වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ඉෂාරගේ පළමු ගීතය

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

ඉෂාරගේ පළමු ගීතය

මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk  ඔස්සේ නැරඹිය හැකිය

 

පාළුවේ මා හැරදාලා

වෙන් වී සදා

බොහො දුරක ඔබ පියඹාලා

හරැලි මකා

ඔය මුවේ මුදු සිනා මැවෙනවා

හඬ හඬා රැය දිවා ගෙවෙනවා

මා හදවතේ පෙම් ගී වැල් අතුරාලා

පෑ ආදරේ සුව මේ යැයි පෙන්නාලා

දුන් ඒ සෙනෙහෙ යළි රහසින් උදුරලා

ඇයි දුර ගියේ මගෙ දෑතින් වෙන් වෙලා

උණු කඳුළැලි නුඹෙ නමින් ගලනවා

නුඹෙ හසරැල් මා සදා පතනවා

රෑ සීතලේ තනි යහනෙ වැතිරිලා

ඒ මල් සමේ පැතූ සිහිනේ දකිනවා

මා හැර ගියත් නුඹ ඔහුගේ සුව සොයා

මේ අත්භවේ පැතූ පැතුමන් රකිනවා

උණු කඳුළැලි . .

ගායනය - ඉෂාර නිහාන්

පද රචනය - පසිඳු කරුණාරත්න

සංගීතය - තරිඳු බණ්ඩාර

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ලක්ෂිත බණ්ඩාර

වීඩියෝවෙ රඟපෑ නළු නිළියන් - මේනක අවිතාෂ්, දිනුෂා සිරිවර්ධන, ඊෂා ධනංජය

සංස්කරණය - හාෆ් මූන් ක්‍රියේෂන්

කැමරා අධ්‍යක්ෂ - ලක්ෂිත බණ්ඩාර

 

 

 

 

මෙය ඉෂාර ගිහාන්ගේ පළමු ගීතයයි. කොළඹ අවට ප්‍රදේශයන්හි මෙය රූගත කෙට ඇත. මෙම වීඩියෝවේ රඟපාන ප්‍රධාන නිළිය වූ දිනුෂාව පැහැර ගෙන යන දර්ශනයක් තිබේ. එය කැමරාවට ගනිද්දී ඒ අසල උන් මිනිසුන් කිහිප දෙනෙක් ඇත්තටම පැහැර ගැනීමක් සිදු වෙනවා යැයි බිය වුණාලු.


ඉතාලියේ රූගත වූ ගීතයක්
 

පෙම් කළ තරම් අපි රත්තරං
කවුරුත්ම නෑ දැන උන්නේ නම්
හැඬ වූ තරම් ඔබ මාව නම්
අහිතක් හිතේ නැහැ කොහොමටවත්
මතුදාකවත් ඔබ ඒවි නම්
මේ ඇස්වලින් තව මඟ බලන්
යළි එන්න රත්තරං
මං ඉන්නෙ තවමත් මඟ බලන්

සංසාරයේ කළ පවු නිසා
අහිමිව ගියත් සෙනෙහස මෙදා
තුනී වෙන්නෙ නෑ දුක සත්තකයි
තනිකම ඔයා මට හුරු කළා
මතුදාකවත්...

තුරුළේ මගේ හිනැහෙනු ඔයා
අද වෙන කෙනෙකුගේ තුරුලට වෙලා
ඉවසන්න බෑ මට මේතරම්
රැවටුණු දෙනෙත් තව හඬනවා
මතු දාකවත්...

 

ගායනය - ලෝරන්ස් චන්දන
පද රචනය - ඩිලංක ගයාන්
සංගීතය - චන්දන වල්පොල
සංගීත සංයෝජනය - ඩිලාන් ප්‍රියංකර
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - සුසන්ත මල්ලවාරච්චි
වීඩියෝවේ පිටපත - අකිලා නදීශානි

ලෝරන්ස් චන්දන වර්තමානයේ ඉතාලියේ පදිංචිව සිටින අයෙකි. රැකියාවේ නිරත වන ගමන් සංගීත කටයුතුවලට දායක වන ඔහුගේ දෙවැනි ගීතය මෙය වේ. ඉතාලියේ කතාන්‍යා නුවර මෙම වීඩියෝව රූගත කොට ඇත. රංගනයෙන් දායක වනුයේ ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකි.