|
‘බෙනීටාගේ තාත්තා’ රැගෙන කිංස්ලි හා ප්‍රියා
මේ දිනවල නාට්‍යයේ පුහුණුවීම් කරනවලු. මංගල දර්ශනයෙන් පසුව මැයි 14 වැනිදා ටවර් රඟහලෙත් බෙනීටාගේ තාත්තා වේදිකා ගත කරන්න බලාපොරොත්තු වෙනවා කියලයි කිංස්ලි ලෝස් අපිට කිව්වේ. ජනමාධ්‍යවේදියෙක් හා මහාචාර්යවරයෙක් මුල් කර ගත් අභිරහස් කතාවක් ප්‍රහසනය හා කුතුහලය පෙරදැරිව බෙනීටාගේ තාත්තා නාට්‍යයේ් අන්තර්ගත වෙනවලු. මෙහි සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ දිනේෂ් සුභසිංහ. සම්පත් තෙන්නකෝන්, ගීතා කාන්ති ජයකොඩි, ප්‍රසාද් සූරියආරච්චි, අජිත් ලොකුගේ හා සංජීවනී ඇඹුල්දෙණිය යන රංගන ශිල්පීන් මෙහි රඟපානවා කියලා ආරංචියි. වසන්ත කුමාරි, පරසන්තක කුමාරි, තෘෂ්ණාව වගේ වේදිකා නාට්‍ය ඉදිරිපත් කළ කිංස්ලිගේ පස්වැනි නාට්‍යය මෙය නිසා එය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් ගෙන දෙනු ඇතැයි අපි හිතනවා. |