|
|
F E E D B A C Kමේඛලා වසුන්දරාට,ලක්හඬ ගුවන් විදුලියෙන් සෑම රාත්‍රියකම ජෝ්ති රාත්‍රිය ගෙන ආ ඔබත් ජෝති රාත්‍රිය නිමාවීමත් සමඟම හදිසියේම නිහඬ වුණා. ජෝති නම් මිය ගිහින්. නමුත් ඔබතුමිය සිටින නිසා ජෝති රාත්‍රියට සිදු වුණේ කුමක්දැයි කියා සරසවිය හරහා අප අමතන්න. සමන් ගාල්ලගේ කැටපළ
සුභපැතුම්ගරිල්ලා මාර්කටිං සහ සමනල සංධ්වනිය වැනි සිනමාපට නිර්මාණය කළ ජයන්ත චන්ද්‍රසිරි මහා සිංහලයේ විමුක්තිකාමියා දුටුගැමුණු මහ රජුගේ චරිතය ආශ්‍රිතව ගොඩ නගන ලද මහරජ ගැමුණු මෙතෙක් සිනමාපටයක් තැබූ වාර්තා සියල්ල බිඳ දමමින් තිරගත වේවා යැයි පතමි. සුපුන් චානක ලුණාව
ගුණාත්මක බව ඕනේවත්මන් ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරති. විවිධ මත දරති. සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් අද සිනමාවට වඩා ප්‍රේක්ෂකයාට ළංව ඇත්තේ ටෙලි නාට්‍යයි. ඒ තුළින් රටට සමාජයට හොඳ මෙහෙවරක් ඉටු විය යුතුයි. එනමුදු හොඳ පරමාදර්ශ පණිවුඩයක් ලබා දිය හැකි ගුණාත්මක බවෙන් පිරිපුන් නිර්මාණ තිබෙන්නේ අතලොස්සකි. ප්‍රේක්ෂකයින් ලක්ෂ ගණනින් මෙගා ටෙලි නාට්‍ය වටා රොක් වී ඇත. ඒවායින් ප්‍රේක්ෂක බුද්ධියට හරවත් යමක් නොදෙන බව පෙනේ. මෙගා වුවත් එමඟින් ප්‍රේක්ෂකයන්ට යමක් ලැබේ නම් ප්‍රශ්නයක් නැත. දූ දරුවෝ, අසල්වැසියෝ වැනි ටෙලි නාට්‍ය කොතරම් දිග වුවත් අදටත් ඒවා රසවත් නාට්‍ය ලෙස සැලකේ. එහෙයින් මෙගා වුණත් ප්‍රමිතියකින් යුතුව නිර්මාණය කිරීමට අදාළ නිර්මාණකරුවන් සැලකිල්ලට ගත යුතුයි. මාතලේ ධර්මා ඒකනායක විශ්‍රාම ලත් පරිපාලන නිලධාරි
නියම සුදුස්සාජාතික රූපවාහිනියේ නව සභාපතිතුමන්ට තමන්ගේ වගකීම හොඳින් ඉටු කිරීමට ආශිර්වාද කරමි. ඔහු තමයි ඒ පුටුවට නියම සුදුස්සා. හේමා වල්පොළ
අභාවයටචිත්රපට ශාලා නැති ඈත ප්‍රදේශවලට ගලවා රැගෙන ගොස් සවි කළ හැකි ඉටි රෙදිවලින් තැනූ සිනමා කූඩාරම් එදා භාවිත විය. ලංකාවේ මුල්ම කූඩාරම ආරම්භ වූයේ නිහඬ බටහිර චිත්‍රපට වෙනුවෙනි. කූඩාරම් සිනමා සමාගම් කිහිපයක් මුල් කළ තිබිණ. ඉම්පීරියල් එවැනි දේශීය සමාගමකි. සිංහල චිත්‍රපට සඳහා මුලින්ම සිනමා කූඩාරම ආරම්භ කළේ සිරිසේන විමලවීරයි.
