වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර

සදා අමරණීය ගී

සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ මෙන්ම නවක පරපුරේ ශිල්පීන් හට ද ගීත පබඳමින් ආචාර්ය අජන්තා රණසිංහයන් කළ මෙහෙය අනභිබවනීයයි. ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැඟි එම ගීත සදා අමරණීයයි'.
සරත් ලියනගේ

රන්මුතුගල
කඩවත


ආරියසිරි විතානගේට ප්‍රණාමය

ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය වූ 'මා කැමති ජෝති ගී' වැඩසටහනට ගී තේරූ ප්‍රවීණ නිවේදක ආරියසිරි විතානගේට මාගේ අවංක ප්‍රණාමය.

නන්දා ලියනගේ
මහවැව

එකම මිල පහසුවක්

සිනමාහල්වල ආසන වර්ගවල ප්‍රවේශ පත්‍ර මිල ගණන් එකිනෙකට වෙනස් අයුරින් පවතින බව අපි දනිමු. ඒ වුණත් නිදසුනත් ලෙසින් එක් සිනමාහලක බැල්කනි ආසන, ඕ.ඩී.සි සහ පළමු පන්තිවල ප්‍රවේශ පත්‍රවල මිල ගණන් වෙනත් සිනමාහලක එයට වඩා වෙනස් අයුරින් පවති. ඒ නිසා සෑම සිනමාහලකම ආසන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පැවතීමට කටයුතු කළ හොත් නරඹන්නන්ට පහසුවකි.
 

තිලකරත්න විල්වල
තටාකය පාර
කෑගල්ල

යශෝධා දකින්න ආසයි
 

යශෝධා අක්කේ ඔබ නැවතත් අලුත් සිනමා නිර්මාණයකින් ආයෙමත් දකින්න ආසයි. ඔබට සිනමාවේ ඉහළින්ම දිදුළන්න වරම් ලැබේවා.
 

දිනුක තමීර
මාතලේ

ජනප්‍රිය ගී නිම්නද

වෙළෙඳ සේවය ඔස්සේ ගුවනට මුසු වන ගී නිම්නද ගීතමය වැඩසටහන ඉතාමත් ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනකි. මේ වෙනුවෙන් කැප වෙන ටී. ජී රන්ජන් සිල්වා, උපමාලිකා සහ දිනූෂා වෙත්තසිංහටත් තුතිමල් පුදමි.
 

ආරියදාස පින්දෙනිය
බටවල
පාදුක්ක
 

තනි අතට යන පාර
 

වර්තමාන සමාජයේ සිදුවෙමින් පවතින සිදුවීම් සමුදායක් පෙළ ගස්වමින් මානසික ආතතියෙන් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කරන අවංක වෛද්‍යවරයෙකු පිළිබඳව 'තනි අතට යන පාර' ටෙලි නාට්‍යය තුළින් හරි අපූරුවට විග්‍රහ කරන අයුරු අගෙයි.
 

එච්. ඉන්ද්‍රපාල
සංඝමිත්තා මාවත
මුංහේන
 

අජන්තා නැති ගීත ලොව පාළුයි
 

ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ වියෝව අසා අප හදවත් කම්පාවට පත් විය. කලා ලොවට ඔබගේ වෙන්වීම දරාගත නොහැකි වූ පාඩුවකි. ඔබට නිවන් සුව!
 

සරත් රණසිංහ
කපුගොඩ
 

මාළිඳ සඳ තරු මල් දිළේවා
 

විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීතවේදියාණෙනි, ඔබේ සඳ තරු මල් - ගී මුතුවැල් ළමා ගී තැටිය සහ පොතට ඉහළ ජනප්‍රියත්වයක් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ සේම ඔබට දීර්ඝායු.
 

රෝහිණි දයාරත්න
දිවුලපිටිය
 

සූරයන්ගේ චිත්‍රපට

සූරයෝ වැඩකාරයෝ
එදත් සූරයා අදත් සූරයා
සූරවීර චණ්ඩියෝ
හිත හොඳ සූරයෝ
සූරයන්ගෙත් සූරයා
 

මනහර මහින්ද
වෑකඩ
බෙලිගල
 

බයිලා රජු ඔබයි

මීට හත් වසරකට පෙර ප්‍රවීණ බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් සමඟ කතා කරන්න ලැබීම මා ලද භාග්‍යයකි. 'ඔය වරලසින් පවන් සලන්න' ඔහු ගැයූ බොහෝ දෙනා නොදන්නා ගීතයකි. හිටිවන බයිලා ගීත ගැයීමේ හපනෙකු වූ ඇන්ටන් ජෝන්ස් නම් බයිලා රජු රසික රසිකාවන් අතරේ වඩාත් ජනප්‍රිය වූයේ සුළි සුළං හමලා, කන්දෙ හැපුණ මහ වනන්තරේ ආදි වූ සත්‍ය සිදුවීම් ගීතයට නැඟීිමෙනි. ඔහු නිසි ඇගයුමකට ලක් නොවීම රසික අපගේ හදවත් කම්පා කරවන්නක් විය.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
බටහිර අධිකාරිමුල්ල
දූනගහ
 

මනබඳිනා නැටුම් අගෙයි
 

පැරණි චිත්‍රපටවල මන බඳින නැටුම් ඉදිරිපත් කළ සුරූපී හෙලන් කුමාරිගේ රංගනය අප සතුටට පත් කළා. එදා ඔබ රැඟුමට පාද තැබූ අයුරු ඉතාම මනරම්. අද සාර්ථක දිවි පෙවතක් ගෙවන ඔබට ජය පතමි.
 

