වඩුගේ ගේ පොතේ රසික අදහස්වලටත් ඉඩක්
වඩුගේ ගේ
පොතේ රසික
අදහස්වලටත් ඉඩක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ මේ දිනවල අපූරු ග්‍රන්ථයක් රචනා කරමින්
සිටිනවා. ඒ පිළිබඳ විස්තරයක් පසුගිය දිනවල පුවත්පත් ගණනාවක පළ වුණා. අප සරසවියේ ද ඒ
ගැන සඳ හනක් කළා ඔබට මතක ඇති. ඒ පොතේ නම ජනරන්ජන රන්ජන්. ප්‍රකට නළු රන්ජන්
රාමනායකගේ ජීවිත කතාව ඇසුරේ තමයි ඒ ග්‍රන්ථය රචනා වන්නේ. මේ වන විට එහි අඩක් පමණ
ලියා අවසන්. මේ අතරතුරදී වඩුගේට හිතිලා මෙයට තවත් දෙයක් ඇතුළත් වුණොත් හොඳයි කියලා.
ඒ තමයි රන්ජන් පිළිබඳ රසික රසිකාවන් සතු සමරු සටහන්. ඒ අතර ඡායාරූප, ලියුම් වගේ
දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒවා ජනරන්ජන රන්ජන් සඳහා ඇතුළත් කිරීමට වඩුගේ අපේක්ෂා
කරනවා. ඒ වගේ රන්ජන් හා සබැඳි සිහිවටනයන් ඔබ සතු නම් අංක 86/19, කටුවාවල පාර, මහරගම
යන ලිපිනයට එවිය හැකියි. ඒ වගේම මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න පුළුවන් 0777715015
අංකයට කතා කළොත්.
|