වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




විජය මියුරු ගී

විජය මියුරු ගී

විජය 28 වැනි අනුස්මරණය වෙනුවනි

සැරයටියෙන් අපි යනෙන තුරා

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමු ගන්නාදා
ඒ ගමනත් අපි එකට යමු

ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙනසේ
පමණක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කළ එළෙඹෙන දා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමන්
පතනෙමු සසරින් නික්මෙනදා

සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

ගායනය - විජය කුමාරණතුංග සමඟ චන්ද්‍රලේඛා පෙරේරා

ජීවන සුවඳක

ජීවන සුවඳක මිහිර දැනෙයි
හදවත රහසක් කොඳුරයි නම්
සමනල තටුවක මා එල්ලී
ඔබ වෙත පියඹන්නම්
රහස මම ඔබටම කොඳුරන්නම්

තරු මල් දහසක් පිපෙන පැයේ
කොවුලෙක් හඬලයි හැඟුම් රැයේ
ළාහිරු එළියෙන් පාර සොයාගෙන
සුසුමක් වී ඔබ වෙත එන්නම්

මුව මීවිත හද බඳුන පුරා
පුරවා ලනු රැය ගෙවෙන තුරා
සියුමැලි පහසක් මතකෙහි රඳවා
සුසුමක් වී ඔබ සිප ගන්නම්

එක වරක් ඔබට මා

එක වරක් ඔබට මා එපා නම්
සිය දහස් වාරයක් එපා මට
ඔබ එපා

මම මගේ පාඩුවේ
අඬ අඬා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ
මිණි කිරුළ පලඳින්න

ඔබේ හද පහුරු ගා
වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩ දෙන්න

මිණි කිංකිණි හඬ

මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ
කළුවර කතරේ කඳු වැටි මානේ
දුක් ගී රාවේ සවනට වෑහේ
සුදු මැණිකේ
මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ

පාළුවේ පාවී හපුතල් කන්දේ
කුර හඬ නැඟුණේ මේ දිගු ගමනේ
තව දුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මානේ මේ දුර නෑහේ

සීපදේ රාවේ සියොළඟ සසැලේ
ඔබෙ සිත සැඟවේ දාහය උතුරා
උණුසුම ඔබගේ සිරුරේ දැවටේ
නෑ හිරු පායන්නේ නෑ මට ආයේ

ආදරයක හැඟුමන්

ආදරයක හැඟුමන් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හද ඔබ හමු වුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

දෙමාපියන් සොහොයුරන් වෙතී
හද පිරි ආදාරේ නිමක් නැතිී
එහෙත් ඔයා මගේ අනාගතේ
මිහිර ගෙනෙවිය හැඟුම් සිතේ

මදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී
මා හද තුළ මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමන් උපදී

ගායනය - මාලිනී බුලත්සිංහල සමග

ඔරු කඳ පාවී

ඔරු කඳ පාවී දියඹට යාවී
සීතල මාරුතයේ
රළ පෙරළී විසිරී පාවී යාවී
සිතුවිලි සාගරයේ
හෝ හෝ හෝ හෝ හෝ හෝ

මේ රුදුරු සාගරයේ
මා දුටු මාරුතයේ
මාවත කොතැනදෝ
ජීවන නෞකාවේ

පාළුව තනිය නිවා
දෑසම සිහින මවා
නැවතුම කෙදිනක දෝ
ප්‍රාර්ථනා වෙරළේ

බලන්න අරුණ සමඟ

බලන්න බලන්න අරුණ සමඟ ලොවක පිපෙන බඹරු ගණන
බලන්න මලක නොරැඳි මලට රොනට බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙනෙන
බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න

යුගෙන් යුගය සතුට සැපත සොයා සොයා
මිනිස් මොළය අහස පොළොව අබිබවා ගියා
මලින් මලට ඇදෙන බඹරු නොදැක ඇසි පියා
බලන්න බඹර තුඩක මලක රහස

කොහෙන් පැමිණ කොහේ යම් ද දන්නේ නෑ
එදා හොඳට මෙදා හොඳට පැති නොදන්නේ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නේ නෑ
සොයන්න මොට ද නොතිර ලොවක රහස

පුංචි කාලේ ගෙවුණු තාලේ

පුංචි කාලේ ගෙවුණු තාලේ ආයේමත් සිහිවේ
අපගේ බාලේ සෙනෙහේ දාහේ
නෑ තවත් බිඳුණේ

ඔබගේ දෑතේ එතිලා ආයේ නැළවිය මා අයියේ
දෑස වාගේ සැමදා මා
ඔබ ළඟමයි ඉන්නේ

වී කරල් පැසණා මී මලුත් පිපුණා
වෙල් එළි මැද දුවලා බාලයම ගෙවුණා
සොයුරේ පෙර දිනේ ඒ සිනා සිහිවේ

දෑසමන් වෙළලා මාලයක් ගොතලා
අයියණ්ඩිගේ ගෙල ලා මා වඩා සිටියා
නැගණී පෙර දිනේ ඒ සිනා සිහිවේ

උපන් බිමට කිසිදා

උපන් බිමට කිසිදා ගරහන්න එපා
දෙමාපියන් අමතක කරලන්න එපා
සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා
ගස සිඳුවා හිස සිඳවා ගන්න එපා

හැදූ මවයි මිහිකතයි සමයි සිතාපන්නේ
පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ
පිරී සඳේ ගහ කොළේ් උදාර වූ මහ කැලේ
මනිස් අපේ උපතේ මුලයි සිතාපන්නේ

අහස උසට වැඩෙනා ගසක් බලාපන්නේ
මවක් ලෙසට කරුණා ගුණේ පතුරුවන්නේ
පොරෝ තලේ ටැක්ටරේ යොමා බිම හෙළන්නේ
මවක් ලෙසින් සැලකූ ගසයි සිතාපන්නේ

ගායනය - මාලිනී බුලත්සිංහල සමඟ

සිනාවකින් පුතුගේ මුවින්

සිනාවකින් පුතුගේ මුවින් ඉහේ මලක් පිපී ගියේ
බාලොලිලන් බාලලියේ පායන පුන් සඳ එළියේ
බාලොලිලන් පුතුනේ මසිත නිවන පුතුනේ
බාලොලිලන් පුතුනේ බාලොලිලන් පුතුනේ

කාන්තාරයෙන් ඉපදුන සම්පත දිය දහර ඔබයි
රත්තරං පුතේ හිනැහෙනු රත්තරං පුතේ
රත්තරං පුතේ
රන් ගිරකින් රන් තැටියේ සඳ එළියෙන් සතුට ගෙනේ
මගේ පැතුම් ලොවම ඔබයි රත්තරං පුතේ
රත්තරං පුතේ

අඳුරු ලොවින් සඳ මතු වී බිළිඳු සිනා දකින වෙලේ
පුරුදු කුරුලු ගී නිහඬයි පුතුට සඳුන් සෙමෙර සැලේ
බාලොලිලන් පුතුනේ මසිත නිවන පුතුනේ
බාලෙලිලන් පුතුනේ බාලොලිලන් පුතුනේ

ගායනය - දමයන්ති ජයසූරිය සමඟ

කවුළුව අතරින්

කවුළුව අතරින් සඳ රැස් එනවා
පොල් අතු වහලින් පිනි බේරෙනවා
සොඳුරිය මාගේ පුංචි පුතා මා
උකුලේ තියා නළවනවා

අඳුරුය පාළුය නිසලය මේ රැය
සීතල සුළඟ ද ඒය හමා
වවුලන් ඉගිලෙයි දොරකඩ අරඹේ
බකමූණෙකු ඉඳ නද දෙනවා

සොඳුරිය මුමුණන නැළවිලි ගීතය
සුරඟන ගීතය පරදනවා

අඟහිඟකම් මැද ආදරේ පොදි බැඳ
අපි එක් වුණ හැටි සිහි වෙනවා
දින දින ගිලිහෙන දහසක් පැතුමන්
අතරේ සෙනෙහස ලියලනවා
අප අතරට වන් පොඩි පුත බැඳි දම්
දිවි සටනට දිරි ගෙන දෙනවා

සොඳුරියගේ දොයි දොයි හඬ නෑ දැන්
නිදිමත වී හිස බර වෙනවා
ගේ දොර වැඩපල හිරිහැර කරදර
මා හින්දා ඈ ඉවසනවා
නිදියනු සොඳුරිය නිදියනු මා පුත
දෙවියෝ මට ඔබ රැක දෙනවා

ඈත එහා ඔබ සිටිනා

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ සුවඳ අමා
මගේ හදේ ලියැවී තියෙනා
කැකුළ පිපේයා සුවඳ අමා

ඈත එහා ඔබ සිටිනා
සිතක සිනා ඒ මහද සලා
මගේ හදේ සිර වී තියෙනා
හැඟුම් ගලා යා ඔබම සොයා

පියඹා එන්නට අවසර දෙනු මැන
ළං වී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහින ලොවින් හෝ සැබෑ කරනු මැන

ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟ වී
උණුසුම් සුසුමන් නිවා හරින්නම්

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා සමඟ

වන සපුමල් පිපෙන

වන සපුමල් පිපෙන වන රොදේ
ජීවිතයේ සුවඳ විජිතයේ
ඔබ හමුවන්නට මා ආවේ
දුරින් සැඟව මේ වන ගහනේ
ගහ කොළ මල් සෙවණැලි අතරේ
වැතිරෙමු අප පිනිකැට යහනේ

කුරිරු සිතින් දළ තුඩ ඇන
අප රිදවන කිසිවකු නැත
බොරු හසරැලි මල් ගොමු යට
හිස සඟවන කිසිවකු නැත

පෙමට නිවන් මඟ සලසන
වනගහණය සිත සුවදෙන
ඔබෙත් මගෙත් හිත හඳුණන
කුරුලු ගීත අසනු මැනවි

රූස්ස ගහ ළඟ

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපොළ
සිහින නගරයකි ඔබ මා වෙන් කළ

පාරුව පෙර මෙන් ගඟ ළඟ පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
ඡායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුණා

වලාකුළක් ගෙන

වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ
රත් වුණු වැලි කැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ

වතුර මලෙන් නා දොළ අමතක කර
දූලි සුළං විඳ වෙල අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අබියසට යමු අපි සුරපුර

නගර දනව් මැද සුවිසල් මන්දිර
අතර උපන් රට නොරටින් ළං කර
පඳුරු පතොක් කටු අතගා උල් කර
විනෝද වෙමු අපි ලේ මස් දිය කර

රන් දහඩිය විකුණාලා

රන් දහඩිය විකුණාලා
රන් කහවුණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා

ළසෝ තැවුල් දුක් නිවන්න
සහරාවේ දකින සිහින
මව්බිමේදී සැබෑ කෙරේවී
පිළිසරණක් නැතිව දුකින්
මං මුලාව උතුරන්නට
වාසනාව ළඟා කෙරේවි

යළි උපදින හෙට දවසේ
දුක දොම්නස උරුම නොවේ
සතුට සිනා ගඟ උතුරාවී
සත් මහලින් බැඳි මාළිග
ඉදි නොවෙතත් අපේ ලොවේ
අඳුරු සිතට එළිය වැටේවී