වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




වීරවර්ණ 18 වැනිදා

වීරවර්ණ 18 වැනිදා

ෂාහිරු රණසිංහ අධ්‍යක්ෂණය කළ වීරවර්ණ සිනමාපටය මෙම මස 18 වැනිදා සිට රීගල් අතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ඇරැඹේ. අධ්‍යක්ෂවරයාගේ පළමුවැනි සිනමාපටය වන මෙහි රවීන්ද්‍ර රන්දෙනිය, සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි, වීණා ජයකොඩි, ඩග්ලස් රණසිංහ, ටෙඩී විද්‍යාංලකාර, ගාමිණී ජයලත්, සුසන්තා චන්ද්‍රමාලි, රංජිත් රූබසිංහ සමඟ තිරයට හඳුන්වා දෙන නේෂාන් නෙල්ලිගහවත්ත, සංකල්ප රණසිංහ, මල්ෂි මද්දුමගේ ඇතුළු ප්‍රමිත රන්දිය, හිමල්කා ගුණවර්ධන සහ ටෙහන්සා මන්දිනී යන ළමා නළු නිළියන් රංගනයේ යෙදෙති.

අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද ෂාහිරු විසින් නිම කොට ඇත. කැමරා අධ්‍යක්ෂණය අනුර බණ්ඩාරගෙනි. උපාලි කන්නංගර සංගීත අධ්‍යක්ෂවරයාය. හේමන්ත ගමගේ ගේ අංග රචනයකි. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂණයෙන් එකතු විය.

වීරවර්ණ අජිත් නිශාන්ත සහ නිලන්ත ගුණවර්ධනගේ නිෂ්පාදනයකි.