වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




අනිල්ගේ ඒ. ජේ.

අනිල්ගේ ඒ. ජේ.

අනිල් ජයසිංහ වෘත්තීන් දෙකක නියැළෙනවා. එකක් තමයි ඡායාරූපකරණය. අනෙක රංගනය. ඒ හින්ද අනිල් කොයි වෙලාවෙත් වැඩ වැඩ ඉවරයක් නැහැ. මේ ළඟදී අනිල්ට මරු වැඩක් වුණා. ඔහු එක්තරා නාට්‍යයක රඟපෑවා නගර සභාවේ සේවකයකු හැටියට. ඉතින් විවේකී වෙලාවේ අනිල් චරිතයේ යුනිෆෝම් එක පිටින් එහෙ මෙහෙ ඇවිදින්න ගිහින් දෙතුන් දෙනෙකුගේ විධානවලට ලක්වන්නට සිදු වුණාලු. එක් කෙනකු කියනවාලු කුණු අදින්න කියලා. තව කෙනෙක් බීඩියක් ඉල්ලවලු. බැරිම තැන අනිල් කිව්වලු මං නළුවෙක් කියලා. ඔන්න ඔහොමයි ඔහු ගැලවිලා තියෙන්නේ. මේ රංගන කටයුතු මැද්දේ අනිල් තමන්ගේම කියලා ස්ටුඩියෝ එකක් අද දින ආරම්භ කළා. ඒක තියෙන්නේ කුලියාපිටිය දුම්මලසූරිය නගරයට යාබද කට්ටිමහන ගමේ. ඉතින් අනිල්ට කියලා ඡායාරූප ගන්න ඕනෑ නම් යන්න එතනට. එන්න කියලා ඔහු ආරාධනා කරනවා. ස්ටුඩියෝ එකේ නම ඒ. ජේ. ඒ කියන්නේ අනිල්, ජේ කියන්නේ ජයසිංහ.