|
ජෝර්ජ් ක්ලූනි සමුගනීවිද?
"මා සිතන විදිහට කිසිවෙක් බොහෝ මහල්ලන් සිටින චිත්‍රපට බැලීමට කැමති නැහැ. වයසට යාම එක්තරා ආකාරයකින් දඬුවමක්. වයසට යාමත් සමඟ අප අපට ගැලපෙන චරිත තෝරා බේරා ගැනීමට පෙළඹෙනවා. එත් වයසට යන්න යන්න එවන් චරිත අඩු වීගෙන යනවා." මෙසේ කියන්නේ පසුගියදා BBC නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ජනප්‍රිය නළු ජෝර්ජ් ක්ලූනි. ඔහු තවදුරටත් කියා සිටියේ නිළියන්ට මෙය වඩාත් තදින් බලපාන බවයි. තමා වයස්ගත් වූ විට රංගනයෙන් ඉවත්ව චිත්‍රපට අධ්යක්ෂණයට යොමු වීමට බලාපොරොත්තු වන බවත් දැනට 54 වන වියෙහි පසුවන ක්ලූනි BBC ය සමඟ පවසා තිබෙනවා.
Ghostbusters නැවතත්
'Ghostbusters' 80 දශකයේ ඉතා ජනප්‍රිය වූ අද්භූත- විධ්‍යා ප්‍රබන්ධ- හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්. භූතාත්ම විනාශ කරන පුද්ගලයින් සතර දෙනෙකුගේ කතාවක් වන මෙහි රූපවාහිනී කාටූන් කතා මාලා දෙකත් එලෙසින්ම ජනප්‍රිය වූවා. දශක දෙකකට පසු Ghostbusters නැවත තිරයට එන බව හොලිවුඩ් ආරංචි සඳහන් කරනවා. මුල් චිත්‍රපටයේ භූතවිනාෂකයින් වන්නේ පිරිමින් සතර දෙනෙකු වුවත් මේ චිත්‍රපටයේ ඒ චරිත කාන්තා චරිත සතරක්. මෙලිසා මැකාර්ති, කි්රස්ටන් විල්ග්, කේට් මැකිනන් සහ ලේසී ජෝන්ස් යන නිළියන් මෙම චරිත නිරූපණය කරනවා. මේ වසරේ ජූලි මස තිරගත වීමට නියමිත මෙය දශක දෙකකට පසු Ghostbusters නැවත නරඹන රසිකයින්ට අමුතුම අත්දැකීමක් එක් කරාවි. 'Ghostbusters' ඇමෙරිකානු ඩොලර් මිලියන 154 ක් වැයකර නිමවා තිබෙනවා. ඩේවිඩ් ෆීග් විසින් අධ්‍යක්ෂණය කෙරුණු 'Ghostbusters' කොලම්බියා පික්චර්ස් බෙදාහැරීමක්.
Deadpool දෙකට දැමූ Zootopia
සද්දන්ත ඇතාගේ සිට කුඩාම සතා දක්වා : සූටෝපියා නගරය විවිධ ක්ෂීරපායී සතුන් ගේ වාසස්ථානයයි. 'ජුඩි හෝප්ස්' නම් කුඩා සාවිය පොලිස් වෘත්තීය භාර ගන්න පළමු හාවා වන අතර, මේ නගරයේ නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවන බව කෙටි කලෙකින්ම ඉගෙන ගනියි. මේ පසුගිය සතියේ සිට තිරගත වීම ඇරඹි වෝල්ට් ඩිස්නි ආයතනය විසින් නිර්මාණය වුණු 'සූටෝපියා' චිත්‍රපටයේ ආරම්භයයි. සිය පළමු සතියේම ඇ. ඩො. මිලියන 60 ක ආදායමක් උපයා ගෙන ඇති 'සුටෝපියා' ඉකුත් සති වල වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වන 'ඩේඩ්පූල්' දෙවැනි ස්ථානයට පත් කර තිබෙන බවයි ආරංචි. පරිගණක සජීවීකරණ චිත්‍රපටයක් වන 'සුටෝපියා' චිත්‍රපට විචාරකයින්ගේ ඉහළ ප්‍රසාදයට ලක් වී ඇති අතර අතර, රෝටන් ටෝමාටෝස් දර්ශකයේ 100% ලකුණු කර තිබීම වාර්තාගත සිදුවීමක්. බයිරන් හොවාඩ්, රිච් මූර් සහ ජෙරෙඩ් බුෂ් යන තිදෙනා ම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන්.
ඇඩ්ලේගේ 12 වියැති රසිකාවිය
පසුගිය 2 වනදා ජනප්‍රිය ගායිකා ඇඩ්ලේ සිය රසිකාවියකගේ නිවසට ගොස් තිබෙනවා. ඇගේ නම රෙබෙකා ගිබ්නේ. 12 වන වියෙහි සිටින රෙබෙකා දුර්ලභ ස්නායු රෝගයක් හේතුවෙන් එක්තැන්වී සිටින්නියක්. පසුගිය කාලයේ රෙබෙකාගේ මව ෆේස්බුක් සහ ට්විටර් හි රෙබෙකාගේ ප්‍රියතම ගායිකාව වන ඇඩ්ලේ හා රෙබෙකා අතර වීඩියෝ සංවාදයක් අවශ්‍ය බව ආයාචනය කර තිබෙනවා. වීඩියෝ සංවාදයක් පමණක් මදි බව පවසමිනුයි ඇඩ්ලේ සිය රසිකාවිය බැලීමට නිවසටම පැමිණ ඇත්තේ. උදෑසන අවදිවූ අවස්ථාවේ සිට රාත්‍රිය දක්වා ඇඩ්ලේගේ ගීත වලට සවන්දීම රෙබෙකාගේ කාර්යයක් බවයි අගේ මව පවසන්නේ. ඇඩ්ලේගේ පැමිණීම රෙබේකාට මහත් සන්තෝෂයක් ගෙනදුන් බවත් ඇය පවසනවා.
ෆොස්ටර්ගේ ගේ අලුත් පටලැවිල්ල
කැනේඩියානු ප්‍රසිද්ධ සංගීතඥයෙක් වන ඩේවිඩ් ෆොස්ටර්, හා ඔහුගේ බිරිඳ වන රූපවාහිනී නිළියක් වන යෝලන්ඩා ෆොස්ටර් දික්කසාද වීමට යන බව හොලිවුඩයේ ප්‍රකට පුවතක්. මේ දිනවල ඩේවිඩ් සම්බන්ධයෙන් තවත් කතාවක් පැතිර යනවා. ඒ තමයි ඩේවිඩ් තවත් නිළියක් වන සෙල්මා බ්ලෙයාර් හා ප්‍රේම සම්බන්ධයක් ඇති බවයි. නළු නිළියන් පසුපස හඹා යන හොලිවුඩ් පැපරාසීන්ගේ නෙතට හසුවී ඇත්තේ ඩේවිඩ් සහ බ්ලෙයාර් ප්‍රේමණීය රාත්‍රී ආහාර වේලක් රසවිඳීන අයුරුයි. කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ට මේ ගැන යෝලන්ඩාගෙන් ප්‍රශ්න කිරීමට අවකාශ නැහැ. ඒ යෝලන්ඩා සහ ඩේවිඩ් අතර දික්කසාද රීති වලට අනුව ඔවුනොවුන්ට ප්‍රසිද්ධියේ එකිනෙකාගේ පුද්ගලික ජීවිත ගැන සාකච්ඡා කිරීම තහනම් කර ඇති නිසයි.
|