පිට කොන්ද සමඟ ගඟබඩ සිටි හේවරාළ
පිට කොන්ද සමඟ
ගඟබඩ සිටි හේවරාළ

“ගඟබඩ සිටි හේවරාල අන්න එනවා බොල මේ පැත්තට” අහලා තියෙනවා නේද මේ ගීතය. ගයන්නේ
පිටර් වෙදමුණි. පද රචනය මෙන්ම සංගීතයත් එයගේ. බොහෝ දෙනෙක් මේ සිංදුව අහ ලා තිබුණට එය
ගයන්නේ පීටර් කියලා දන්නේ නැහැ. ඔහුත් ඉතින් පංපොරි ගහන්න යන්න නැහැ ගඟබඩ සිටි
හේවරාළ මගේ කියලා. කෙසේ වෙතත් පීටර්ගේ ගීත ශෛලියට ගොඩක් දෙනෙක් ප්‍රිය කරනවා. ඔහු
වෙනස් ගීත එළි දක්වන්නයි නිතරම කල්පනා කරන්නේ. ඊයේ පෙරේදා පීටර් තමන්ගේ නවතම ගීය
මාධ්‍යයට නිකුත් කළා. ඒකෙ නම පිටකොන්ද. සමාජයේ ඉහළ මට්ටමේ සිට පහළ මට්ටම දක්වා
සිටින්නන් කොන්ද කෙළින් තබාගෙන කටයුතු කළ යුතු බව ඉන් කියවෙනවා. එක අතකින් බලද්දී
ඒක ආදර්ශවත් ගීතයක්. ඒ හින්දම වදින තැන්වලට නියමෙට වදීවි. පිටර්ටත් ඕනෑ ඒක. යූ
ටියුබ්හි පිටකොන්ද යනුවෙන් ටයිප් කොට පිටර්ගේ පිට කොන්ද අහන්න පුළුවන්. ආ . . .
අමතක වුණා පිටකොන්ද ලියලා සංගීතවත් කරලා තියෙන්නේ පීටර්මයි.
|