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව
 

ඇන්ටන් ජෝන්ස් ඔබට මොක් සුව!
 

මෙරට අති දක්ෂ බයිලා ගායකයන් අතරින් නැසීගිය ඇන්ටන් ජෝන්ස් ඉහළින්ම සිටි ගායන ශිල්පියෙකි'. ඔහුගේ අභාවය බයිලා කලාවට වූ විශාල පාඩුවකි. ඇන්ටන් ජෝන්ස් කලාකරුවාණෙනි, ඔබට මොක් සුව!
 

අයිලින් සෝවිස්
වැලිසර
රාගම
 

සහන්ගේ අදහස් අගයමු
 

සහන් විජේසිංහ ඔබ පසුගිය සරසවිය කලාපයකට විවෘතව කළ කතා බහ අප අගය කරන්නෙමු. නිහතමානී ඔබටත් බිරිය ගයනා සුදර්ශනීටත් කලා ජීවිතයේ දුර ගමනක් යාමට ආසිරි පතමු.
නීටා මාසලින් ඇතුළු පවුලේ සැම
 

වරාගොඩ
කැලණිය
 

කලා ලොවේ අග රැජණිය
 

කලා ලොවට සරසවියකි සරසවිය
කලා ලොවේ රන් පහනකි සරසවිය
කලා ලොවට කරනා සේවය සරසවිය
පනස් තෙවන විය සමරයි සරසවිය

කලා ලොවේ අග රැජණිය සරසවිය
ජාතික කලා පුවත් පිනවන සරසවිය
පාඨක හදවත් පිනවන සරසවිය
ගුරුදා දිනේ අප දෝතට එයි සරසවිය
 

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොලොන්නරුව
 

සරසවියට පනස් තුනයි
 

නළු නිළි සබඳතා තරුණයි
තරු හමුවට අප පැමිණුනයි
රසිකයන්ට බොහෝ ඉඩ ලැබුණයි
කලාවේ අත්වැල ඔබයි

කතුවරයන් දොළොස් දෙනයි
සම්මාන උලෙළ තිස් දෙකයි
වෙබ් අඩවියටත් පැමිණුනයි
සරසවියට අවුරුදු පනස් තුනයි

විශේෂාංග වෙනසක් සිදුවුනයි
එඩිටර්ස් කට් එක් වුනයි
එස්. එම්. එස් ප්‍රතිචාර එක් වුනයි
සරසවිය අප කප් රුකයි
 

සුනිමාලි ගෝමස්
කටුබැද්ද
මොරටුව
 

සරසවිය දිනේවා
 

ඇඟිලි ගනිමින් සිටිමි සරසවිය එනතුරු
උදෑසනම නෙත් දිවෙනා රසබර තොරතුරු
අපට සතුට ගෙන දෙන සිනමා තරු
හැඩකර තිබේ හැම පිටුවෙම යසට සරු

සතියක් පුරා සිදුවන සිතුම් ගැන
නොසඟවා ගෙන දෙන්නේ නියම දින
කලා ලොවේ රස තොරතුරු අපට දෙන
සරසවි පුවත් පත දිනේවා දිනෙන් දින
 

විජයානන්ද පොඩිනිළමේ
නාලන්දාරාම පාර
නුගේගොඩ

 

පුදුම සිහින
 

ඔබ මා හමු වූ
මේ ඉර හඳ යට
ආදරය වරදක් ද ? සුන්දර
නැහැ
මේ සිහින හරි පුදුමයි

පෙරුම් පුරා ගෙන
බලා සිටි
මනසින් දුටු ඒ
සත්සර සිහිනය
දෙනෙතින් දුටුවා
බණ්ඩාරනායක
හෝල් එකේ

2016 මාර්තු 25
ගී පද සිත් මල්
පෙති නොහෙළා
රන් හඬ මුසුකර
ගුවනේ පා කර
රසික හදවතේ
සිත් මල් පුබුදන
ගායකයාණෙනි
දෙසවන් සනසා
සිතෙහි ලැගුම් ගත් ගායකයාණෙනි
ජය ශ්‍රී ජය ශ්‍රී
සුබ ප්‍රාර්ථනා
 

කලාභූෂණ ඊ. ඩි ශ්‍රියාපාල
 

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0719538072