|
ළඟදීම එන චිත්රපටයක්ගැහැණුන් දෙදෙනෙකු රැවටු ඩඩ්ලිගේ ඉරණමලැන්ටින් සිංඤ්ඤෝ
සමදරා යහනේ හාන්සි වී උන්නේ තෝන්තුවෙනි. අලුයම උදා වී හෝරා කිහිපයක් ගෙවී ගිය වග දත් නමුදු වෙනදා මෙන් නැඟී සිටින්නට තරම් ශක්තියක් ඇගේ සිතේ වූයේ නැත. මොකක්දෝ කම්මැලිකමක් සිය ගත වෙලාගෙන ඇති වග නම් ඇයට සක්සුදක් සේ පැහැදිලිය. ඩඩ්ලි නොමැතිව ගෙවුණු කාල සීමාව හරියට අද ඊයේ මෙන්ය. ඇය තව තවත් කොට්ටය බදා ගත්තේ ඊට තුරුලු වෙමිනි. විවර කරන ලද කවුළුවෙන් යහන මත පතිත වන හිරුගේ කිරණ සමදරාගේ අපිළිවෙළකට විහිද ගිය නිදන ගවුම මතට වැටී තිබෙන්නේ අලුත් රටාවක් මවමින්ය. ඕ යහන මත ඉඳගෙනම අවට සිදුවන දෙයට ඇහුම්කන් දුන්නාය. මෙහෙකාරිය මිදුල අමදින ස්වරය ඇගේ සවනත වැකුණි. මුළු පරිසරයේම වූ නිහඬතාව බිඳුණේ ඇය මිදුල අවදින ස්වරයෙනි. ටික වේලාවකට පෙර ඇය සමදරාගේ යහන අසල තබා ගිය වතුර වීදුරුව තවමත් එහෙමමය. ‘තවත් නම් ඇඳට වෙලා ඉන්න බෑ’ සමදරා නැඟිට්ටේ තමාටම කොඳුරමිනි. අලුත් ඇඳුමක් ඇඟලා ගත් ඇය වතුර වීදුරුව අතට ගත්තේ දිගු කල්පනාවක නිරත වන අතරතුරය. ‘නෝනා . . . නෝනා . . .’ මෙහෙකාරියගේ කෑ ගැසීමත් සමඟ ඇය කලබල වූවාය. ‘නෝනා ඉක්මනට එළියට එන්න. ඩඩ්ලි මත්තයා ඇවිත්, නොකියම යන්න හදනවා’ නොසිතූ මොහොතක ඇසුනු ඒ වදන ඔස්සේ නිදන කාමරයෙන් එළියට පැමිණි ඕ මෙහෙකාරිය දෙස බලා සිටියේ විමතියෙනි. ‘කොහෙද ඉන්නේ?’ සමදරා මෙහෙකාරියගෙන් විමසුවාය. අදහාගත නොහැකි පණිවුඩයක් ලැබණු කලෙක මෙන් කලකට පසුව නිවෙස වෙත පැමිණි සැමියා පිළිබඳ ලෝබකමකින් ඇගේ සිත පිරී ඉතිරී ගියාය. සැනෙකින් ඇය, මෙහෙකාරිය සමඟ ඩඩ්ලි සොයා ගියේ ඔහුව කෙසේ හෝ නතර කර ගත යුතුය යන සිතුවිල්ල පෙරදැරිවය. එක්වරම ඇය දුව ගොස් ඩඩ්ලි බදා ගත්තාය. ඒ කාලයකට පෙර ඇයව අතහැර ගිය ඔහුගේ පහස විඳින්නටය. ‘මේ ඔයාමද?’ ඩඩ්ලිගේ යම් වෙනසක් තිබෙන වග ඇයට වැටහෙයි. ආපසු පැමිණ ඇත්තේ ඕ හා විවාහ වූ පසුව විසූ ඩඩ්ලි නම් නොවේ. ‘ආයෙත් මම ඔයාට යන්න දෙන්නේ නෑ’ ඩඩ්ලිගේ අතින් අල්ලා ගත් සමදරා, ඔහුව බලහත්කාරයෙන් මෙන් නිවෙස ඇතුළට ඇදගෙන ගියාය. කලක් තමා හා ජීවිතය බෙදා ගත් ඩඩ්ලිට කුමක් වූයේදැයි සමදරා කල්පනාවට වැටුණාය. ඔහුගේ කතාබහ මෙන්ම හැසිරීම ද වෙනස් වී ඇත්තේ පුදුම සහගත අයුරෙනි. ‘අර ගෑනි දුන්න ඉනා බේතක්වත් විෂ වෙලා ද මේ මනුස්සයාගේ ඔළුව හොඳ නැති වගක් පෙන්වන්නේ’. ඇය තමාටම කොඳුරා ගත්තේ මේ සඳහා කුමක් හෝ කළ යුතුය යන සිතුවිල්ලේ රැඳෙමිනි. ඩඩ්ලි රෝගියෙකි. ඔහුව බලා ගත යුතතේ පරිස්සමෙනි. කුමන වරදක් කළ ද ඔහු ඇගේ කසාද ස්වාමි පුරුෂයායි. ඔහුව සුවපත් කර ගැනීමට සමදරා ගත්තේ සුළුපටු වෙහෙසක් නොවේ. රෝෂනී රෝහලට පිවිසියේ වෛද්‍යවරයා හමුවීමටය. එක් වරම ඇගේ දෙනෙතට හසු වූයේ ඩඩ්ලිගේ රුවයි. ඇය ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. ‘මෙයා තනියම ද හොස්පිටල් එකට ඇවිත් තියෙන්නේ?’ රෝෂනී ඩඩ්ලි අසලට ළං වත්ම දුටු දෙයින් තුෂ්නිම්භූත වූවාය. ‘එතකොට කවුද මේ ගෑනි?’ ඈ දෙනෙත මඳකට හෝ අහකට නොගත්තේ එසේ සිතමිනි. ‘ඩඩ්ලිට පේන්න ඉන්න ඕනෑ’ එනමුදු තමා නොදැක්කා සේ සිටින මේ මිනිසා කොපමණ බොරුකාරයෙක් වන්නට ඇත්දැයි රෝෂනී සිතුවාය. ඇය කල්පනා කළේ තම හොඳම මිතුරිය වූ පිලොමිනාට මේ කාරණය කිව යුතුද? නැද්ද? යන්නය. ඇය අතීතය සිහිපත් කළාය. තම මිතුරිය මේ මිනිසාට වශිකෘතව සිටි අන්දම සිහිපත් වන විට ඉදිරියේ කුමක් වේදැයි කාට නම් කිව හැකිද? රෝෂනී පිලෝමිනාව මුණ ගැසීමට ගියේ දෙගිඩියාවෙනි. පිලොමිනා සිය පණ හා සමාන මිතුරිය දුටුවේ දින කිහිපයකට පසුවය. ව්‍යාපාර කටයුතු නිසා කාර්යබහුලව උන් ඇය රෝෂනීව උණුසුම් අයුරෙන් පිළිගත්තාය. ‘ඉතිං . . . ඉතිං . . .’ පිලොමිනා දිගු කතාවකට මුල පුරන්නට මෙන් සිය යෙහෙළිය දෙස බැලුවාය. ව්‍යාපාර කටයුතුත්, පෞද්ගලික කටයුතුත් අතර වූ කාර්යබහුල බව පිළිබඳ කතාබහ කළ ඕ යෙහෙළියට සංග්‍රහ කර විමසුම් සහගත බැල්මක් හෙළුවාය. ‘මොකද අද එක විදියක්?’ පිලොමිනා පැවසූයේ රෝෂනීගේ සුපුරුදු කතාබහේ වෙනසක් දුටු හෙයිනි. රෝෂනී සිය යෙහෙළියගේ උවන දෙස බලා ඉවත බලා ගත්තේ ඇගේ සිතේ ගැටලුකාරී බව තව තවත් වර්ධනය වන අයුරිනි. ‘ඇයි අද ඩඩ්ලි පේන්නේ නැත්තේ?’ සිය මිතුරියගේ ප්රශ්නය මඟ හරමින් රෝ්ෂනී විමසා සිටියාය. ‘මම අද ඔයාව මුණ ගැහෙන්න ආවේ වැදගත් වැඩකට. මේ කියන කාරණය ඔයා පිළිගන්නේ නැහැ කියලත් මම දන්නවා’ රෝෂනී තම ඉලක්කයට පිවිසීම ඇරැඹූයේ එලෙසය. සිය යෙහෙළිය කියන්නට යන්නේ කුමක්දැයි සිතා ගත නොහැකි වූ පිලොමිනා දෙබැම රැළි කළේ ඒ පිළිබඳ කිසිවක් නොදන්නවා යන වග අඟවන්නටය. ‘පසුගිය දවසක මම ඩඩ්ලිව දැක්කා වෙන ගැහැනියෙක් එක්ක ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේදී’ කිවයුත්ත කෙළින්ම කියන්නට රෝෂනී පසුබට නොවූවාය. එහෙත් පිලොමිනාගේ මුවඟට නැඟුණේ සිනහවකි. ඉන් පැවසුණේ රෝෂනීගේ අදහස ඇය පිළිනොගන්නා බවකි. ‘එහෙම නම් මෙන්න මේක බලනවා’ නිරෝෂනී පැවසූවේ තමා ළඟ සඟවා වුන් අන්තිම සාධකය ද මිතුරියට පෙන්වමිනි. කැමරාවේ සටහන් රූප පෙළ දැකීමෙන් පසුව නම් පිලොමිනාගේ උවනින් පළ වූ වියරු සහගත බව කිසිදු දිනෙක රෝෂනීට අමතක කළ හැකි නොවේ. ‘මම ඔය මිනිහව මරනවා’ තර්ජනය කළ ද ඈ අසල සිටියේ රෝෂනී පමණි. ඩඩ්ලි ගැහැනු දෙදෙනෙක් රැවට්ටූ කෙනෙක්ද? එහෙම නම් ඩඩ්ලිගේ ඉරණම කෙලෙස විසඳෙයිද? සමදරාට කුමක් වේද? අරුණ මහේන්ද්‍රගේ ‘ලැන්ටින් සිංඤ්ඤෝ’ චිත්‍රපටය මීට පිළිතුරු ළඟදීම ඔබට කියනු ඇත. නළු නිළි පිරිස - ආනන්ද වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, කුමාර තිරිමාදුර, නන්දන හෙට්ටිආරච්චි, දිල්හානි ඒකනායක,මානෙල් වානගුරු, සනෝජා බිබිලේ, මැණිකේ අත්තනායක, ඉන්දික දේශප්‍රිය, අනුර බංඩාර රාජගුරු, බුද්ධි වික්‍රම, ඩී. බී. ගංගොඩතැන්න, ටෙඩී විද්‍යාලංකාර, ශනුද්‍රි ප්‍රියසාද්, ගයත්‍රි ඩයස්, චංචලා වර්ණසූරිය, දුලීකා මාරපන, මල්කුමාරි ගීතරාණි, ගිරිරාජ් කෞෂල්‍ය, දීපාල් සිල්වා, රොනී ලීච්, මොහාන් හෙට්ටිආරච්චි, අසංක පෙරේරා කතාව, තිර නාටකය සහ ගීත රචනය - කේ. ඩී. නික්ලස් සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම ගීත ගායනා - ඉෂාක් බෙග්, අමිත් වල්පොල,ප්‍රියංකර පෙරේරා, දේශප්‍රිය වික්‍රමසිංහ, කීර්ති පැස්කුවෙල්, රොනී ලීච්, සුප්‍රියා අබේසේකර, කලාවතී කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත වෙස් ගැන්වීම් සහ කොණ්ඩා සැරසිලි - මනෝ සෙල්වරාජ් නැටුම් අධ්‍යක්ෂණය - ශංඛ ප්‍රසාද් සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නිෂ්පාදන සම්බන්ධීකරණය - හේමප්රිය කණ්ඩම්බි ප්‍රදර්ශන සහ ප්‍රචාරණ සැලසුම් - දිනේෂ් මංගල පෙරේරා නාමාවලී සැකැස්ම - චාමර චතුරංග සංස්කරණ සේවා - Globai Mesh Solutions නිශාන්ත ප්‍රදීප් නිෂ්පාදන විධායක - ලයනල් ගුණරත්න හඬ ගැන්වීම, හඬ මුසුව සහ සහාය අධ්‍යක්ෂණය - ශසික රුවන් මාරසිංහ කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන සංස්කරණය - එම්. එස්. අලිමාන් නිෂ්පාදනය - හෂානි පෙරේරා අධ්‍යක්ෂණය - අරුණ මහේන්ද්‍ර |