වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




වෛද්‍ය ශිෂ්‍යාවට ආධාර පිණිස ප්‍රදීපාගෙන් නර්තන ප්‍රසංගයක්

වෛද්‍ය ශිෂ්‍යාවට ආධාර පිණිස ප්‍රදීපාගෙන් නර්තන ප්‍රසංගයක්

සරම්ප වෛරසය ශරීරගත වි ස්නායු ආබාධයකින් පසුවන හර්ෂනී කුමාරි වෛද්‍ය ශිෂ්‍යාවට ආධාර කිරීමේ පරමාර්ථයෙන් ප්‍රවීණ නර්තන ශිල්පිනී ප්‍රදීපා ආරියවංශ 'සසන්‍යා' නමින් නර්තන ප්‍රසංගයක් මේ මස 14 වැනිදා සවස 6.00 ට මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වීමට සූදානම් වෙයි.

ප්‍රදීපා ආරියවංශ කලායතනයේ නර්තනය හදාරන සසිනි විදුදරා ජයසිංහ ශිෂ්‍යාවගේ මුලිකත්වයෙන් යුත් නර්තන කණ්ඩායමක් මෙම ප්‍රසංගය වර්ණවත් කරනු ලැබේ.

මෙම ප්‍රසංගය නරඹා මෙම සමාජ සත්කාරයට දායක වන ලෙස සියලු දෙනාට ප්‍රදීපා ඇරැයුම් කර සිටී.