|
නාමල් වෙනුවෙන් එකතු වෙමු
සමු ගන්නේ නෑ - වෙන් වන්නේ නෑ ලක්ෂ සියයක මුදලට ඔබේ ආධාරය අවශ්‍යයි
මේ පුවත ඇසූ, දුටු නාමල්ගේ සුවහසක් රසික, රසිකාවන් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා හැකි පමණින් උදවු උපකාර කරන්නට උත්සුක වුණේ හදවතින්මයි. ඒත් දෛවය නාමල්ට දවසින් දවස අකීකරු වෙමින් ඔහුගේ රෝගී තත්ත්වය තවත් උත්සන්න කළේ ඒ ආදරණීය බලාපොරොත්තු, අවිහිංසක ප්‍රාර්ථනා බිඳ දමමින්. මේ වන විටත් නාමල් ඉන්නේ ඉතාමත් අසාධ්‍ය තත්ත්වයක. ඉන්දියාවේ, චෙන්නයි හි පෞද්ගලික රෝහලක තමයි ඔහුගේ ශල්‍යකර්මය කරන්නට නියමිතව තිබෙන්නේ. ඒත් මේසා විශාල මුදලක් හදිසියේ සොය ගැනීම ඔහුගේ පවුලේ උදවියට හා හිත මිතුරන්ට ලොකු ගැටලුවක් වෙලා. රැය පහන් වන තුරු සිය දහස් ගණන් වේදිකාවල නිදි වරා ඔබ පින වූ මේ ආදරණීය ගායන ශිල්පියා අද ඉන්නේ කතා කර ගන්නවත් බැරි තත්ත්වයක. ඔහුගේ වේදනාබර දෑස දකින ඕනෑම කෙනෙකුගේ නෙතු අගට කඳුලැල්ලක් මෝදු වෙන තරමටම ඒ දසුන සංවේදියි. මොහොතක පමාවක් වුණත් නාමල්ගේ ජීවත්වීමේ අයිතියට ලොකු අවදානමක්, අභියෝගයක් එක්කර ඉවරයි මේ වෙන කොට. ඒත් තවම ඔබ ප්‍රමාද නැහැ. ඔබේ පුංචිම පුංචි උදව්වත් මේ වෙලාවේ ඒ ආදරණීය ශිල්පියාට මහ මෙරක් වගේ.
නාමල්ගේ දයාබර බිරිය ජනප්‍රිය නිළි රුවන්ති මංගලා ඇතුළු ඥාතීන් මෙන්ම සිය සහෝදර ගායන ශිල්පියාගේ ජීවිතය බේරා ගන්න මධුමාදව අරවින්ද ඇතුළු විශාල කලාකරුවන් පිරිසක් මේ වෙන කොටත් ලොකු මෙහෙයුමක් දියත් කරලා. ඊට දායක වන්න ඔබටත් පුළුවන්, ඔබට හැකි අයුරින්. වැඩි විස්තර දැනගගන්න 0777635565 යන මධුමාදවගේ මේ ජංගම දුරකථන අංකය ඔබට ඕනෑම මොහොතක විවෘතයි.
Outstanding song Creator's Association, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ඉහත සඳහන් ගිණුමට ඔබේ මුදල් පරිත්‍යාගයන් යොමු කළ හැකියි.
|