|
කට් ඇන්ඩ් පොලිෂ්ශාන්ත බණ්ඩාර ජයවර්ධන කියන්නේ වර්තමානයේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රයේ ඉන්න ප්රබල චරිතයක්. කලකට ඉහතදී ඔහු සිරස නාළිකාවේ සේවය කොට දෙවනුව පුවත්පත් ලොවට පිවිසුණත් මේ වන විට නියෝජනය කරන්නේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්රය පමණයි. වැඩ වැඩි හින්දද මන්දා ශාන්තට අමතකවීම් සිදුවෙනවා. වැඩිය ඕන නැහැ මේ කතා කර කර හිටපු මනුස්සයව මේ අමතක වෙනවා. ඒ වගේම තමයි වචන වරදිනවා. ඔන්න දවසක් ශාන්ත, කැලුම් ශ්රීමාල් එක්ක ලැප් එකත් ඔන් කරගෙන ඉන්න ගමන් මෙන්න මෙහෙම කියනවලු. 'ඔන්න ඕක කට් ඇන්ඩ් පොලිෂ් කළා නම් හරි'. කැලුම් උඩ බිම බැලුවලු මේ මොකක්ද මේ කියන්නේ කියලා 'කෝ ඉතින් කට් ඇන්ඩ් පොලිෂ් කළේ නැහැනෙ' ශාන්ත, කැලුම් නිකම් ඉන්න නිසා යළිත් ඒකම කිව්වලු. 'කට් ඇන්ඩ් පොලිෂ් ???' මම එහෙම ලැප් එකෙන් කරන වැඩක් අහලා නැහැනෙ' කැලුම් එහෙම කියද්දී තමයි ශාන්තට වැටහිලා තියෙන්නේ තමන් කිව්ව වචනය ගැන. කට් ඇන්ඩ් පේස්ට් කියන දේ තමයි ශාන්ත අරවිදිහට කියලා තියෙන්නේ. |