ඔහුගේ පළමු චිත්‍රපටය වූ අම්මා පෙන් වූයේ සෙන්ට්‍රල් සිනමාහලේ පමණි. ඉන් පසු
කූඩාරම් තුනක් මිලදී ගත් විමලවීර රට වටා කලින් කළ ඔහුගේ චිත්‍රපට කූඩාරම්වලින්
ප්‍රදර්ශනය කර වීය. පසු කළ සිංහල සිනමාවේ ප්‍රකට නළුවකු වූ ජෝ අබේවික්‍රම විමලවිරගේ
සිනමා කූඩාරමේ මත කටයුතු කළ අයෙකි. 1950 න් පසු ක්‍රම ක්‍රමයෙන් සිනමා කූඩාරම්
අභාවයට ගියේ රට පුරා සිනමා ශාලා විහිදී ගිය බැවිනි. වත්තේගම හිටපු කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. ජයවර්ධන
එහෙම නැත්තේ ඇයි?අමීර් ඛාන්ගේ පී. කේ. චිත්‍රපටය තමයි මං නරඹපු ලස්සනම ෆිල්ම් එක. ඇයි එවැනි චිත්‍රපට ලංකාවේ හැදෙන්නේ නැත්තේ. නිමේෂා මහර
කලා ලොව, කලාකරුවන් පිළිබඳ ඔබට දැනෙන දේ ක්ෂණිකව කෙටි පණිවුඩ මඟින් ප්‍රතිචාර පිටුවට එවන්න. තැපැල් පත් හෝ සටහන් පත් මඟින් ප්‍රතිචාර එවනවා නම් ‘ප්‍රතිචාර’ සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය විවෘතව පවතියි.
S.M.S
හේමාල් රණසිංහ අයියේ අපි ඔයාට ගොඩක් කැමැතියි. ඒ වගේම ඔබට ගොඩක් ආදරෙයි. අයියා ගොඩක් නිහතමානියි, කිසි ආඩම්බරයක් නැහැ. මම ඔයාට කෝල් කරන සෑම වෙලාවකම ඔයා ආන්ස්වර් කරනවා, මැසේජ්වලටත් රිප්ලයි දානවා.
ආශික් මාවරමණ්ඩිය
සත්පියවරු වගේ නාට්‍ය වැඩිපුර පෙන්වන්න. ළමුන්ට දාමරික ටෙලි නාට්‍ය නරඹන්න දෙන්න එපා. ඒවා බලා දරුවන් ලොකු මිනිසුන් වෙලා කරන්නෙත් ඒ වාගේ වැඩම තමයි. කමල් අහංගම
නන්දා මාලිනියගේ රන් හඬින් ගැයූ ළමා ගී සංයුක්ත තැටියක් එළි දක්වනවා නම් එය කාලෝචිත ක්‍රියාවකි. සපුමල් සේනරත්න කලුතර
කෝ මාර්ක් නෝ මාර්ක් බලන් ඉන්න බැහැ. මේවා චිත්‍රපට ද? වසන්ත කඩුගන්නාව
අප රටට බිහි වූ විශිෂ්ට ගායන ශිල්පියකු ලෙස ජෝතිපාලයන්ව හඳුන්වා දිය හැකිය. ඔහු ජීවත්ව සිටි කාලයේදී නිසි ඇගයීමකට ලක් නොවීම කනගාටුදායකය. සිරිපාල කටුනේරිය
අතුල සමිතා යුග ගී ගයනවා සේම නැවතත් එකට යුග ජීවිතය ගෙවනවා නම් අපි ආසයි. කමන්ති වාද්දුව
චාතුර්යා නාට්‍ය ආයෙත් පෙන්වනවා නම් කොතරම් අගේද. එහි රොජර් නයනා යුවළ රඟපෑ අයුරු තවමත් අපට මතකයි. ලක්මාලි වරකපොළ
ප්‍රගීත් මාදිවෙල
සුසිලා කෝට්ටගේ නැන්දව මං පන්සලකදී දැක්කා. ඇගේ මුහුණයි කකුලයි ටිකක් තුවාල වෙලා තිබුණේ. මම ඇයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. සංජය වරකපොළ
ජාතික රූපවාහිනියේ විකාශය වන ප්‍රිස්න් බ්‍රේන් කතා මාලාව නම් නියමයි. අන්න ඒවට තමයි නාට්‍ය කියන්නේ. ප්‍රිසන් බ්‍රේන් අතරමග නතර නොකොට දිගටම විකාශය කරන්න. ශාලිකා දෙහිඕවිට
සෝනියා දිසා, ඔබ යළි පැමිණීම සිනමාවට මෙන්ම සිනමාලෝලී අපට ද ජීවයකි. ඔබට ජය හා සතුට ලැබේවා. සුමිත් වීරක්කොඩි හොරණ
ජැක්සන්, ශ්‍රියන්ත
|




දුලානි අනුරාධා අක්කේ, ඔබ තමයි අපේ අනාගත නිළි රැජන.
