Fun Music
මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකිය
Fun Music
අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු
සියලු මවුවරුන්ට
නැති බැරිකම් මගෙ දෑසින් හංගා
සෙනෙහස දුන් මාගේ අම්මා
හැකි පමණින් ඔවදන් දුන්න හින්දා
හැම මොහොතේ මට හයියක් වුණා
ඔබ වටිනවා මහ මෙර තරම්
මගෙ රත්තරං අම්මා
ගායනය - දමිත් අසංක
පද රචනය - සජිත් වී. චතුරංග
සංගීතය - රදීෂ් වැන්දබෝනා
මියුසික් වීඩියෝව අධ්යක්ෂ -
විකුම් පියුමාල් - ඍ සිනමා
මේ දිනවල නිතර ඇසෙන විරහ ගී රැල්ලෙන් මිදුණු මෙම ගීතය දමිත් අසංග සියලු මවුවරුන්ට
උපහාරයක් ලෙස ගයා තිබේ. කුසුම් රේණු හා ළමා පිරිසක් මෙහි රංගනයේ යෙදෙති. ගම්පහ
කිරිඳිවැල අවට මෙය රූගත කොට ඇත.
ආදරියේ ආදරියේ
ආදරියේ ආදරියේ
ඔයා හිටිය සිහින ලෝකයේ
ජීවිතයේ ජීවිතයේ
මිහිරක් නෑ සැබෑ ලෝකයේ
සිහිනෙන් සිහිනෙන් ඇවිදිල්ලා
මුළු රෑ ළතැවුල් මගේ නිව්වා
සුර ලෝකෙන් අමෘත්තය ගෙනල්ලා
මට පොවලා මා සනසා
ඈ ගියා අනන්තේ
ගායනය - චානක පෙරේරා
පද රචනය - චානක පෙරේරා
සංගීතය - චානක පෙරේරා
මියුසික් වීඩියෝවේ අධ්යක්ෂ -
නවීන් පෙරේරා
දූවිල්ලට කෙවෙන දෑස
දුවිල්ලට කෙවෙන දෑස
අතරින් නුඹ සෙව්වා
දහසක් පැතුමන් අතරේ
මා තනි වී ඇති බැව් මට දැනුණා
මහ මඟ පමණ ද උරුමය
අද අම්මේ
උණුසුම අද මට ඔබේ
හිමි නැතිදෝ අම්මේ
ගායනය - රොෂාන් අනුරුද්ධ
පද රචනය - මැණික් ජයසිංහ
සංගීතය - ලස්සන ජයසේකර
මියුසික් වීඩියෝවේ අධ්යක්ෂ -
ලස්සන ජයසේකර
කැමරාකරණය - ගිහාන් විරාජ්
මෙය අසරණ වූ කුඩා දරුවකු පිළිබඳ ලියැවුණු ගීතයකි. දින දෙකක් පුරා කොළඹ සහ ගම්පොළ
අවට මෙහි රූගත කිරීම් සිදු කොට ඇත.
ලාංකිකයකුගෙන් ඉතාලි ගීතයක්
දෙල්චෙ අමෝරෙ කන්තෙරා
බෙල් සොරිසො තොර්නෙරා
සොකේලා මීයා
බෙල් අමෝර් කොමේවා
ගායනය - මහේෂ් වර්ණකුලසූරිය
පද රචනය - මහේෂ් වර්ණකුලසූරිය
සංගීතය - මහේෂ් වර්ණකුලසූරිය
මියුසික් වීඩියෝවේ අධ්යක්ෂ -
සමීර සඳපානාගල
කැමරාකරණය - නිශාන්ත ප්රදීප්
සංගීත සංයෝජනය - ආශා රාජපක්ෂ
මෙම ගීතයේ සිංහල තේරුම
රසවත් ආදරිය ගී ගයයි
සිනහව හැරිලා එයි
මම දන්නවා මගේ කියලා
මගේ ලස්සනී
මම ඔබට ආදරෙයි
මෙහි මුල් පද පේළි කියවාගෙන එද්දී ඔබට අමුත්තක් දැනෙන්නට ඇති. ඒ නුහුරු බාසාවක්
හින්දා. මෙම ගීතය ඉතාලි භාෂාවෙන් ලියවෙච්ච එකක්. හැබැයි කියන්නේ ශ්රී ලාංකිකයෙක්.
මේක තමයි ඉතාලි බසින් මෙරට ගායකයකු ගැයූ පළමු ගීතය. මහේෂ් කාලයක් ඉතාලියේ පදිංචි
වෙලා හිටියේ. ඉතින් ඒ රටේ භාෂාවෙන් තමන්ම ලියාගෙන ගැයූ මෙම ගීතය යූ ටියුබ් ඔස්සේ මේ
දිනවල ඔබට රස විඳීමට හැකියි.
සටහන් - ප්රසාද් සමරතුංග
|