වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




පූජාගේ මහඟු ආදර්ශය

පූජාගේ මහඟු ආදර්ශය

පූජා උමා ශංකර් කියන්නේ කවුද කියලා ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. දැන් පූජා ඉන්දියාවට වඩා ලංකාවේ ජනප්‍රියයි. කොතරම් ජනප්‍රිය වුණත් පූජා සතු මහත්මා ගුණයක් තියෙනවා. ඒ ගැන කියන්න තමයි මෙ හදන්නේ පසුගිය දිනෙක අපේ කතුතුමාට මේ පූජාගෙන් දුරකතන ඇමතුමක් ආවා. ඇය එහෙම කතා කරලා කිව්වේ ඇගේ අලුත්ම චිත්‍රපටය වූ පත්තිනි' ගැන. පත්තිනි සියලු ප්‍රචාරක වැඩ කටයුතු සඳහා ඇය සහභාගි වන බව සඳහන් කළා. ඒ වගේම සරසවියෙත් පත්තිනි ප්‍රවර්ධනය සඳහා ඉඩ වෙන් කරන්න යැයි ඇය ඉල්ලීමක් ද කළා.

පූජා මේ කතා කළේ තමන්ගේ චිත්‍රපටය වෙනුවෙන්. ඒකට අපේ සමහර නළු නිළියෝ. චිත්‍රපටයේ වැඩ කරලා සල්ලි ඉල්ල ගන්නකම් සුහදව ඉන්නවා. ඊට පසුව චිත්‍රපටය පෙන්වන්න හදද්දී මේ අයව මාදැල් දාන්න ඕනෑ අල්ලගන්න. නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු තමන්ගේ චිත්‍රපටයට නළු නිළියන් සොය සොයා පස්සේ යන හැටි දැක්කම අපට දුකයි. ඒ කාලේ නම් හැම නළු නිළියක්ම තමන්ගේ චිත්‍රපටය දුවාගන්න පංගු පේරු නැතුව මහන්සි වුණා. අන්න ඒ උන්දලට පූජා දුන්නේ මහඟු ආදර්ශයක්. අන්න නිළියෝ.