වර්ෂ 2016 ක්වූ මාර්තු 10 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

Bollywood

ශී‍්‍ර දේවි Mom සමඟින්

යුගයක ලොවක් වසඟ කළ ශී‍්‍ර දේවි කාලයක් සිනමාවෙන් ඈත් වෙලා හිටියේ තමන්ගේ පවුල වෙනුවෙන්. 1986 වසරේදී දායක වූ Naan Adimai Illai චිත්‍රපටයෙන් වසර පහළොවකට පසුව දායක වුණේ English Vinglish  චිත්‍රපටයට. ඒ චිත්‍රපටය ශී‍්‍ර දේවිගේ පුනරාගමනය සාර්ථක කළා. එහිදී ඇය මවකගේ චරිතයට පණ දුන්නා. පසුගිය වසරේ ඇය Puli දෙමළ චිත්‍රපටයේ යාවනරාණි රැජන වුණා.

මේ වසරේදී ඇය ආයෙමත් අම්මා කෙනෙකුගේ චරිතයක් සමඟින් රිදී තිරයට එන්න සූදානම්. ඒ ශී‍්‍රගේ සැමියා බොනී කපූර් නිෂ්පාදනය කරන Mom චිත්‍රපටයෙන්. රවී උද්‍ය.වාර් විසින් අධ්‍යක්ෂණය කරන්න නියමිත Momහි ශී‍්‍ර දේවි සමඟින් රංගනයේ යෙදෙන්න සූදානම්ව සිටින්නේ නවුසුදීන් සිද්දික්.

නවුසුදීන් තමන්ට ලැබුණු මේ අවස්ථාව ගැන බොහොම සතුටින් සිටින බව ඔහු තම ට්විටර් පිටුවේ සඳහන් කරලා තිබුණා. ඒ වගේම කාලයකට පසුව සිනමාව තුළ එතරම් සාර්ථක වෙන්න නොලැබුණු ආක්ෂේ ඛන්නාත් මෙහි විශේෂ චරිතයකට පණ පොවන්න සූදානම්.

බිග් බී ගේ සතුට

මෙවර ඔස්කාර් සම්මාන උලෙළෙ හොඳම නළුවා වූ ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝට සුබ පතන්න තවත් විශේෂ අමුත්තෙක් ඇවිත් හිටියා. ලියනාඩෝ මෙවරදී ප්‍රථම වතාවට හොඳම නළුවා වුණත් දශක දෙකකටත් වැඩි ඔහුගේ සිනමා දිවියේ ඔස්කාර් හොඳම නළුවා ලෙසින් නාමයෝජනා වූ අවස්ථා කිහිපයක් ගිළිහී ගියා. නමුත් මෙවර ඒ සතුට බෙදා ගන්න The Great Gatsby චිත්‍රපටයේ ඩිකැපි‍්‍රයෝ සමඟින් රඟපෑ බොලිවුඩ් මිතුරා ද පැමිණ සිටියා.

ඒ වෙන කවුරුවත් නොවෙයි බොලිවුඩයේ බිග් බී හෙවත් අමිතාබ් බච්චන්. හොඳම නළුවා ලෙසින් ඩිකැපි‍්‍රයෝගේ නම නිවේදනය කරන විට අමිතාබ්ගේ සතුට නිම්හිම් නැති වුණාලු. ඒ මොහොතේදීම තම අසුනෙන් නැගී සිටි බිග් බී ඩිකැපි‍්‍රයෝට සුබ පැතුවා. ඒ විතරක් නොවෙයි තම ට්විටර් පිටුවේත් හොලිවුඩයේ සුපිරි නළුවා ලද ජයග්‍රහණය පිළිබඳ තමන්ගේ සතුට සටහන් කරන්න අමිතාබ් අමතක කළේ නැහැ.

ඔස්කාර් යන්න හැඩ වෙන්න ඩොලර් මිලියන 8ක්

පි‍්‍රයංකා චොප්රා මෙවර ඔස්කාර් සම්මාන උලෙළට සහභාගීවූ සුවිශේෂ බොලිවුඩ් තරුවක්. ඒ වගේම ඇය දැන් හොලිවුඩයේත් කැපී පෙනෙන තරුවක්. අමෙරිකානු රූපවාහිනි ටෙලි නාට්‍ය මාලාවක් වන ක්වෙන්ටිකෝ හි රංගනය නිසා ඇය පීපල්ස් චොයිස් සම්මානයටත් පාත්රම වුණා. දැන් ඇයට බේ වොච් චිත්‍රපටය සඳහාත් ආරාධනා ලැබිලා.

