|
|
ටෙලි නාට්‍ය සංවත්සරයට කලාකරුවන් තිදෙනකුට ගරු සාමාජිකත්වයක්
මෙහිදී කලාව වෙනුවෙන් කළ සේවය අගයා ලූෂන් බුලත්සිංහල, ලියෝනි කොතලාවල සහ ආනන්ද ගමගේ කලාකරුවන්ට ටෙලිනිස ගරු සාමාජිකත්වයෙන් පිදුම් ලබයි. එමෙන්ම ටෙලිනිස ටෙලි නාට්‍ය පාඨමාලාවේ අභ්‍යාසලාභීන්ට සහතිකයත් ප්‍රදානය ටෙලි නිස පුවත් ප්‍රතාශය සහ ක්ෂේත්‍රයේ නියුතු වුවන්ගේ නම් ලිපින දුරකතන අංක ඇතුළත් ටෙලි නිර්මාණවේදීන්ගේ දුරකතන නාමාවලිය එළිදැක්වීම ද සිදුවේ. නාලක ගුණවර්ධන මෙහිදී විශේෂ දෙසුම පවත්වනු ලබයි. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන සහ ස්වාධීන රූපවාහිනි සේවයේ සහාපති හේමසිරි ප්‍රනාන්දු ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
අද අප්‍රේල් 7 වැනිදා ජූලි හත තිරයට
කැමරාව උපුල් ප්‍රජාත් මෙහෙයවා තිබේ. නුවන් තේනුවරගේ සංගීත අධ්‍යක්ෂණයකි. ෂාන් පෙරේරා සංස්කරණයෙන් ද, සමුදු අංග රචනයෙන් ද සහාය අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් නිශාන්ත රණසිංහ ද මේ සඳහා දායක වී ඇත. හේමසිරි ෆර්ඩිනැන්ඩු කලා අධ්‍යක්ෂවරයාය. හේමන්ත ප්‍රසාද්ගේ පිටපත් රචනයකි. රෝස කැලේ, සමාරා, ජුසේ වාස් සහ ස්වර සංජය මීට ප්‍රථම නිර්මාණය කළ චිත්‍රපට අතර වේ.
දේව්දාස් සංගීත අධ්‍යක්ෂ ලංකාවේ චිත්‍රපටයක
කෞෂල්‍යා වික්‍රමසිංහගේ පර්යේෂණාත්මක කතාවක් මත සමන් වීරමන් නාද්හි තිර පිටපත සකස් කොට තිබේ. මුළුමනින්ම සංගීතමය චිත්‍රපටයක් වූ මෙය ලොව සිටින සියලුම ශාස්ත්‍රීය සංගීතඥයන්ට උපහාර වශයෙන් නිර්මාණය වන්නකි. කෞෂල්‍යා වික්‍රමසිංහ සභාපතිත්වය දරන කෞෂි එන්ටර්ටේන්මන්ට් සමාගම සහ ඉස්මයිල් දර්බාර් චිත්‍රපට සමාගම එක්ව ඉදිරිපත් කරනු ලබන නාද් ඉන්දු ශ්‍රී ලංකා සම නිෂ්පාදනයකි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සමන් වීරමන් මෙහි නිෂ්පාදක උපදේශක වශයෙන් ක්‍රියා කරන අතර ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ අධ්‍යක්ෂ චත්‍ර වීරමන් සහ සම අධ්‍යක්ෂ භාරත හෙට්ටිආරච්චි මෙහි නිෂ්පාදන සැලසුම්කරුවන් මෙන්ම ප්‍රධන විශේෂ දෘෂ්ඨි ප්‍රයෝග අධීක්ෂකයින් ලෙස කටයුතු කරයි. විජය කුවේණී සහ ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපට නිෂ්පාදක ගයාන් රණධීර මෙහි නිෂ්පාදක විධායක වේ. කපිල අපරැක්ක සහ ලංකා ධර්මවික්‍රම සහාය නිෂ්පාදකවරුන්ය. චින්තක රණවීර රේඛීය නිෂ්පාදකවරයාය. ෂශිත් මදුසංක රත්නසේකර මාධ්‍ය සම්බන්ධීකාරකවරයා වේ.
|



ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 22 වැනි සංවත්සර උළෙල මෙම මස 08 වැනිදා සවස කොළඹ 07
විජේරාම මාවතේ පිහිටි සව් සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන
ආරාධිතයන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න
පරණවිතාන යන මහත්වරුන් සහභාගී වේ.
ජූලි හතයි ලෙසට නම තබා ජූලි මස හත් වැනිදා තිරගත කිරීමට නියමිතව තිබූ සිනමාපටයක්
මෙම මස හත් වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්නය ඇරැඹීමට
නියමිතය. එය සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයකි. ඔහුගේ පස්වැනි සිනමා කෘතිය වන ජූලි හතයි
චරිත් අබේසිංහ නිෂ්පාදනයකි. චරිත්, කලකට ඉහතදී මෙරට තිරගත වූ ජනප්‍රිය සිනමාපටයක්
වන ජුලියා හි නිෂ්පාදකවරයා වේ. ජුලි හතයි කළු සුදු වර්ණයෙන් නිර්මාණය වු සිනමාපටයක්
වීම විශේෂත්වයකි. එමෙන්ම එය එක් දර්ශන තලයක් තුළ දින තුනක් ඇතුළත රූගත කිරීම් නිම
කොට තිබේ. චිත්‍රපටයෙහි චරිත හයක් ඔස්සේ දිග හැරෙයි. දමිතා අබේරත්න, සාරංග
දිසාසේකර, පුබුදු චතුරංග, අනර්කලී ආකර්ෂා, ඕෂධී හේවාමද්දුම සමඟ චරිත් අබේසිංහ එම
චරතයන් නිරූපණය කරනු ලබති.
දේව්දාස් සහ හම් දිල්දේ චුකේ සනම් වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය
කළ සම්මානනීය ඉන්දීය සංගීතවේදී ඉස්මයිල් දර්බාර් මුල්වරට සිංහල චිත්‍රපටයක් සඳහා
සංගීත අධ්‍යක්ෂණයේ යෙදෙයි. නාද් එම චිත්‍රපටයයි. ශ්‍රී ලංකාවේ කෞෂි එන්ටර්ටේන්මන්ට්
සමාගම සහ මූම්බායි හි ඉස්මයිල් දර්බාර් චිත්‍රපට සමාගම අතර එම චිත්‍රපට ගිවිසුම
ගිවිසුම ඉන්දියාවේ මුම්බාහි නගරයේදී පසුගියදා අත්සන් තබන ලදී.
සුරංග නවකයන්ට
අත දෙන්න ලෑස්තියි