|
ශිවන්‍යා වෙනුවට ශිවන්ගි ඇවිත්ප්රේම දඩයම 2
ඉන්දියානු ටෙලි නාට්‍ය මාලා රැජින හෙවත් සෝප් ඔපෙරා ක්වීන් ලෙස හැදින්වෙන එක්තා කපුර් නිශ්පාදනය කරන ලද බොහෝ ටෙලි කතා මාලා මෙන්ම නාගීන් කතා මාලාව ද සාර්තකත්වයේ හිනි පෙත්තටම ඉතා ඉක්මනින් ලඟා වු ටෙලි නිර්මාණයකි. නාග මානික්‍ය සුරකින නාග කන්‍යාවන් මුලික කර ගත් කතා තේමාවක් ඔස්සේ දිවෙන නාගීන් කතා මාලාව විදෙස් භාෂා වලට ද පරිවර්තනය කර විවිධ රට වල මේ වන විට විකාශනය වේ. ඔබ කවුරුත් දන්නා " ප්‍රේම දඩයම " ටෙලි නාට්‍ය ලෙසින් සිරස ටීවී ඔස්සේ විකාශය වූයේ එම නාගීන් ටෙලි කතා මාලාවේ පලමු අදියරේ සිංහල පරිවර්තනය වේ. පහුගියදා නිමාවට පත් වු ප්‍රේම දඩයම කතා මාලාවේ දෙවෙනි අදියර මේ වන විට ඉන්දියාවේ විකාශනය ආරම්භ කර ඇති අතර එළඹෙන මාර්තු 25 වෙනිදා සිට සිරස ටිවී ඔස්සේ ප්‍රේම දඩයම දෙවනි අදියර ශ්‍රී ලංකාවේ විකාශනය ද ඇරඹේ. ශිවන්‍යා නම් වු වෙස් මාරු කල හැකි නාග කන්‍යාවක සහ රිතික් නම් මනුස්ස පුත්‍රයෙකු අතර ඇති වෙන පෙම් කතාවක් ද ඔවුන් දෙදෙනා එක්ව නාග මානික්‍ය සුරැකිම පිලිබදව කතා පුවත ප්‍රේම දඩයම පලමුවන අදියරට තේමා වු අතර දෙවන අදියර ලෙසින් විකාශය වන්නේ රිතික්ගේ සහ ශිවන්‍යාගේ දියණිය වු ශිවන්ගි පිලිබද කතා පුවත වේ. ආදරය, පලිගැනිම් , වෛරය හා සාමය යනාදි විවිධ තල ඔස්සේ දිවෙන ප්‍රේම දඩයම දෙවන කතා මාලාවේ ශිවන්ගි ලෙසින් රංගනයෙන් නිරත වන්නේ ශිවන්‍යාගේ චරිතයට රංගනයෙන් දායක වු ඉන්දියානු ටෙලි නාටය නිලි මෞනි රෝයි වීම විශේශත්වයකි.
රිතික්ගේ චරිතය කතාව ආරම්භයේදිම ඉවත් කර තිබිම මේ වන විට ප්‍රේක්ශකයන් දැඩි සේ නොසන්සුන් කිරිමට හේතු කාරණා වී තිබේ. මිරිනල් ජා,ආර්. එම්. ජෝශි, නේහා සින්ග් ගේ කතාවට අනුව ශිවානි ශා, අනුරාග් ශර්මා එක්ව තිර පිටපත ලියන ප්‍රේම දඩයම හෙවත් නාගින් කතා මාලාවේ දෙබස් ලියවෙන්නේ රේඛා මෝඩි විසිනි. සන්ත්‍රම් වර්මා, චාන්දනි, නිරාජ්, ලලිත් මාරතේ, රාකේශ් චෞද්‍රි යන අයගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙම නාගින් කතා මාලාව ඉතා ඉහල ප්‍රේක්ශක අවදානයක් මෙන්ම විශාල සම්මාන රාශියක් දිනා ගනු ලැබු කතා මාලාවකි. ඉම්‍රාන් හශ්මි, පන්චි දේසායි, ලාරා දත්තා, ගොඋහර් ඛාන්, අෆ්ටාබ් ශිවදාසනි, තුශාර් කපුර් වැනි ප්‍රකට ඉන්දිය සම්මානිය සිනමා නළු නිළියන් ප්‍රේම දඩයම හෙවත් නාගින් දෙවන අදියරේ දි ආරාධිත රංගනයෙන් දායක වීමට නියමිතය සිරස ටීවී ඔස්සේ විකාශය වූ ප්‍රේම දඩයම ටෙලි නාට්‍ය මාලාව ලාංකීය ප්‍රේක්ෂකයන් අතර ද බෙහෙවින් ජනප්‍රිය වූ අතර ප්‍රේම දඩයම දෙවෙනි අදියර මාර්තු 25 වෙනිදා සිට රාත්‍රී 7.25ට සිරස ටීවී ඔස්සේ විකාශනය ආරම්භ වේ.
|