|
ශිල්පා නැවතත් විශ්වවිද්‍යාලයට
බොහෝ නළු නිළියන් අතීතයේ සිය වෘත්තීය ජීවිතයෙන් මඳකට නිවාඩු ගෙන, යම් යම් පාඨමාලා වලට යොමු වූවා. ප්‍රීති සින්ටා ව්‍යාපාර පාඨමාලාවක් කළ අතර, කන්ගනා රනාවුත් චිත්‍රපට නිර්මාණකරණය ගැන පාඨමාලාවක් හැදෑරුවා. ශිල්පා ශෙට්ටිත් එවන් පාඨමාලාවකට යොමු වී සිටින බව ආරංචියි. ඒ සෞඛ්‍යය සහ පෝෂණය ගැන පාඨමලෙවකට. නිළියක්, ව්‍යාපාරික කාන්තාවක් වන ශිල්පා මේ වන විටත් පෝෂණය ගැන ලියවුණු කෘතියක සම කතුවරියක් ද වෙනවා.
එක සම්බන්ධයකින් තවත් එකකට
බොලිවුඩ් නළු - නිළි යුවලක් වන සුෂාන්ත් සිං රාජ්පුත් සහ අන්කිතා 2011 වසරේ සිට විවාහ ගිවිසගෙන සිටින යුවලක්. කෙසේ නමුත් මේ වසරේ මුල සිට මේ දෙදෙනා වෙන්වීමට යන බව, ඊට මුල්වූ හේතු ගැනත් බොහෝ කටකතා පැතිරුනා. මේ වනතෙක් දෙදෙනාගෙන් එක අයෙකුවත් මේ ගැන කිසිවක් ප්‍රකාශ කර තිබුනේ නැහැ. කෙසේ වෙතත්, පසුගියදා සුෂාන්ත් සිය ට්විටර් ගිණුමේ මේ ගැන යමක් ප්‍රකාශ කර තිබුණා. මේ පණිවුඩයේ අන්කිතාගේ නම සඳහන් නොවුවත්, කියවෙන්නේ ඇය ගැන බව කාටත් පැහැදිලියි. "ඇය බේබද්දියක්වත්, මම සල්ලාලයෙකුවත් නොවෙයි. එත් සමහර විට පුද්ගලයින්ට වෙන්ව දියුණුව කරා යාමට සිදුවනවා. එය අවාසනාවක්. එච්චරයි." සුෂාන්ත් කියා තිබුණා. කොහෙම වුණත් සුෂාන්ත් තමන් සමඟ රංගනයේ යෙදෙන සමහර සහය නිළියන්ට ළංවී සිටින බවටත් කටකතා තිබෙනවා. මේ ගැන විමසීමකදී අන්කිතා එය ප්‍රතික්ෂේප කර ඇති මුත් පසුව සිය ට්විටර් ගිණුමේ සුෂාන්ත් එක් සම්බන්ධයකින් තවත් එකකට මාරු වන කෙනෙක් බවට චෝදනා කර තිබෙනවා.
පැතිය යුතුම පිරිමියාට පැතිය යුතුම කාන්තාව
මෑතකදී, බොලිවුඩ් නළු රන්වීර් සිං 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' සඟරාවේ පැතිය යුතුම පිරිමි 50 දෙනා (50 ථධඵබ ඤඥඵඪපචඡතඥ ථඥද 2015) ගෙන් පළමුවැනියා ලෙස ජයග්‍රහණය කළා. සඟරාව සමඟින් කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු, මේ ගැනත් මෝස්තර නිරූපණය ගැනත් වගේම වසර ගණනක් තිස්සේ මේ තත්වයට පත් වූයේ කෙසේද යන්නත් විස්තර කළා. මෙම සම්මුඛ සාකච්ඡාවේදී 'පැතිය යුතුම කාන්තාව' කවුරුන්ද යන්න ඔහුගෙන් ප්‍රශ්න කෙරුණා. ඔහු මෙසේ පිළිතුරු දුන්නා. "මා කෙළින්ම ඒ ගැන කිව්වොත්, මා කයිවාරු කාරයෙකු ලෙස මිනිසුන් නම් කරාවි. පැතිය යුතුම පිරිමියාට පැතිය යුතුම කාන්තාව ලැබී තිබෙනවා. මා එපමණක් පවසන්නම්"
වයස ප්‍රශ්නයක් වූවා නම් ?
විශිෂ්ට නළු-නිළි ත්‍රිත්වයක් වන අමිතාබ් බච්චන්, විද්‍යා බාලන් සහ නව්සුද්දීන් සිද්දික් රඟන ඊඥ3ද චිත්‍රපටය බොලිවුඩය බොහෝ බලාපොරොත්තු තබාගෙන ඇති චිත්‍රපටයක්. පසුගියදා මෙම චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය නිකුත් වූණා. ඒවගේම එය සැමගේම අවධානය දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. රිභූ දාස්ගුප්තා විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටය 2013 වසරේ තිරගතවූ 'මොන්ටෙජ්' කොරියානු චිත්‍රපටයේ නිල නොලත් ප්‍රති නිර්මාණයක් බවයි ආරංචි. ඊඥ3ද ප්රචාරක පටය නිකුත් කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමිතාබ් ගෙන් විවිධ ප්‍රශ්න විමසා තිබෙනවා. එක් මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අසා ඇත්තේ, "මෙතරම් වයස්ගත වී, චිත්‍රපටයක කේන්ද්‍රීය චරිතයක් අල්ලා ගැනීමට හැකි වූයේ කෙසේද?" යන්නයි. "සිනමාව කාලයක් තිස්සේ බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබෙනවා. එක් එක් සිනමා ප්රභේදයන්ට විවිධ වයස් කාණ්ඩ වලට අයත් විවිධ චරිත රැගත් ඒ ඒ ආකාරයේ ආකර්ශනීය කතා වස්තු නිරතුරුව ලියවෙනවා. වයස ප්‍රශ්නයක් වූවානම්, බිල් මුරේ සහ මෙරිල් ස්ට්‍රීප් අද වනවිටත් හොලිවුඩයේ වැජඹෙන්නේ නැහැ" අමිතාබ් පිළිතුරු දුන්නා.
ජැකලින් - සල්මන් සහ විවාහය
කරන් ජොහාර් සහ සල්මන් ඛාන් එක්ව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට යන බව බොහෝ දෙනා දන්නා කරුණක්. ‘දෝස්තානා’ අධ්‍යක්ෂක තරුන් මන්සුඛානි මෙය අධ්‍යක්ෂණය කරන බවත් ප්‍රසිද්ධයි. එහි ප්‍රධාන කාන්තා චරිතයට කත්රිනා කයිෆ් තෝරා ගෙන සිටි බව ආරංචි වූණත්, අලුත්ම ෆිල්ම්ෆෙයා වාර්තා අනුව ජැකලින් ෆර්නැන්ඩස් මේ චරිතය රඟපාන බවයි ආරංචි. ජැකලින් සහ සල්මන් කලක් ආදරවන්තයින්ව සිටි බව කාටත් නොරහසක්. ඒ නිසා කත්රිනා ඉවත් කර ජැකලින් මේ චරිතයට ගත්තේ සල්මන් ද යන වගට මේ දිනවල කටකතා පැතිරෙනවා. සල්මන් සහ ලුලා වන්තූර් ගේ විවාහ ගිවිස ගැනීමක් ගැනත් ආරංචි ගලා එන නිසා බොහෝ දෙනා මේ ප්රවෘත්ති ගැන අන්දමන්ද වී සිටිනවා.
|