මෙවර ඔස්කාර් සම්මාන උලෙළ වෙනුවෙන් කැපී පේන්න හැඩ වෙන්න ඇය විශාල මුදලක් වියදම් කළ බව ආරංචියි. ඒ වෙනුවෙන් ඇය ඩොලර් මිලියන 8ක මුදලක් වැය කරලා. ඇය පැළඳ සිටියේ කැරට් 50 දියමන්ති ඔබ්බවා කළ ආභරණ. එදා රතු පලස මතදී ඇය කාගේත් කතාබහට ලක් වුණා. හින්දි සිනමාවේ තමන්ට තියෙන තැන හොලිවුඩ් සිනමාව තුළත් ගොඩනඟා ගැනීම ප්‍රියංකාගේ අරමුණයි.

රන්වීර් - කරීනා සද්මා වෙනුවෙන්

බාලු මහේන්ද්‍ර විසින් අධ්‍යක්ෂණය කර 1983 වසරේදී තිරගත කළ ‘සද්මා’ චිත්‍රපටය නව නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය කරන්න බොනී කපූර් සූදානම් වෙනවා. එදා සද්මාහි කමල් හසන් සමඟින් ශී‍්‍ර දේවි කළ රංගනය කාගේත් සිත් ගත්තා. නව නිෂ්පාදනයේ නම් ශී‍්‍ර දේවිවත් කමල් හසන්වත් දකින්න ලැබෙන්නේ නැහැ.

කමල් නිරූපණය කළ සෝමුගේ චරිතයට රන්වීර් සිං සහ ශ්‍රී දේවි නිරූපණය කළ නේහලතා (රේෂ්මි)ගේ චරිතයට කරීනා කපූර් යෝජනා වී තියෙනවා. කරීනා නම් මේ දවස්වල සද්මා තිරපිටපත බලමින් සිටින බව ආරංචියි. සද්මා මෙවර අධ්‍යක්ෂණය කරන්නේ ලොයිඩ් බැප්ටිස්ටා විසින්.

හොර රහසේ කළ විවාහය

පසුගිය කාලයේ පි‍්‍රති සින්ටාගේ නම වැඩියෙන් කියවුණේ ඉන්දියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සමඟින්. සිනමාවෙන් පවා දුරස් වෙමින් ඇය ක්‍රිකට් කී‍්‍රඩාවට ළං වුණත් සිනමා ලෝලීන් නම් ඇයගෙන් දුරස් වුණේ නැහැ. ඒ වගේම හතළිහ දශකය උදා වුණත් විවාහ වන බවක් නම් ඇය පෙන්වූයේ නැහැ. ඒ වුණත් පසුගිය මාසයේ 29 වැනිදා ඇය ලොස් ඇන්ජලීස්හිදී විවාහ දිවියට පත් වුණා.

ක්ෂේත්‍රයේ කිසිවෙකුත් ආරාධනා නොලද පි‍්‍රතිගේ විවාහය ගැන තොරතුරු හෙළි වුණේ ට්විටර් සුබ පැතුම්වලින්. සුෂ්මිතා සෙන්, ෆාරා අලී ඛාන්, ඛබීර් බේඩ් ඇයට ට්විටර් පිටුව ඔස්සේ සුබ පැතුවා.

පි‍්‍රතිගේ අත ගත් ජෙනී ගුඩ්ඉනෆ් ලොස්ඇන්ජලීස්හි විදුලිබල නිෂ්පාදන ආයතනයක ජේ්‍යෂ්ඨ උපසභාපතිවරයෙක්. බොහෝ කාලයක් මේ දෙදෙනා මිතුරන්ව සිටි බවත් ආරංචියි. ලොස්ඇන්ජලීස්හි පැවැති පි‍්‍රතිගේ විවාහයට පවුලේ ළඟම ඥාතීන් හා සමීපතම මිතුරු මිතුරියන් පමණක් සහභාගි වී සිටියා.