|
කීර්ති බණ්ඩාරට නළු නිළියන්කීර්ති බණ්ඩාරගේ අධ්‍යක්ෂණය කරන ‘හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්’ චිත්‍රපටයෙන් ආධුනික නළු නිළියන් හට අවස්ථාවක් උදා වී ඇත. ඒ සඳහා කැමැත්තක් දක්වන වයස අවුරුදු 18ත් 50ත් අයට මැයි 14 වැනිදා දළුගම සරසවි චිත්රාගාර වෙත පැමිණෙන ලෙස චිත්‍රපට කණ්ඩායම දන්වා සිටියි. ටෙනිසන් කුරේ ප්‍රධාන චරිතය නිරූපණය කරන කරන ‘හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්’ චිත්‍රපටය දේශමාන්‍ය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ විධායක නිෂ්පාදනයෙන්ද, දේශමාන්‍ය ආචාර්ය ආර්. පී තිස්සගේ හා ජයරත්න සිල්වාගේ සම නිෂ්පාදනයෙන්ද නිර්මාණය කෙරේ.
වොන් කා වයි කොළඹට එයි
ප්‍රකට සිනමාකරුවෙකු වුවද ලංකාව තුළ එතරම් සාකච්ඡාවට ලක් නොවූ හොංකොං සිනමාකරු වොන් කා වයිගේ සිනමාව පිළිබඳ කියවීමක් මැයි 15 වැනිදා පස්වරු 3.45ට ජාතික චිත්‍රපට සංස්ථා ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. එහිදී ‘2046’ නම් වූ චිත්‍රපටය තිරගත කර ඒ පිළිබඳ සංවාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි මූලික අදහස් දැක්වීම සිදු කෙරෙන්නේ විදර්ශන කන්නන්ගර සහ ඉසුරු ප්‍රසාද් ප්‍රේමතුංග විසිනි. මෙම අවස්ථාව ඇල්ෆා සංවිධානයේ සංවිධානය කිරීමකි. |