිරිවර්ධන

SMBRP 16

මිතුන් සිරිවර්ධනගෙ ගම රත්නපුර. ඔහුගේ වයස අවුරුදු දහනවයයි. රත්නපුර අට රූගත කිරීම් කළ දස්කොන් ටෙලි සිතුවමේ නිෂ්පාදන කණ්ඩායමට සම්බන්ධවෙලා මිතුන් කටයුතු කරලා තියෙනවා. ඒවගේම රජා මං වහලා වේදිකා නාට්‍යහිත් ඔහු රඟපාලා තියෙනවා. නමුත් තවමත් චිත්‍රපටයකට රංගන අවස්ථා උදාවෙලා නැහැ. ඕනෑම අධ්‍යක්ෂවරයකු යටතේ චිත්‍රපටයක රංගනයෙන් දායකවීමට මිතුන් කැමැත්තෙන් ඉන්නවා.

විමුක්ති සංකල්ප

SMBRP 19

විමුක්ති සංකල්ප වේදිකාවට තමයි වඩාත් ළෙන්ගතු. ඒ වගේම ටෙලි නාට්‍යවලටත් කැමැතියි. මේ කුමන හෝ මාධ්‍යයක නිර්මාණයකට දායකවීමට විමුක්ති අපේක්ෂා කරනවා. ඔහුගෙ ගම රත්නපුර ඇත්ඔය. වයස අවුරුදු දහනවයයි. ඩොනල්ඩ් ජයන්ත තමයි කැමැතිම අධ්‍යක්ෂවරයා.

නුවන් ශ්‍රී ලාල්

SMBRP 17

රෝයි ද සිල්වාගේ නිර්මාණයකින් කලඑළියට පැමිණීමට අපේක්ෂා කරන ඔහු නුවන් ශ්‍රී ලාල්. වයස අවුරුදු විසිනවයයි. රක්වානේ පදිංචි ඔහු පාසල් නාට්‍යවල පමණයි රංගනයේ යෙදී ඇත්තේ. චිත්‍රපට නළුවකුවීමයි ඔහුගේ එකම හීනය.

නිලක්ෂිත සංදීප

SMBRP 18

නිලක්ෂිත සංදීප තම මාධ්‍ය කරගන්න අදහස තියෙන්නෙ වේදිකාව. වේදිකාවේ පෙළහර පා දෙවනුව චිත්‍රපටයක රංගනයේ යෙදෙන්නයි ඔහු අපේක්ෂා කරන්නෙ. නිලක්ෂිතගෙ වයස අවුරුදු දහනවයයි. පදිංචිය රත්නපුර කොටාමුල්ල. කැමැතිම අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය.