වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




කැන්ගරු රටේ හදන චිත්‍රපටයක වැඩ අද ඇරැඹේ

කැන්ගරු රටේ හදන චිත්‍රපටයක වැඩ අද ඇරැඹේ

අද දිනයේ මොරටුව රන්මල් හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ආරම්භ වන නවතම සිනමාපටයක් සමඟින් තවත් අලුත් අධ්‍යක්ෂවරයෙක් සිනමාවට එක් වෙයි. ඔහු චාලක අනුරාධ ජයසිංහයි. චාලක පළමුවරට අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වනුයේ ආදර කතාවක් රැගත් සිනමාපටයකි. තවමත් එයට නමක් තබා නොමැත. සියලු රූගත කිරීම් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මෙහි රොෂාන් රණවන, සුරේෂ් ගමගේ, උදාරි වර්ණකුලසූරිය, රිතු ආකර්ෂා සමඟ හිරාන් යත්තෝවිට ප්‍රධාන චරිත මවනු ඇත.

චන්දන ජයසිංහ කැමරාව මෙහෙයවයි. ජීවන් හඳුන්නෙත්ති අංග රචනයෙන් ද, සුරේෂ් ගමගේ, උරේෂා රවිහාරි සමඟ ශානිකා මධුමාලි ගායනයෙන් ද මෙයට දායක වෙයි.

මෙම සිනමාපටය ශානිකා ජයසිංහ සහ සමන් ජයරත්නගේ නිෂ්පාදනයකි.