|
ඒ තමයි ජිප්සීස් සුNILඅපි හැමෝම තැනක ඉන්නකම් විතරයි මිනිස්සුන්ට අපිව මතක තියෙන්නෙ. විශේෂයෙන්ම කලාකරුවකු හෝ කලාකාරිනියක් යුහුසුලුව වැඩ කරන කොට ඔහුගෙන් හෝ ඇයගෙන් ඇති තරම් වැඩ ගන්නවා. නමුත් අසනීපයක් වෙලා එක්තැන් වුණාම ගොඩක් දෙනෙක් මඟ හරිනවා. ඊටත් හපන් කෙනෙකු මිය ගියායින් පස්සේ ක්රමයෙන් ඔහුව හෝ ඇයව අමතක වෙලා යනවා. ඉන්නකම් වැඩ ගත්තු වැඩි දෙනෙකුට ඒ කෙනාව මතකවත් නැහැ. ඔවැනි අය අතරේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා විශේෂ තැනක් ගන්නවා. මං පෙර කතන්දර කියාගෙන අවේ සුනිල් ගැන යමක් සඳහන් කරන්න. මොකද මෙයට හේතුභූත වන කාර්යය සුනිල් කළේ ඉතාමත් අප්රකටව නිසා. මේ ගැන අපිට කිව්වෙත් ඔහුගේ මිත්රයෙක්. හේමසිරි හල්පිට කියන අති දක්ෂ ගී පද රචකයා සහ නිවේදකයා ගැන ඔබ අහලා ඇතිනෙ. ජිප්සීස්ලාට ඉදිරියට එන්න ලැබුණු ගීත රැසක්ම ලිව්වේ ඔහු. හල්පිට වියෝ වුණායින් පසුව ඔහුගේ පවුලේ උදවිය අසරණභාවයට පත් වුණා. ඉන්න හිටින්නටවත් හරි හැටි තැනක් තිබුණේ නැහැ. සුනිල් කරලා තියෙන්නේ මොකක්ද දන්නවද. හල්පිටගෙ පවුලේ අයට පදිංචි වෙන්න ලක්ෂ ගාණක් වැය කරලා සුනිල් ගෙයක් හදලා දීලා. හල්පිට තමන් වෙනුවෙන් කළ අමිල වූ මෙහෙය වෙනුවෙන් තමයි සුනිල් ඒ උදව්ව අප්රකටම කරලා තියෙන්නේ. බලාගෙන ගියාම සුනිල් රියල් පොරක් නේද?
|